Google ආයතනය තම Project Zero නම් ව්‍යාපෘතිය යටතේ හඳුනා ගෙන Microsoft වෙතට දැනුම් දී තිබියදීත් නිසි ලෙසට යාවත්කාලීන කර දමන්නට නොහැකි වූ Windows Vista වල සිට Windows 10 දක්ක්වාම වන GDI library වල වන දුර්වලතාවයක් පිලිබන්දව දැනුම් දී දින 90ක් ඉක්මවීමෙන් පසුව ප්‍රසිද්ධයේ ප්‍රකාශය පත්කර තිබෙනවා. තත්වය පැහැදිලි කරමින් Google ආයතනයේ ප්‍රකාශකයෙකු පවසන්නේ උපාංගයේ මතකය වෙතට පිවිසෙමින් තොරතුරු පැහැර ගැනීමකට අවස්ථාව දෙන මෙම දුර්වලතාවය සදහා Windows Vista Service Pack 2 වලට ඉහලින් වන මෙහෙයුම් පද්ධතියක් වෙතට භෞතිකව පරිහරනය කිරීමේ අවශ්‍යතාවය ලබා ගනිමින් පමනක් පහරදෙන්නෙකුට අවස්ථාව සලසන මුත් මින් පෙර මේ සදහා Microsoft වෙතින් නිකුත් කරන්නට යෙදුනු පිලිසකරය නිසි ලෙස ගැටලුව නිරාකරනය කර නොමැති බවට පැහැදිලි කරනවා.
මෙම මාසයට නියමිත මාසික යාවත්කාලීන නිකුතුවද තවමත් ප්‍රකාශයට පත්ව නොමැති අතර Microsoft ආයතනය නිවේදනය කර සිටියේ අවසන් මොහොතේ හඳුන අගත් දුරවල තාවයක් නිසාවෙන් නිකුතුව කල් දමන්නට සිදුවූ බවකි. පලවන සමහර වාර්ථා පවසන්නේ එලබෙන මාසයේ යාවත්කාලීන අඟහරුවාදා තෙක්ම මෙම ප්‍රමාදය පවතින්නට ඉඩ ඇති බවකි.