“ගෙවී ගිය මතකයක් එක්ක කාලය ගතකරන්නට ඔනෑවට වඩා පෙලබීම සංකීර්න මානසික බවක් නිර්මානය කරන්නක් බව මම අමුතුවෙන් මතක කරන්නට වුවමනා නැහැ මහිතෙ” ඒ ටිබෙටියානු මිතුරාහේ හඬ ඇය සමග ගෙවී ගිය අපූර්ව කාලය පිලිබදව වන මතක සැමරුම් සමග කල සක්මනින් පාපසු පියවි ලොවට කැදවීමක් විය. නිම්නයේ වන ගම්මානයේ සීමාවේ වැනි ගල් වැටියේ අප බොහෝ කාලයක් ගතකර ඇතුවා විය යුතුය. ඉර මඬල හිස් මුදුනත පසුකරමින් බටහිර දෙසට යන්නට ද පටන් ගෙන ඇත. “මම හිතන්නේ අපි ආපසු යන්නට පටන් ගත්තොත් හොඳයි වගේ. දැන්මම ගමන ඇරබුවොත් සැහැල්ලුවෙන් හැන්දෑව එන කොට අපසු ආශ්‍රමයට යන්නට පුලුවන් වෙයි” ඔහු නැගිට ගමන් ඇරබුවේ වඩාත් හොඳම එම තීර්නයට මම් එකඟ බව වචනකරන්නට අවශ්‍ය නැතුවා වන බැවිනි.
“මම ඔබෙන්ම වටහා ගත් දැනුම් තේරුම් වලින් අර ගැමියා මට විස්තර කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්. බොහෝ සංස්කෘතීන් වල මිනිසුන් ගේ සිතුවිලි කැමැත්තෙන්ම විශ්වය කියන නෙට්වර්ක් එකෙන් සිඳ ගෙන ඇති බවයි අදහස උනේ. ඇක ඔහු පැහැදිලි කලා අනෙක් අවසානාවන්තම කාරනය තමයිලු වඩාත් දියුනු එම හැකියාවන් දැනට අත්පත් කර ගෙන තිබෙන දැනුම් ආකෘතිවලින් මනින්නට ගොස් කර ගෙන තිබෙන විපත. ඔහු අපහැදිලිව මුත් කරපු යෝජනවක් උනේ අපේ තාර්කික දැනුම් පද්ධතියට හමු නොවනු විස්මිත හැකියාවන් රාශියක් අප සතුබව. මම දන්නවා දැන් ඔබ යෝජනා කරාවි සමහර විට ඔවුන් ගෙන් කෙනෙක් දෙන්නෙක් දියුනු අධ්‍යාපන ආයතනයක ගෙනෙහින් අපි විධිමත් යැයි විස්වාස කරන දැනුම ලබා දීලා ඒ ඔස්සේ ඔවුනගේ සැගවුනු දැනුම දැනට අපතුල පවතින තාක්ශනික දෙනුම ඔස්සේ පැහැදිලි කර ගන්නට පුලුවන් වෙයි කියලා. නෑ මම කිව්වේ විහිලුවට වගේ ඔබ එහෙම හිතයි කියලා….. . එහෙම කලොත් මට තේරෙන විදිහට ඔහු අවාසනාවන්ත විදිහට අතරමං වනවා මිසක කිසිදු ප්‍රථිපලයක් නොලැබේවි මගෙ හිතේ…..(36)
අහස් කුස අපූරුය. ආධුනික චිත්‍ර කර්මය හදාරන්නට පැමිනියෙකු ගුරුතුමාගේ පමාවකින් තෙලිතුඩ කැන්වසයක් මත ඔහේ හැසුරුවා වැනිය. සුසුදු වලා කැටිති අපිලිවලකට විසිරී ඇත. ඊසාන දිසාවට වන්නට කඳු පෙල අතර තැනි තැන පෙනෙන දිය සීරාවන් බොහෝ සෙයින් කුඩා වී ඇත. දැඩි හිරු කෙඳි වෙහෙස සියත් හඬ පාලනය කර ඇතුවා සේ මහත් නිහඬ බවක් ගෙනැවිත් ඇත. විටක අප පාතබන හඬ ඇරෙන්නට දැඩි නිහැඬියාවක් හාත්පස වේ.
“තේරුම් ගන්නට බැරි දේ බොහෝ අප අවට තිබෙනවා. අප කරන්නේ ඒවා මග හරිමින් සුපුරුදු මාවතේම නිතරම ගමන් කරන්නට උත්සාහ කරනවා වගෙ වැඩක්. හරියට අර එහා ගම්මානයේ ගොපලු තරුනයින් ‍රැගෙන එන සතුන් රෑන් වගේ. අපිත් සීමාකරගෙන ඇති කුඩා දැනුම් වපසරියක් ඇතුලේ සිර වෙලා කුඩා උන් වගේ සෙල්ලම් කරනවා වගේයි කියලා මට හිතෙනවා.” ටිබෙටියානු මිතුරා පැහැදිලි කරමින් සිටී. “අපේ හැසිරීම් , මම කියන්නේ දේශපාලනය, ආගමික අනන්‍යතා ගැටලු, ආර්ථික ආක්‍රමන වගේ දේවල් දිහා මදක් ඉහල සිට බලන්නට උත්සාහ කලොත් පෙනේවි මොනතරම් විහිලුවකද අපි මේ තරම් බරපතලව යෙදිල ඉන්නේ කියලා”. ඔහු විමසුම් මනස ප්‍රබෝධමත් වී ඇතුවා සේය. මෙම තීව්‍රතාවය සමග නැවත අධයාන ජීවිතයට ඇතුලු වන්නට බොහෙවින් ඉඩ කඩ තෙබෙන සේ මට හැගෙයි.
“ඔබ අතරමං වෙලා වගේ” ඉදිරියෙන් යමින් සිටි ඔහු මදක් නැවති සිනා මුසු මුහුනින් පවසයි. “ඉස්සරනම් ඔබ මේ වගේ කරුනු එක්ක හරිම ප්‍රබෝධයෙන් හැසිරුන කෙනෙක්. අද මේ තරම් අලස වුනේ කොහොමද කියලා මට නම් තේරෙන්නේ නැහැ.” ඔහු දිගටම පවසා ගෙන යයි. “හරියට අහිමි වෙලා තිබුනු යතුරක් හදිස්සියේම හමුවෙලා යලිත් අහිමි වෙලා වගෙ මට දැනෙනවා. ආපසු යායුතුයි. කෙටි ආශ්‍රම විවේකයක් ගෙන ආපසු යායුතුයි. අපි එකතුවෙලා අපූරු දේ කිහිමයක් නිමකල යුතුයි. අපූරු වෙතැයි මම විස්වාස කරන පොත්පත් දෙක තුනකටම අලුතින් අත ගසන්නට කාලය පැමිනිලා වගේ මට හිතෙනවා. ඔබ දනවනේ මගේ ජීවිත තේමාව. මේ පූරු ජිවිත සංචාරය ගැන සටහන් තබා යන්නට හැම සංචාරකයෙකුටම වගකීමක් තිබෙනවා කියලා”මම පැවසීමි.(37)