Back to Top

Category: Google

Google ලාගේ Privacy Sandbox project එක app අවකාශය වෙතටත්.

Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි. ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා වන Apple ද පසුගියදා පවසා සිටියේ තම app developers විසින් ඒවා භාවිතාකරන්නන් tracking වලට පෙර අදාල permission ලබා ගත යුතු බවකි. මේ වන විට Google ද පවසන්නේ පෙර කී තම බ්‍රවුසර සදහා ගත් භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කල යුතු ප්‍රමිතීන් තම Apps සදහාද ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවක් වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ Meta වැනි ආයතනයන් සලිත කරවන්නට මෙම තීර්ණ බලපාමින් ඇති බවකි.
දැනට සැලසුම්ව ඇති ආකාරය අනූව 2023 වන විට browsing history වැනි දත්ත ඉලක්කවන Third-party cookies වැනි භාවිතාවන් සම්පූර්නයෙන් භාවිතයෙන් ඉවත්කරන්නට Google සුදානම් වෙමින් සිටින අතර දැනට පවතින ads privacy වලින් ඔබ්බට ගොස් නව ප්‍රමිතීන් මත කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටිනවා.
Pubudu Siriwansa

Posted in Google | Tagged , |

Google Maps ඔස්සේ Location Sharing කිරීම.

සංකීර්න හා කාර්යබහුල ලෝකය තුල තම සගයෙකුගේ live location එක පහසුවෙන් හුවමාරු කර ගන්නට හැකි වීම ඉතා වැදගත්ය. එසේම යමෙකුගේ අවසරයකින් තොරව Tracking කිරීමද සදාචාර සම්පන්න නොවන කාරනාවක් පමනක් නොව නීතිවීරෝධී දෙයක්ද විය හැක. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ යමෙකු සමග iPhone / iPad භාවිතාවකන් හා Google Maps සහයෙන් Google Maps location එක බෙදා හදා ගැනිමට ගත යුතු සරල පියවරවල් කිහිපයයි. මෙම ක්‍රියවලිය සදහා පලමුව ඔබ සහ අදාල share කිරීමට බලපොරොත්තු වන අයගේ Google accounts ගූගල් Contacts යටතේ එකි නෙක යාවී තිබීම වැදගත් වේ. අනතුරුව ඔබගේ device එකේ Google Maps විවෘත කර profile picture හරහා Location Sharing තොරා ගැනීමට සිදුවනවා. අනතුරුව Add People ඔස්සේ අදාල අය හෝ අයවලුන් සමග your location කිරීමට බලා පොරොත්තු වන වෙලාව ‍තෝරා ගැනීම හා ඒ අදාල අය හෝ අය වලුන් තොරා ගන්නට කටයුතු කල යුතුයි. අවසානයේ permission ලබා දීමකින් එම ක්‍රියාවලිය අරබන්නට ඔබට හැකි වනු ඇත. යම් හෙයකින් Google account නොමැති අයැක් සදහා නම් ඉහතදී හමුවන Add People ඔස්සේ location link එක iMessage හෝ වෙනත් app එකක් ඔස්සේ බෙදා හදාගන්නට හැකිවනු ඇත. Android සදහාද ඉහත ක්‍රියාවලිය වලංගුවේ.
Pubudu Siriwansa

Online පීඩාවන්ට Google එරෙහි වෙයි.

Google ආයතනය තම ප්‍රකට සෙවුම් යාන්ත්‍රනය හරහා සිදුවන නෙක අකටයුතු කම් අතර වන පුද්ගල පීඩාවන් සදහා මෙතෙක් කල් ප්‍රමුකව භාවිතාවූ පීඩාවට පත්වන්නා හෝ ආශ්‍රිතයන්ගේ පැමිනි මත ක්‍රියාකිරීමට අමතරව යම් යාන්ත්‍රනයක්ද සූදානම් වෙමින් ඇති බවට තොරතුරු හෙලිවෙමින් පවතිනවා. Multitask Unified Model (MUM) හරහා මෙම සෙයුම් ප්‍රථිපලවන වඩාත් ගුනාත්මක බවක් ‍රැක ගැනීමට කටයුතු කරන බවට කියවෙනවා. ඔවුන් පවසන්නේ පසුගිය කාල පරාසයක් තිස්සේම නා තාක්ෂණික දියුනු කිරීම් ඔස්සේ ඔවුන් මෙම ඉහල ගුනාත්මක බව ‍රැක ගැනීමට කටයුතු කරන බවයි.
Pubudu Siriwansa

Posted in Browser, Google |

Google Contributor subscription service යටතේ දැන්වීම් වලින් තොර වෙබ් අඩවි….

