ලොව බහුලතම භාවිතාවක් ලබන මෙහෙයුම් පද්ධතියක නව සංස්කරනයක් පැමිනීම සදහා කල් මනින මොහොතක අප සිටින්නෙමු. වඩාත් අපූරු තොරතුරු තාක්ෂන භාවිතාවකට සූදානම් වන්නන්ගේ සිට ඇමරිකානු නව වෙළඳ ආක්‍රමනයේ නව දවටනයකින් එන වඩාත් රහස් උපංක්‍රමශීලී තොරතුරු සොරා ගන්නා ක්‍රමවේදය දකින්නටද තවත් පිරිසක් සූදානමින් සිටී. මේ දෙ-අන්තයන්ම පිලිබදව විවෘත මනසක සිටීම හැර වෙනත් ප්‍රායෝගික විකල්පයක් මම නොදකිමි. මිනිස් දෙපා හැකියාවන්ට අනූව තම ගම ප්‍රධානව ගොඩ නැගුනු ජීවිත ආකෘතිමත තවමත් පවතින අප මනසකට එය භීතියක් වීම මෙන්ම තම ආධිපතය තහවුරුව වෙනුවෙන් අනකා බිලී ගන්නා සාමාන්‍ය සත්ව නීතිය තවමත් මිනිස් වර්ගයා අතර නෙක ස්වරූප ගනිමින් පැවතීම පිලිබදවද කනග‍ටුවක් ඇතිවේ.
තොරතුරු තාක්ශනය භාවිතාකරන්නාගේ ආකෘතියද ග්‍රාම්‍ය බව ඉක්මවන්නට අවශ්‍ය වන්නේ එය වලංගුවන වපසරිය විශාල බැවිනි. එය ඔබගේ පුද්ගල, සමජ, ආර්ථික මෙන්ම වෘතීය ජීවිතය වේගයෙන් විනිවිද යමින් එහි වන බහුතරයක් ක්‍රියාකාරකම් වේගයෙන් අත්පත් කර ගනිමින් සිටී. මෙම අත්පත් කර ගැනීම් වල වන වඩාත් කාර්යක්ශමතා මෙන්ම දුර්වලතාද නැතිවාම නොවීමේදී මෙම තත්වය වඩාත් වලංගුව පෙනෙන්නට ගනී.