Microsoft වෙතින් windows 10 වෙතට Creators Update පැමිනෙන්නට ඇරබෙමින් ඇත. තවමත් භාවිතාකරන්නන් විසින් ආයාසයෙන් ලබා ගන්නා යාවත්කාලීනයක් ලෙසට Microaoft වෙබ් අඩවියෙන් මෙම යාවත්කාලීනය ලබා ගන්නට හැකි අතර නවතම දෘඩාංග වෙතට ස්වංක්‍රියව මෙම යාවත්කාලීනය පැමිනීම දැනට ආරම්භව ඇති බවටයි නිවේදනය වන්නේ. windows 10 සමග පැමිනි නවාංග අතර වැඩි අවධානයක් ලබා ගත් අංගයක් ලෙසට Edge බ්‍රවුසරය සඳහන් වෙන අතර ආයතනය පවසන්නේ එම බ්‍රවුසරයේ විශේෂතා අතර ජංගම උපාංගවලදී අඩු බැටරි බලයක් වැයවීම ප්‍රධාන තැනක් ගන්නා බවයි. Redmond company ආයතනය පවසන්නේ තමන් ප්‍රධාන තම බ්‍රවුසර තුනක් අතර එම බ්‍රවුසරයන් සමග බැටරි භාවිතයේ හැකියවන් ගනනග කිරීමෙන් ලබ ගත් වාර්ථාවක් මේ වන විට නිකුත්කරන්නට හැකිව තිබෙන බවයි. Anniversary Update සමග Surface Book laptops සමග Core i5-6300U processor, 8GB RAM, Intel HD 520 graphics card පරිසරයකදී මෙම අත්හදා බැලීම් සිදුකර ඇති බවටයි වාර්ථා වෙන්නේ. කෙසේ වෙතත් හරාරන්නන් පෙන්වා දෙන්නේ Chrome තවමත් බහුල භාවිතයේදී ඉදිරියෙන් සිටින අතර battery tests වලදී පමනක් නොව තවත් බොහෝ දියුනු කිරිම් ඔස්සේ ඉදිරියට පැමිනෙන්නට සිදුවනු ඇති බවයි. Creators Update වලදීද තම බ්‍රවුසරයේ බොහෝ දියුනු කීර්ම් සංයුත්තකර වන්නට තමන් ක්‍රියාකර ඇති බවටයි Microsoft ආයතනය මේ වන විටත් නිවෙදනය කර ඇත්තේ.
-siriwansa