    Google යෝජනා කරන්නේ තමන් යනෙන වෙබ් අඩවි වෙතට කෙලින්ම ආධාර කිරීමේ ක්‍රමයක් යටතේ එම වෙබ් අඩවි සමග එන විටක කරදරකාරී ස්වරූපයක් ගන්නාවෙළඳ දැන්වීම් block කර දීමේ වැඩසටහනක් තමන් හඳුන්වා දෙමින් ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ තම Google Contributor subscription service ඔස්සේ මාසිකව ඩොලර් 1-3 අතර ප්‍රමානයක් ගෙවීමෙන් තමන් ප්‍රියකරන වෙබ් අඩවි පවත්වාගෙන යන්නට දායක විය හැකිවා මෙන්ම ඒව සමග එන විටක කරදරකාරී පවා වන වෙළඳ දැන්වීම් වලින් තොරව ඒවා වෙතට යාමේ හැකියාව ලැබෙනු ඇති බවය. මෙම වැඩසටහන අයත් වනවෙබ් අඩවි වෙතට පිවිසෙන්නන්ට එහි වූ වෙළඳ දැන්වීම් වෙනුවට “thank you” පනිවිඬයක් සමග pixilated panelයක් දර්ශනය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එම දායක වන්නා ගෙවන ලබන මුදලින් කොටසක් සේවා ගාස්තු ලෙසට අයකරමින් ඉතිරිය එම වෙබ් අඩවි වෙතට ගෙවන්නට ආයතනය සැලසුම් කරමින් සිටින අතර ඒ ඔස්සේ වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී වන වියදම් පියවා ගැනීමට එම අඩවි පවත්වාගෙන යන්නන්හට හැකි වනු ඇති බවටයි Google ආයතනය බලාපොරොත්තුව වන්නේ.  දැනට ප්‍රධාන පෙලේ වෙබ් අඩ්වි කිහිපයක් තම වැඩසටහන සමග එක්ව ඇති බවටත් එම ආයතනය පවසා සිටිනවා. Pubudu Siriwansa

Posted in Google | Leave a reply

නෛතික නොවන බාගතකිරීම් දුර්වල කරන්නට Google එකගවේ….

  කතෘ හිමිකම් පිලිබදව ක්‍රියාකාරීන් Google වෙතට තම විරෝධය ගෙනෙන්නට වූවේ Films , Music වැනි දෑ නෛතික නොවන ලෙසට බාගතකරගන්නට හැකිවන URL තම සෙවුම් ප්‍රථිපල වලදී Block කරන්නට අවශ්‍ය කටයුතු නොකිරීම පිලිබදව විය. මීට වසර දෙකකට පමන පෙර Google වල ස්ථාවරය වූවේ අව්‍යාජ හිමිතවය ‍රැක ගන්නට නම් ඔවුන්ද තම ඉදිරිපත්කිරීම් වලට අදාලව වෙළඳ ප්‍රචාරනයන් සදහා කටයුතු කල යුතු බවකි. මේ වන විට Google තම ස්ථාවරය වෙනස් කරමින් යම් භාවිතාකරන්නෙකු සෙවුමකදී “Free” “Download” වැනි වචන සහිත සෙවුමකදී අදාල ගොනු නෛතිකව ලබා ගන්නට අදාල වන Amazone නැතිනම් Netflicx හෝ Google play store වැනි යොමු කිරීමකට මුල් තැතන් දෙන ප්‍රථිපල ලබා දෙන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථාවන්නේ. ආයතනය පැහැදිලි කරන්නේ නෛතික නොවන බාගත කිරීම් සදහා පැමිනෙන ප්‍රථිපල වඩාත් පහත ස්ථානයක් ලබා දෙන්නට අවශ්‍ය ක්‍රම වේද මෙන්ම  Autocomplete වැනි පහසුකම් වලදී එවැනි ප්‍රථිපල සදහා සහය දැක්වීම දුර්වල කරවන සැකසුම් තමන් ගෙනෙමින් සිටින බවකි. දැනට ඇමරිකානු භාවිතාකරන්නන් සදහා ක්‍රියාත්මක මෙම යාන්ත්‍රනයන් ක්‍රමයෙන් ජාත්‍යන්තර භාවිතාකරන්නන්ස් අදහාද අදාල වන ලෙසට මුදා හැරීම සිදුවන්නට නියමිත බවකි. ආයතනය වැඩි දුරටත් පවසන්නේ පසුගිය වසරේ පමනක් මෙසේ නෛතික නොවන ආකාරයට තම කතෘ අයිතීන් බෙදා හැරෙන URL ඉවත්කිරීම සදහා ඉල්ලීම් මිලියන 224ක් ලැබුනු ඇතර ඒ සදහා ප්‍රථිචාර දක්වමින් මිලියන 222ක් URL ඉවත්කිරීම් තමන් සිදුකල බවත්ය. Pubudu Siriwansa

Posted in Google | Leave a reply

AVG භාවිතාකරන්නන් හට අනතුරු ඇගවේ….

