හතරවන පැරකුම් රජුගේ සිට කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා ඳළදා වංශය මගින් හෙලිවෙයි මහ වංශයෙන් හෙලි නොවන , කරුනක් වන දෙල්ගමුවට දළඳා වහන්සේ වැඩම වන ලද්දේ කවුරුන් විසින් කුමන හේතුවක් නිසාද යන කරුනු ඉතා පැහැදිලි ලෙස දළඳා වංශයේ සටහන් වීම සීතාවක යුගයේ ඓතිහාසික මූලාංශ්‍රයක් වශයෙන් දළඳා වංශයට විශේෂ ඉස්ථානයක් හිමිකර දෙන වැදගත් සිද්ධියකි. පරසතුරු වියැවුල් නිසා කෝට්ටේ රාජධානිය දළඳා වහන්සේට ආරක්ෂිත ස්ථානයක් නොවන බව තේරුම් ගත් “සියනෑ කෝරලේ හිරිපිටියේ දිවන රාල ” මායා දුන්නේ රජ දවස දළඳා වහන්සේ සීතාවක රාජධානියට වැඩම කල බවත් මායදුන්නේ රජ ඉමහත් සතුටට පැමින එය පිලිගෙන මහත් පුදකොට අනතුරුව සීතාවක රජධානියෙන් ගෙන ගොස් “වන දුර්ග, ගිරි දුර්ග” ආදියෙන් සුරක්ෂිත සපර ග්‍රාම රට දෙල්ගමුව විහාරයෙයි රම්‍ය වූ භූමි භාගයෙහි දළඳා මන්දිරයක් සාදා දළඳා සමිඳුන් වඩා ” දන්ත ධාතුව” ආරක්ශා කරනු පිනිස විධි විධාන යෙදූ බවත්, දළඳා වංශයෙහි සදහන් වේ.
සීතාවක රජුගේ නොමද ගෞරවයට පත් දළඳා හිමියන් වෙත ඉඩකඩම් පූජා කිරීමත් ශළඳා වහන්සේ රත්නපුර මහ සමන් දේවාලයට වැඩම කරවා වාර්ෂික දළඳා පෙරහැර පැවත්වීමට කටයුතු කිරීමත් මෙම ඓතිහාසික පුවත සනාත කරවන්නකි. සිංහල රජවංශයේ සිට පැවත එන පිලිවෙත අනූව දළඳා හිමියන් හිමිකර ගත් රජුන් රටේ අග රජු ලෙස පිලි ගැනීමේ සම්ප්‍රධාය අනූව සීතාවක රජුන්ට මුළු රටේම රාජ්‍යයේ නියමය උරුමය ලැබී ඇති බව් පැහැදිලි වේ.