Facebook ආයතනයේ සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි කොටස් හිමියන් වෙතින් පලවෙමින් ඇති මෙම යෝජනාවට අනූව CEO හා chairman ලෙසට ද්විත්ව ධූර දැරීම ඔස්සේ එම ආයතනයේ කොටස් හිමියන්ගේ ඉලක්ක වෙතට සාර්ථක පිවිසුමක් සදහා වන බාදක බව ඔවුන්ගේ අදහස වෙමින් තිබෙනවා. මෑත කාලයේදී සිදුවූ ආයතනයේ කොටස් මිල පහත වැටීම මේ යෝජනාව සදහා වඩාත් ප්‍රධාන හේතුවක් වෙමින් තිබෙනවා. Facebook වල ද්විත්ව ආකාරයේ කොටස් හිමීත්ව ව්‍යහයට අනූව වැඩි බලයක් Mark Zuckerberg වෙතට වීම අනූව මෙම යෝජනාව පිලිබඳව එතරම් ධනාත්මක බවක් දැනට නොපෙනුනද සැලකිය යුතු අවධනයක් ලබන්නට එය සමත්ව ඇති බවට හෙලි වෙමින් තිබෙනවා. පසුගිය මැතිවරනයේදී තීරනාත්මක සාධකයක් ලෙසට Facebook වෙතින් සිදුවී ඇති කාර්යභාරය මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම සිදුවෙමින් ඇති අවධානය නිසා එම අඩවියේ ආරක්ෂිත හා විනයාත්මක බව ‍රැක ගැනීමට වැඩි ශ්‍රමයක් අවශ්‍ය වීම මෙන්ම මෑත කාලීනව වාර්ථාවූ කොටස් මිල පහත වැටීමද තත්වය වඩාත් තීරනාත්මක කරමින් තිබෙනවා.
– Pubudu Siriwansa