       AVG භාවිතකරන්නන් වෙතට අනතුරු අගවමින් හදාරන්නන් පෙන්වා දෙන්නේ එම ආටක්ශක මෘදුකාංගය ස්ථාපනයේදී නොමිලේ පැමිනෙන “Web TuneUp Chrome extension” ඔස්සේ වෙබ් පහර දෙන්නෙකු හට පිවිසීමකට  අවස්ථාව සලසා දෙමින් ඇති බවටයි. ඔවුන් පැහැදිලි කරන්නේ ” “force-installed” ආකරයට ස්ථාපනය වන මෙහි ක්‍රියාකාරීත්වය ඔස්සේ භාවිතකරන්නා වෙතට “unsafe search results” පිලිබදව අනතුරු අගවන්නට කටයුතු කරන්නට සූදානම් අතර එය විසින් Crome වෙතට ස්ථාපනය කරන JavaScript API’s ඔස්සේ මෙම පිවිසීමල ලබා ගන්නට හැකි බවත් එයින් search settingsවලට හා new tab page වලට hijack කිරීමේ හැකියාව වන බවයි. හදාරන්නෙකු පෙන්වා දෙන්නේ මේ වන විට ලොව පුරා භාවිතාකරන්නන් මිලියන නමයක් පමන මෙම අනතුරට මුහුන දෙමින් සිටින අතර තවමත් AVG ආයතනය නිසි පිලිසකර ගෙනැවිත් නැති බවයි. සංකීර්න ක්‍රියවලියක් ඔස්සේ වන්නට හැකි මෙම අවස්ථාව වැඩි දුරටත් පැහැදිලි කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ man in the middle ආකාරයයේ පිවිසීමක් ගෙන පහර දෙන්නෙකු හට https ආකාරයේ අඩවි ලෙසට වන  GMail, Banking වැනි සේවාවන් වෙතටද පිවිසීමක් කරන්නට හැකි වනු ඇති බවයි. AVG ආයතනය පසුගිය කාලයේදි තම , AVG updated its privacy policy තුලදී භාවිහාකරන්නන්ගේ browsing හා search query history තොරතුරු තෙවන පන්තිය වෙතට අළවි කිරීමේ හැකියාව ලබා ගෙන ඇති බවටත් තොරතුරු හෙලි වනවා. Pubudu Siriwansa

Posted in Google, issues, Malware |

2015 Google Play ඔස්සේ ආසාධිත උපාංග ප්‍රමානය මිලියන 2.1ක්….

       Google ආයතනයෙන් එන නවතම ආරක්ශක වාර්ථාවක් පවසන්නේ 2015 තුලදී Google Play වෙතින් Malware මට්ටමේ බාගත  කර ගැනීම් වලට ගොදුරුවූ උපාංග ප්‍රමානය මිලියන 2.1 ක් තරමේ ඉහල අගයක් ගෙන ඇති බවකි. ආයතනය පැහැදිලි කරන්නේ 2014ට සාපේක්ශව සැලකීමේදී ආසාදන මට්ටමේ බාගත කර ගැනීම් සදහා වන අවකාශය 40% කට වඩා අඩුමට්ටමක තබා ගන්නට මේ වන ඔවුන් සමත්ව ඇති බවයි. උපාංග සදහා වෙගවත් ආරක්ශිත පිලිසකර පැමිනීම මෙන්ම නව මෙහෙයුම් පද්ධති සංස්කරන වෙතට ඉක්මනින් පැමිනීම මෙන්ම බාහිරින් app ස්ථාපනයට කටයුතු කිරීමත් වඩාත් ආරක්ශිත භාවිතාවකට සහයක් වනු ඇති බවට පැහැදිලි කරන එම ආයතනය පැහැදිලි කරන්නේ සමස්ථා භාවිතාවට අනූව සැලකීමේදී ආසාදිත බවට පත් උපාංග ප්‍රථිශතය 0.15%ක තරම් අගයක් ගන්නා බවයි. එසේම බාහිරින් app ස්ථාපනයට ගන්නා උත්සාහයන්ද සමග සැලකීමේදී මෙම ආසාධිත උපාංග ප්‍රමානය %0.5ක ඉහල අගයකට පැමිනීම දක්නට හැකි බවයි. ආයතනය පවසන්නේ මෙහෙයුම් පද්ධතියේ ආරක්ශිත බව ඉහල දැමීමේට මෙන්ම ඇප් වල හැසිරීම ඇල්ගොරිතමයන් මට්ටමේන් හැදෑරීම වැනි නෙක ආකාර ඔස්සේ මෙම අනතුරුදායක බව පහල දමන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. Pubudu Siriwansa

