හදාරන්නන් පෙන්වා දෙන්නේ අද වන විට මෙම මෙම සුනඛයාගේ බහු රූපී ලෙසට වන විසර යෑම 500 ඉක්මවමින් ඇති බවකි. මින් අත්වන එක් වාසියක් වන්නේ තමන් සුනඛයෙකු ඇදිදැඩි කිරීමට තීරනය කිරීමේදී නෙක ගතිගුන වලින් හෙබි මෙම වර්ග වල වන පෙනුම, ගතිගුන අනූව තමන්ට වඩාත් ගැලපෙන විශේෂයක් තොරා ගැනිමට අවස්ථාව ලැබීමය. කුඩා මධ්‍යම හා විශාල ලෙසට පෙනු මෙන් මෙන්ම හුරුබුහුටි, රෞද්‍ර , ක්‍රියාශීලී වැනි බොහෝ තේරීම් අවස්ථාවන් ලැබීමය.
සුනඛ සුරතලෙකු ගෙන එන්නේ සතුට, විනෝදය, කාන්සිය මගහැරීම, ආරක්ෂාව වැනි මතුපිටින් පෙනෙන හැගෙන සහය පමනක් නොවනු ඇත. මානසික ආතතිය සදහා මෙවන් ඇසුරක් මනා පිලිතුරක් ලෙසට පැවසේ. කුඩා දරුවන් සිටින නිවෙසකදී ඔවුන්ට කුසලතා වර්ධනයට, පෞර්ශ වර්ධනයට පමනක් නොව ශරීර වර්ධනයටද සැලකිය යුතු ආකාරයේ සහයක් මෙම සුනඛ සුරතලුන් ගෙනෙන බව නවතම මතයකි. වඩාත් සංවේධී සතෙකු වන සුනඛයා ඇසුරේදී එම දරුවාටද දුක, සතුට, වේදනාව වැනි හැඟීම් හදුනා ගන්නට බෙද අහදා ගන්නට වන පුරුද්ද මනාව වර්ධනය වීම සිදුවන බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. එපමනක් නොව නිවස තුල පවුලේ සාමාජිකයන් සීමාවෙන් අතිශය ඔබ්බෙන් වන සාමාජිකයෙකු ලෙසට පවුලේ සතුට, සමගිය හා විනෝදය කෙරෙහිද මොවුන්ගෙන් වන සේවය මහත්ය.
හදාරන්නන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තම නිවස වෙතට සුරතලෙකු කැඳවා ගැනීමට තේරීමේදී මේ පිලිබඳව දනුමක් වන අයෙකුගේ සහය පැතීම ඉතා වැදගත් බවයි. ඔවුන්ගේ පෙනුම, වර්ණය, ප්‍රමානය වැනි සීමා ඉක්මවන සංකීර්න තේරීම් අවස්ථා බොහොමයක් එහි වේ. ඔවුන්ගේ ගතිගුන, වඩාත් ප්‍රවනතා ඒ අතර වනවා සේම නිවසකට කැඳවීමට තීර්නය කිරීමේදි පවුලේ සාමාජිකයන්ගේ එකගතාව මෙන්ම තම අසල්වැසි පරිසරය වෙතට සිදුවිය හැකි බලපෑම කෙරෙහි සැලකිලිමත් වීම වැදගත් වේ.