ලක් ඉතිහාසයේ සීතාවක රාජධානිය යනු ඉතා කෙටිකලක් පැවති මුත් දීප්තිමත් සටහනක් තබන ලද රාජයයක් ලෙසට පිලි ගැනේ. පෘතුගීසී ආක්‍රමනයන් හමුවේ මැද පෙරදී ලත් අති දරුනුතම පරාජයන් කැදවන්නට සීතාවක පලමු රාජ සිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුක් කටයුතු කල බවටයි ඉතිහාසය පවසා සිටින්නේ. අතීතයේ කීර්තිමත් මෙම රජදහන ආසන්නයේම වර්ථමානයේ පවතින නගරය වන්නේ අවිස්සාවේල්ල නගරය වන අතර මෙම නගරයේ නාමය නිර්මානය වීමේදී මෙම අතීතයට අයත් සිදුවීම් කිහිපයක් පාදකවී තිබිය හැකි බවටයි  විවිධ ජනශ්‍රැති හෙලිකර සිටින්නේ.
                            පෘතුගීසීන් වෙතට අනුග්‍රහය දක්වමින් සිටි ලාංකීය විවිධ ප්‍රභූවරු අතරට සීතාවක පලමුවන රාජසිංහ රජු මහත් අභියෝගයක්ව පැවති බැවින් ඔවුනගේ වහරට අනූව “දුෂ්ඨ” අයෙකු හදුන්වන “අවිසෝ” යන වදනත් ප්‍රදේශය යන්නට”වෙලා” යන  වදනත් ඇසුරින් “අවිස්සාවෙල්ල” යන නාමය නිර්මානය වූ බවටයි එක් මතයකට අනූව පිලිගැනෙන්නේ. එසේම වර්තමානයේ ශාන්ත මරියා පාසැල අසලින් වූ මාර්ගය පැරනි භාවිතාවේදී ඉදිකර තිබූ වෙල්ලක් නිරන්තරයෙන් ජල පහරල බිඳ වැටෙන්නට වූ බැවින් අවිස්වාස වේල්ල යන්න පසුව අවිස්සාවෙල්ල ලෙසට විවහාරයට පැමිනි බවට පැවසේ. මීට අමතරව උඩරට දෙවන රාජ සිංහ රජුගේ කාලයේ පෘතුගීසීන් හා ලන්දේසීන් හට වරින් වර රහසින් තොරතුරු සැපයූ රාජ්‍ය ද්‍රෝහීන් පිරිසක් මෙම අසලවූ වෙල්ලකට තබා මැටිගැසූ බවත් ඒ ඇසුරින් “අවිස්වාස අය මැටි ගැසූ වෙල්ල” නැතිනම් “අවිස්වාසයන්ගේ වෙල්ල”  පසුව “අවිස්සාවේල්ල” ලෙසට භාවිතයට පැමිනි බවටත් පිලි ගැනීමක් පවතී. කාල වකු වානු සැලකීමේදී 1850දී පමනසිට මෙම විවහාරය පැවති බවටයි හමුවන තොරතුරු පැහැදිලි කර සිටින්නේ