Posted in Google, Malware |

බෙල්ජියමයද Google Map සමග ආරවුලකට…

බෙල්ජියම ආරක්ශක අංශ පවසන්නේ Google Map සමග තම රටේ ආරක්ශක හමුදා භූමීන් අපහැදිලි ( blur out images of military sites ) කර දමන්නට අසමත්වීම හේතු කොට ගෙන එම සමාගමට එරෙහිව නීතිමය පියවරකට සූදානම් වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Google සමාගම චේතනාන්විතවම තම රටේ ආරක්ශක ස්ථාන නිරාවරනයට කටයුතු කර ඇති බවයි. ලොව පුරා විශාල අවධානයක් හා භාවිතවක් ලබා ගන්නා Street View feature පහසුව ඇගයීමට ලක්වෙන අතරම ගැටළු සහගත වන අවස්ථාද නැතිවාම නොවේ. ඉන්දීය රජයද වසර කිහිපයකට පෙර මෙම Street View feature පහසුව අවහිර කර දමන්නට කටයුතු කරන ලද්දේද තම අභ්‍යන්තර ආරක්ෂාවට එය අභියෝගයක් ලෙසට සලකමිනි. – Pubudu Siriwansa

Posted in Google, News |

SMS වල නව යුගය ‍රැගෙන එන RCS messaging

      Google නිවේදනය කරන්නේ තමන් වැඩි දියුනු කල SMS භාවිතාවක් හඳුන්වා දෙන්නට සූදානම් බවකි.  RichCommunications Services (RCS) පැහැදිලි කරමින් ඔවුන් පවසන්නේ මේ ඔස්සේ group chat features, high-resolution photo හා file sharing, video calling services, මෙන්ම read receipts වැනි හැකියා රාශියකින් සමන්විතව නව භාවිතාව ගෙනෙන්නට කටයුතු කරමින් සිටින බවකි. සියලුම මෙහෙයුම් පද්ධති සදහා විවෘතව පැමිනෙන්නට නියමිත මෙම නව භාවිතාව ක්‍රමයෙන් කල් ඉකුත් වෙමින් තිබුනද තවමත් බහුල භාවිතාවක් වන SMS සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. වෙබ් මූලිකව(Internet-based messaging services)  ක්‍රියාත්මක වන මෙම හඳුන්වාදීම América Móvil, Bharti Airtel Ltd, Deutsche Telekom, Globe Telecom, Millicom, Orange, Sprint, Telenor Group, TeliaSonera, Telstra, වැනි ප්‍රමුක පෙලේ සේවා සපයන්නන් සමග අත්හදා බැලෙමින් ඇති බවටයි.

Posted in Google, New Technology |

Google Play වලින් Adware-infected apps ඉවත්කල මුත් අවධනයෙන්!!

  Nexus 5 භාවිතාකරන්නෙකු වූ Andrei Mankevich තම උපාංගයේ වන අක්‍රමිකතාවන් පිලිබදව සැලකිලි මත්වීමේදී හඳුනා ගන්නට ලැබෙන්නේ එහි malicious software වක් පවතින බවකි. ඔහු මේ පිලිබදව Avast වල forum සටහනක් තබන්නට කටයුතු කල අතර ක්‍රමයෙන් හෙලිවන්නට වූ තොරතුරු විසින් පැහැදිලි කෙරෙන්නේ මෙම හානිකරය Google Play Store ඌසේ පැමින ඇති බවත් සාමාන්‍ය මට්ටමටත් වඩා හානිකර බවකින් එම Adware-infected apps ක්‍රියාත්ම වෙමින් සිටින බවත්ය. එහි වන malicious code ක්‍රියාත්මක වෙමින් දුරකථනය සංක්‍රීයකර වන හැම විටකම pop-up messages ඔස්සේ තව තවත් apps බාගත කර ගැනීම් වලට පොලබවාන් බවක් පෙන්වාදෙනවා. භාවිතාකරන්නාගේ තොරතුරු අනවශ්‍ය ප්‍රමානයකට ‍රැස්කරමින්ද මෙසේ බගත කර ගැනීම් වලට පොලබවනු ලබන apps අතර Russian card game, Durak කැපී පෙනෙන බවට පවසන හදාරන්නන් එය ten million වාර ගනනක් දැනටමත් බාගත්වීම් සිදුව ඇති බවට පෙන්වා දෙනවා. එම බාගත කර ගැනීමෙන් අනතුරුව දින කිහිපයක් හොඳින් ක්‍රියාත්මක වන මුත් පසුව performance degradation වැනි ලක්ෂනයන් ගෙනෙන්නට පටන් ගන්නා බවටයි හෙලි වන්නේ. ඔවුන් වැඩිදුරටත් පැහැදිලි කරන්නේ මෙහි වන සියලුම ads හානිකරයන් කරා යොමු නොකරන අතර සමහර ඒවා Google Play Store වල වන genuine security apps වෙතට්ද යොමු කරන්නට කටයුතු කරන බව දක්වනවා.Google ආයතනය දැනටමත් මෙම malicious apps ඉවත්කරන්නට කටයුතු කර ඇති මුත් ආසාධිත දුරකථන වෙතට තවමත් විසඳුමක් ලබා දී නැති බවටයි පැහැදිලි වන්නේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය දෑ වසර සැලකීමේදී Google Play වල malware-infected apps පැමිනීම 388%ක වැඩිවීමක් දක්නට ලැබෙන බවටයි. – Pubudu Siriwansa

