windows 10 පැමිනියේම windows 7 හා windows 8.1 වල සිට නොමිලේම ඉහලට කැඳවීමක් සමගිනි.  එමෙන්ම වඩාත් වේගවත් සරල දියුනු කිරීම් රාශියක් ‍රැගෙන එන්නට එය සමත්වීමද කැපී පෙනිනි. ප්‍රථිපලය වූවේ මෙහෙයුම් පද්ධතිය නිළ නිකුතුවෙන් පැය 24ක් වන විට එය භාවිතාවන  ප්‍රමානය මිලියන 14ක් ඉක්මවා තිබීමය. පලමු දින හත ගෙවෙන විට මිලියන 53 දක්වාත්, මෙම මාසය ආරම්භ වන විට මිලියන 110 දක්වාත් භාවිතයක් ලබා ගන්නට එය සමත්ව තිබිනි. ඊයේ දිනය වන විට නිකුත්වන වාර්ථා පවසන්නේ මේ වන විට සමස්ථ windows 10 භාවිතාව මිලියන 120 දක්වා ඉහල ගොස් ඇති බවකි.  Microsoft ආයතනයේ තම නව මෙහෙයුම් පද්ධතිය පිලිබදව ඉලක්කය වූවේ නිකුතුවෙන් පලමු වසර තුන අවසන් වන්නට පෙර ලොව පුරා භාවිතාව බිලියනය ඉක්මවා යාම විය. හදාරන්නන් පෙන්වා දෙන්නේ windows 10 ක්‍රමයෙන් තම ඉලක්ක දෙසට චලනය වෙමින් ඇති බවකි. නොවැම්බරයේ Windows 10 Threshold 2 update නිකුතුවක් බලපොරොත්තුවෙමින් ඇති අතර මොබයිල් සංස්කරනය දෙසැම්බරයට බලාපොරොත්තු වෙමින් ඇත. මීලග windows 10 ප්‍රධාන යාවත්කාලීන ගොනුව Windows Redstone update 2016දී බලාපොරොත්තු වෙමින් ඇත.