සමාජ ජාලා භාවිතය අපූරු අත්දැකීමකි.දුර හා කාලය බාදකයන්ට අබ මල් රේනුවක වත් සමාවක් නොතබා දුර බැහැරක වෙසෙන හිතවතෙකු හා සබදතාවන් පවත් වන්නට , සම අදහස් දරන අයවලුන්ට බොහෝ දේ ගැන කථා බස් කරන්නට , දේශපාලනික වෙළඳ සමාජ සංවිධාන යන්ට තමන් පිලිබදව තොරතුරු සපයන්නට අපූරුතම ‍තෝතැන්නක් මේතුල නිර්මානය වී ඇත. අවාසනාවකට තත්වය මෙතැනින් අවසන් නොවෙයි. හානිකර භාවයන් පතුරන්නන් හටද තන හානිකර බව හදුනාගෙන ඉවත්කරන තෙක් හානිකර මතවාද , හානිකර මෘදුකාංග , පෞද්ගලික තොරතුරු සොරා ගැනීම් ආදී බොහෝ දේ සදහාද මෙම අවකශය විවෘතව ඇත.
හදාරන්නන් පවසන්නේ මෙම සමාජ ජාලා හරහා හානීන් කැදවා ගැනීමට භාවිතාකරන්නන්ගේ දුර්වලතා බොහෝ විට බලපාන බවකි.මෙම පදනම මත ඔවුන් භාවිතාකරන්නෙකු පිලිපැදිය යුතුයැයි යෝජනා කිහිපයක් ‍රැගෙන එයි. පලමුව ඔවුන් පවසන්නේ සමජ ජාලවක් යනු ඔබගේ පරිගනකයේ සීමාව නොවන බවයි.සැකසුම් වලින් සීමා කලද එහි රදවන දෑ බොහෝ විට අප අවසර නොදෙන බොහෝ අය වෙතට අත්පත්වීමේ අනතුර ඇත.ඒ නිසාම සමජ ජාලාව වෙත ඔබ රදවන දෑ පිලිබදව බෙහෙවින් සැලකිලිමත්වීම ඉතාවැදගත් වේ.පෞද්ගලිකත්වය සීමා රහිතව එයට විවරකිරීම අනතුරකට අත වැනීමක්ද විය හැක.
ඔබගේ අදහස් සමාජ ජාලාවක්තුලදී ඔබ සිතනවාට වඩා විශාල පිරිසක් වෙත විවෘතවේ. දේශපලනික ආගමික වැනි තලවදී මේ අදහස් දැක්වීම් ඔබට බෙහෙවින් අනතුරුදායක විය හැකි බවයි ඔවුන් පවසන්නේ.සමහර විටක විරුද්දවාදීන් වේගයෙන් ‍රැස්කරගන්නා කවුලුවක් බවට ඔබගේ සමාජ ජාලා ගිනුම පත්වීම අනවශ්‍ය කරදරයක් කැදවා ගැනීමක් විය හැක.
ඔබගේ වෘතිමය ජීවිතය වැනි තත්වයන් පිලිබදව වැඩි තොරතුරු හා නිතර තොරතුරු සපයන්නට යාම පිලිබදවද ඔවුන් අනතුරු අගවනවා. කාලාතුරකින් මෙම තොරතුරු සැපයීම් පදනම් කරගනිමින් නෛතික ක්‍රියාවලීන්ට එලබුනු ආයතන හිමිකරුවන් පිලිබදව පුවත් නැතුවාම නොවන බව අමතක නොකලයුතු බවටයි පවසන්නේ.
සමාජ ජාල භාවිතය ඇබ්බැහිවීමක අනතුර භාවිතාකරන්නා වෙත ‍රැගෙන එන කාරනයක්ද විය හැකි බවටයි පැවසෙන්නේ. දැනට එතරම් කථා බහකට ලක් නොවූවද ආයතනයන්හි කාර්යාල පැය කිහිපය තුල ෆේසුක් අඩවිය වෙත පිවිසීම සීමා කර තබන්නට සිදුවීම අමතක නොකල යුතු අත්දැකිමකි. සමහර විටක ඔබද ඔබගේ පාලනයෙන් තොරව සමාජ ජාලාවන්හි නෙක ගලායාම්වල සිරකරුවෙකු වීමේ අනතුරු ගැන සැලකිලි මත්වන්නට යැයි ඔවුන් පවසනවා.
විටක සීමාවන් ඉක්මවා ඡායාරූ පල කිරීම පිලිබදව ඔවුන් අනතුරු අගවනවා. වැඩිපුරම කාන්තාවන් වෙත උපදෙස් දෙන ඔවුන් පවසන්නේ බොහෝ විට තමාගේම ඡායාරූ සැම දිනකට වරක් පලකරන්නට පෙලබෙන විට ඔවුන් වෙත අනෙකුත් භාවිතාකරන්නන් ගේ අවදානය ඒතරම් යහපත් නොවන ලෙසට එල්ලවීමේ අනතුරු ගැන සැලකිලිමත් වන ලෙසටයි ඔවුන් පවසන්නේ.
– siriwansa