Posted in Android, Google |

Goole Inbox පහසුව ටැබ් වෙතට හා අනෙකුත් බ්‍රවුසර වෙතටත්..

  Google ආයතනය තම Gmail භාවිතාකරන්නන් වෙතට වඩාත් ක්‍රමවත් සුවපහසු Email හැසිරවීමක් සහිතක කරන්නට හදුන්වා දුන් අංගයක් වූවේ Google’s Inbox අංගයයි. දෛනිකව Email විශාල ප්‍රමානයක් සමග කටයුතු කරන්නෙකුට තම Email වඩාත් පහසුවෙන් වෙන් කර ගන්නට, සොයා ගන්නට ඇතුලු තවත් පහසුකම් ‍රැගෙන විත් තිබූ මෙම අංගය මේ වන විට iPhone හා Android සදහාද invitation-only basis ආකාරයට මුදා හැ‍රැමින් තිබෙන බවකි. මීට අමතරව මෙම අංගය වෙබ් මුලික දියුනු කිරීම් Firefox හා Safari වෙතට ගෙගෙන්නට තමන් කටයුතු කල බව පවසා සිටිනවා. මීටත් අමතරව Android Wear platform වෙතටද මෙම දියුනු කිරීම් පැමින ඇති අතර එම wearables භාවිතාකරන්නන් හටද වඩාහ් පහසුවෙන් Email කියවන්නට මෙන්ම පිලිතුරු සපයන්නට හැකි වනු ඇති බවටයි පවසන්නේ. තවමත් invites පදනම මත ක්‍රියාත්මක වෙමින් ඇති මෙම පහසුව බලාපොරොත්තු වන්නෙකුට inbox@google.com වෙතට Emailයක් යැවීමෙන් එය සංක්‍රියකරගන්නට හැකි වනු ඇත. – Pubudu Siriwansa

Posted in Android, Browser, Google |

Google වෙතින් එන IoT OS එක Brillo ය..

  එලබෙමින් ඇති තොරතුරු ලෝකයේ අනාගතය පිලිබදව සටහනේ Internet of Things පිලිබදව සටහන ප්‍රධානතම අංගයක් ලෙසට සැලකේ. Microsoft සමාගමද ගෙවී ගිය සතියේ Windows 10 IoT Core නම් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය නිකුත්කරමින් එලබෙන තොරතුරු ලෝකයට තමන්ගේ සූදානම තහවුරු කරන්නට කටයුතු කරන ලදී. Google ආයතනයද මේසදහා වන සූදානම පලකරන්නේ Brillo නම් සැහැල්ලු මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමිනි. අඩු RAM බලයක් මෙන්ම දෘඩාංග පරිසරයක හොඳින් ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම් පද්ධතිය streamlined operating system එකක් ලෙසට සැලකෙන අතර එලබෙන May 28ට නියමිත Google I/O වලදී මේ පිලිබදව වැඩි දුර විස්තර බලාපොරොත්තුවනවා. මෙම හමුවේදී Google ආයතනය තම ඇන්ඩ්‍රොයිඩ් වල මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදවද තොරතුරු හෙලිකරනු ඇති බවටත් මේ වන විට බලපොරොත්තු වෙමින් තිබෙනවා.

Posted in Android, Google, New Technology |