රියදුරන් රහිත කාරයක් මාවතට ගෙනෙන Google car ව්‍යාපෘතියේ පලමු මිනිස් අනතුර පසුගියදා වාර්ථා වනු ලැබුවා. මෙම සම්පූර්න අත්හදා බැලීම් කාලය තුලදී අනතුරු 14 වාර්ථාවී තිබෙනවා. 20109 දී ඇරබෙන මෙම වයාපෘතියේදී සිදුවූ එම අනතුරු වලින් 10ක්ම මිනිස් රියදුරන් ඔස්සේ සිදුවූ ඒවා බවටයි වාර්ථා වෙන්නේ. July 1 දා Mountain View වලදී මෙම අනතුර වාර්තා වන අතර ආයතනයේ සේවකයින් තිදෙනෙකු රෝහල වෙතට ගෙනයනු ලැබූ අතර අනතුරට සම්බන්දිත අනෙක් රථයේ රියදුරුද සුලු අපහසුතාවයන් සදහා රෝහල් ගතකර ඇති බවටයි වාර්ථා වන්නේ. වාහන පාලක එලි පුවරුවක් අබියසදී පැයට සැතපුම් 15ක වේගයයක් දරමින් තිබූ රිය පෙලක අවසන් ගූගල් රථය වෙතට පැයට සැතපුම් 17ක වේගයෙන් පැමිනි රථයක් ගැටීමෙන් මෙම අනතුර වූ බවට පැහැදිලි කෙරෙන ලද අතර රිය අනතුරෙහි සම්පූර්න වගකීම එම පසු පසින් පැමිනි රියදුරුගේ වන බවටයි වාර්ථා වන්නේ.මේ වන විට ගූගල් ආයතනය තම රථ ආකෘති 20කින් පමන අත්හදා බැලීම් සිදුකරමින් සිටින අතර සමස්ථ වාර්ථා වලට අනූව වඩාත් ආරක්ශිත මෙම කාර්යක්ෂම සේවාවක් සදහා තම අත්හදා බැලීම සාර්ථක බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.