එකවන රාජසිංහ රජ උඩරට එකසත් කරගෙන අය බදු සීතාවකට ගෙන්වා ගෙන උන් සඳ පේරාදෙනියේ වලියෙන් පැවත එන වීරසුන්දර බණ්ඩාර කන්ඳ උඩ පෙරලි කර …. යනුවෙන් රාජාවලිය වීරසුන්දර බණ්ඩාර ගැන සඳහන් කරයි. රාජාවලි වර්ථාව අනූව ඔහු පේරාදෙනි රජ පෙලපතකින් පැවත එන්නෙකි. පෙරාදෙනි රජ පෙලපතක් ගැන අපේ වංශ කථාවල සඳහන් නොවේ. ශ්‍යාමෝපසම්පදාවෙහි ඔහු ගම්පොල රජවංශයට අයත් යැයි සදහන් වේතත් ඥාතිසම්බන්ධ ගැන විස්තරයක් නැත. රාජසිංහ සිරිතෙහි ඔහු ජයවීර රජුගේ මුහුපුරෙක් බව සදහන්වේ. මේ සම්බන්දය කුසුමාසන දේවිය (දෝනකතිරිනා කුමරිය) ගේ පාර්ශවයෙන් සත්‍ය වුවද පිය පාර්ශවයේ සත්‍ය නොවේ.
ලංකාවේ රජවරුනට රාජකීය ඥාති සම්බන්දයක් තිබුය යුතු යන ආකල්පය මුල් බැස ගෙන තිබූ නිසා මෙසේ සඳහන් කලා විය හැක. මේ සියල්ල පසෙක තබා සාමාන්‍ය චාරීත්‍ර හා රීතිය අනූව සැලකූ විට වීරසුන්දර බන්ඩාර උඩරට රදල පෙලපතකට අයත් ප්‍රාදේශීය නායකයෙකු බව සැල්කීම වඩාත් යෝග්‍යවේ. 1580 වන විට ඔහු උඩරට ප්‍රදේශයේ පිලිගත් නායකයෙකු බවට පත්ව සිටියට සැකයක් නැත. එකවන රාජසිංහ රජුට මොහුගේ සහය ඇතිව එවකට උඩරට රජව සිටි කරලියැද්දේ බණ්ඩාර පහකිරීමට හැකි වූවේ ඒ පිලිගැනීම උඩය. එහෙත් සීතාවක රජුගේ පාලනය යටතේ සිටීමට ඔහු කැමැත්ත නොදැක්වූ නිසා උඩරට කැරලි ඇතිකර නිදහස් රාජයයක් ගොඩ නැගීමට උත්සාහ කල හෙයින් උපායෙන් ඔහු මැරවීමට රජ්සිංහ රජු කටයුතු කලේය. අලගම වට්ටාරම දෙනවායි කිව්වට වල කපා දුන් බව රාජාවලිය සඳහන් කරන් පරිදි ගොලෑ බොක්කේ බොරුවලක ලා මරවන ලදී. උපයෙන් තම පියාගේ මරනය සිදුකල බව දත් ඔහු පුත් කොනප්පු බණ්ඩාර ආරක්ෂාව පතා උඩරටින් පැන ගොස් කෝට්ටේ ධර්මපල රජතුමාගේ ‍රැකවරනය පැතීය.
– පොත පත ඇසුරෙනි