ගෘහ නිර්මාන ශිල්පය-
සීතාව්කා ගෘහ නිර්මාණ ශිල්පය පිලිබඳ වත ගොත සොයන විට අවස්ථා තුනකට අයත් නිදර්ශන ඉදිරිපත් කල හැකිය. ප්‍රථම අවස්ථාව තිඹිරිපොල රජලෙනයි. ස්වාභාවික ගල්ලෙන පිරිසිදුකර, ඇතුලට වතුර ගලා ඒම නැවැත්වීමට කටාරම් කොටා ඝන බිත්ති බැඳ ඇතැම් තැනකට ලී වහලක්ද යොදා භින්ෂූන්ගේ ප්‍රයෝජනය සදහා සඝ සතු කොට පුදා ඇත. මානියම්ගම විහාරය දෙවන අවථාවයි. මෙය ක්‍රමවත්ව ගොඩ නගා තිබුනකි. ආරම්භය වලගම්බා අවදියට අයත්ය. මහනුවර ක්‍රීර්ති ශ්‍රී රාජසිංහ අවධියේදී පිලිසකර කර ඇත. ප්‍රථිමා ගෘහයේ ඇතුල් කාඹරයත් ආලින්දයත් වෙන්වී ඇත්තේ ඝන බිත්තියකිනි. පහලදී බිත්තිය අඩි 6ක් පමන ඝනයය. බිත්තිය හරහා ඇතුල්මාලයට ඇතුල් වීමට දොර‍ටු දෙකකි. ඒවායේ උඩ අර්ධ වෘතකාරය. ඝන දොර පියන් ඇත. ආලින්දයේ ඉහල සොල්දර තට්‍ටුව් අමත පොත්ගුලයි. සංඝාවාසයද ගල්ලෙන යටම වේ. වතුර සපයන උල්පත් ලිඳද ගලයට වේ. පෘතිකා ගෘහයට උඩ පත්තේ පිටතින් කතරගම දේවාලයයි. විෂ්ණු දෙවියන්ට පූජා පැවත්වෙන්නේ ප්‍රථිමා ගෘහය ඇතුලේය.
සීතවක ගෘහ නිර්මාණය පිලිබඳ තෙවන අවස්ථාව බෛරන්ඩි කෝවිලයි. අඩි 120ක් පමන දිග , අඩි 95ක් පලල, අඩි 10ක් පමන උස් වූ පදනමක් මත සලපතර මළුවකි. එහි මැද අඩි 33ක් පමන දිග අඩි 25ක් පලල තවත් අඩි 6ක් පමන උස පදනමක් මත දේවාලයයි. දේවාල කඹරය අඩි 15ක් අඟල් 9, දිග හා පලල සම චතුරශ්‍රයකි.
මනියම්ගම බන්ඩාර වත්තේ පිහිටි රාජසිංහ මාලිගයේ මෙබඳු ක්‍රමවත් ශිල්පීය ක්‍රම තිබුනු බවට කිසිවල් ඉතිරව නැත. එබඳු ගොඩනැගිල්ලක් කරවීමට තරම් මායදුන්නේට වත්, ටිකිරි බන්ඩාරටවත් විවේකී චින්තනයක් නොවීය. බෛරන්ඩි දෙවොල රාජසිංහ අවධියට වඩා පැරනි බව පෙනෙන්නේ මාලිගය සමග සැසදීමෙනි. කෝවිල් පදනම මේ දක්නට ලැබෙන සුවිශේෂ සියුම් ශිල්පීය ක්‍රම ජ්‍යාමිතික දැනීම පොලොන්නරුවේ නටබුන් හා සසදා බලන ලෙස වියතුන්ට ආරාධනා කරමි.
– පොත පත ඇසුරෙනි.