You Tube ආයතනය මේ වනවිට නිවේදනය කර සිටින්නේ එලබෙන මාස කිහිපය තුලදී  ‘YouTube TV’ සේවාව දියත් කරන්නට තමන් සූදානම් බවකි. ඇමරිකානු එක්සත් ජනපදය මුලිකව දියත්වන්නට නියමිත මෙම නව අංගය සදහා මාසිකව ඩොලර් 35ක සේවා ගාස්තුවක් යටතේ ගිනුම් පහක් දක්වා භාවිතයට ඉඩ සැලසෙනූ ඇති බවටයි නිවේදනය වන්නේ. ගිනුමක් විවෘත කරන්නෙකුට 40 networks දක්වා භාවිතාකරන්නට අවස්ථාව ලැබෙන අතර ඒවා අතර USA, FX, Freeform, ESPN, Fox Sports හා NBC Sports වැනි වඩසටහන් වන බවටයි විස්තර වන්නේ. අමතර වැඩ සටහන් අමතර ගෙවීමක් යටතේ ලබ ගන්නටද අවසර ලැබෙන බවට පවසන එම ආයතනය සීමාරහිතව තමන් කැමති වැඩසටහන් cloud “DVR” service යටතේ Cloud වෙතට කොපි කරන්නටද අවස්ථාව ද ලැබෙන බවට පැහැදිලි කෙරෙනවා. එසේම මෙම වැඩසටහන් Chromecast  අමග stream ආකාරයට භාවිතාකරන්නාගේ  PC, mobile devices, හෝ TV  වෙතටද ලබ දෙන්නට හැකිවනු ඇති බවටයි පැවසෙන්නේ. තවදුරටත් කියවෙන්නේ මෙම වැඩසටහන්  live හා on-demand streaming TV service  ලෙසටද වන බවයි.