හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම ප්‍රදේශය ඈත අතීතයේ මානියම්ගමුරට්ඨය ලෙසට ලෙසට විවහාර ලබන්නට ඇති අතර වසර 30,000ක් ඈත තරමට එනම් බලංගොඩ මානවයාගේ සමකාලීන තරමට දිවෙන අතීතයක් තිබෙන්නට ඇති අතර, මානියම්ගම අතුල බෙලිලෙන ආශ්‍රිතව එම ආදිතමයන් වෙසෙන්නට ඇති බවත්ය. මෙම ප්‍රදේශයේ ඇති ආරක්ශිත බව මෙන්ම සශ්‍රීක බවත් නිසා වළගම්බා වැනි රජ වරුන් පවා මෙහි පැමින වෙහෙර විහාර ඉදිකරන්නට ඇති බවය. පසුව මානියම්ගම රජ මහා විහාරය මූලිකව සියවසකට ආසන්න කාලයක් බටහිර ආක්‍රමනිකයන් පවා දන ගස්වමින් ලංකදීපයම පාලනය කරන්නට හැකි රාජධානියක් මෙහි බිහි වන ලදී.
නුවර යුගයේදීද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ද කෙත්වතු පූජාකර දුරුතු මහා පින්කමක් කරවන්නට කටයුතු කල අතර රාජකීය කරළ් පෙරහැර ආරම්බයට කටයුතු කරන ලද බවට පිලිගැනේ.
අවිස්සාවේල්ලේ සිට පනාවල මාර්ගයේ කි.මී 4ක් පමන ගමන් කල විට ඓතිහාසික යකහ‍ටුවාව කදුවැටි පාමුල මෙම විහාරස්ථානය පිහිටා ඇති අතර විශාල ගල් ලෙනක් ආශ්‍රිතව එය පිහිටා ඇත.දිගින් අඩි 170 හා පලලින් අඩි 70ක පමන වන ඉඩක් තුල මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ක්‍රි.පූ 2,1 කාලයේදීද බෞද්ධ භික්ශූන් වහන්සේලා මේසල වැඩ සිට ඇති බවට තිඹිරිපොළ රජලෙන ලෙනෙහි වන බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි වලින්ද හෙලිවන බවට පෙන්වා දෙන්නට හදාරන්නන් කැමති වනු පෙනේ. මීට අමතරව පොලොන්නරු යුගයේ මුල් කාලයේදී පලමු විජය බාහු රජතුමන්ගේ රක්ඛ නම් සේනාධිපතිවරයා යුධසේනාංකයක් සමග මානියම්ගමුටට්ඨය හරහා රුහුණ දෙසට ගමන් කල බවටත් හා එකල මෙම ප්‍රදේශය සශ්‍රීක කෙත් ගම්මානයක්ව පැවති බවටත් සදහන්වේ.