ඔබගේ ඉලේක්ට්‍රොනික අනන්‍යතාවය ‍රැකදෙන ප්‍රධාන සහයකයා ලෙසට තවමත් බහුලවතම භාවිතාව වන්නේ අවසරපදයය. ආරම්භයේදී ඉතාම සරලව එය භවිතාවූවද මේ වන විට සංකීර්නව තවත් පුදගලයෙකුට පමනක් නොව තවත් වැඩසටහන ඔස්සේ පවා උපකල්පනයට අපහසු ලෙසට අවසර පදයක් භාවිතාකිරීම සාමාන්‍ය අවශ්‍යතාවයකි. තත්වය වඩ වඩාත් සංකීර්න වෙත්ම two-factor authentication පැමිනි අතර අවසර පදයට අමතරව තම දුරකථනය ඔස්සේ එන ඒ ඒඅවස්ථාවට පමනක් භාවිතාකල හැකි අමතර අවසර පදයක් භාවිතාකිරීම එහිදී සිදුවිනි. එයද සංකීර්නව bypass කිරීමේ හැකියාව හදාරන්නන් පෙන්වා දෙමින් තිබෙනවා. මේ අතර Yahoo ආයතනය පවසන්නේ තමන් “On demand” ආකාරයේ අවසර පදයන් භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. එම ආයතනය තම නව හඳුන්වාදීම විස්තර කරන්නේ “the first step to eliminating passwords.” ලෙසටය. ආයතනය පවසන්නේ hard-to-crack ආකාරයේ දිගු මෙන්ම සංකීර්න මෙම අවසරපද භාවිතාව ක්‍රමයෙන් භාවිතාකරන්නන් අතරට ගෙන ඒම තම ඉලක්කය බවයි.