අන්තර්ජාලය තව දුරටත් තේරීම් අවස්ථාවක් නොවේ. එය ක්‍රමයෙන් අනිවාර්ය වෙමින් ඇත්තකි. ඒ නිසාම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ පැමිනිය හැකි යහපත් බව මෙන්ම අයහපත් බව තීරනාත්මක සාධකයක්ව තිබේ. සමාජජාල භාවිතය මෙහිදී වඩාත් කැපී පෙනේ. හදාරන්නන් පවසන්නේ ඒවායේ තාක්ෂණික පසුබිමේ සිට නිර්මාණය වෙමින් ඇති සංස්කෘතික පසුබිම දක්වා අපමන අවකාශයක් සවිංඥානිකව මෙන්ම අවිංඥානිකව අපට බලපාමින් ඇති බවකි. මෙම අවකාශ අතරින් Facebook සමාජජාලය කැපී පෙනේ. Instagram ඇතුලු ඔවුනගේ සමස්ථ සේවා අවකාශය පිලිබඳවම පසුගිය කාලයේ කථාබහට ලක්විය. මේ වන විට එම ආයතනය විශේෂයෙන් teenagers ලාගේ mental health ඉලක්කවන අංග කිහිපයක් තම සේවාවන් සමග සංයුත්ත කරන්නට කටයුතු කරමින් සිටින බව කියවෙනවා. එම නවාංග අතරට “reputational reviews.” මෙන්ම “Instagram Kids” වැනි අංග කිහිපයක් ගැනම කථාබහ වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa