කෝට්ටේ රජකල විජයබ රජු විසින් බුවනෙකබා, මායාදුන්නේ , රයිගම්බන්ඩාර යන තම පුත් කුමාරවරුන් තිදෙනට සිහසුන අහිමි කොට තම පුත් තනතුරේ වැඩුන අනෙක් අයෙකුට සිහසුන හිමිකර දෙන්නට ගත් වැයමෙහි ප්‍රථිපලයක් වූවේ පුතුන් එක්ව පිය රජු මරා අසහාය කෝට්ටේ රාජ්‍යය, කොට්ටේ, රයිගම , සීතාවක යනුවෙන් කුඩා රජ්‍ය තුනකට වෙන්කර ගැනීමයි. මින් කෝට්ටේ බුවනෙකභාහු යටතේ රයිගම රයිගම්බන්ඩාර යටතේත් සීතාවක මායදුන්නේ යටතේත් පාලනය වන්නට විය. සීතාවක නමින් රාජයයක් බිහිවූයේ එපරිද්දෙනි. මෙය සිදුවූවේ ක්‍රි.ව. 1521දීය. ආරම්භයේදී දෙනවක හා සතර කෝරලයට සීමාවූ මේ සීතාවක රජ්‍ය මායාදුන්නේගේ කාලයේදීම රයිගමද යාකර ගැනීමෙන් පුලුල්ව ගිය අතර ඔහු පුත් පලමුවන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ (රාසිං දෙයියෝ) රජුගේ රණකමීත්වයත්, සංග්‍රාමෝපාය කෞශල්‍යයත් නිසාම කෝට්ටේ , කන්ද උඩරට යන රාජයයන්ද යත්කර ගනිමින් වඩාත් පුලුල් ප්‍රදේශයක ව්‍යාප්තව ගියේය. එපමනක් නොව යාපනයේ දමිල රාජ්‍ය පවා රාජසිංහයන්ගේ අධිපත්‍ය පිලිගත් බව ක්වේරෝස් පියතුමා සදහන් කරයි. එහෙත් මේ ප්‍රබල රාජ්‍ය ඇතිවී වර්ධනය වී නැතිව යන්නට ගතවූවේ අවුරුදු 72ක් තරම් ඉතාමත්ම කෙටිකාලයකි. ක්‍රි.ව. 1593 වන විට සීතාවක රාජ්‍ය මුලුමනින්ම බිඳ වැටී අභාවයට ගොස් තිබින. මෙසේ කෙටිකාලයකදී සීතාවක බිඳ වැටීමට හේතු වූ සාධක කවරේදැයි විමසීම මෙම ලිපියේ අරමුනයි.
වැඩවසම් පාලන සමයකදී වුවද පාලකයා සතු කෲරත්වය ඔහුගේ බිඳ වැටීමට හේතු වූ බව ලෝක ඉතිහාසයෙහි අපමන සාධක මගින් සනාත වෙයි. ලංකා ඉතිහාසයෙහි රජවරුන් සතුරාට වුවද කෲරත්වය නොපෑ බව දු‍ටු ගැමුනු චරිතය ආදියෙන් හෙලිවේ. කෲරවූ රජු කෙරෙහි රට වැසියන්ගේ ගෞරවයත් සැලකිල්ලත් යොමුනොවන බවත් එවැනි අවස්ථාවක රජු තනි වන බවත් සීතාවක රාජසිංහයන් නොදැන සිටියේය.
ඉතිහාසයෙහි සදහ්න් අන්දමට රාජසිංහයන්ගේ කෲරත්වය රජවීමත් සමගම ඉස්මතු වන්නකි. ඔහු රාජ්‍යලබා ගත්තේ පියානන් වූ මායාදුන්නේ මැරී මෙ නැයි මහා වංශයේ සදන් වන අතර (මහා වංශය බුද්ධත්ව සංස්කරනය -1959- 91 පරි. හතර වන ගාථාව) “රජේකල ලොබයන- මැරී තම පිය රජහු සියතින” යනුවෙන් මන්දාරම් පුර පුවතෙහි 42-කාව්‍යයෙහි සඳහන් වේ. මෙම දේශීය වාර්ථාවන්හි මෙන්ම ස්පිල්බර්ජන් ද මේ කරුන මෙලෙසින්ම වාර්ථා කොට ඇත. පෘතුගීසීන් දිවයිනෙන් නෙරපා හැරීමේ අධිස්ථානයෙන් පසුව මායාදුන්නේ විසින් කල් ඇතිව තම වීර පුතුට රජකම පවරා දී තිබුන බව පෙනේ. එහෙත් පියාගේ වීරජීවනය තම රජකම පවත්වා ගැනිමෙහි ලා බාධක විය හැකියැයි සිතූ රාජසිංහයන් පියා මරවන්නට ඇතැයි සිතිය හැකිය. සියලු කල්හිම බෞද්ධ චින්තනය ගරුකල ශ්‍රී ලංකාවේ ජනයා ප්‍රීතෲ ඝතකයෙකු ලෙස නිරතුරුවම හෙලුයේ පිලිකුල් සහගත බැල්මකි. ඒ අනූව රාජසිංග කෙරෙහිද වීරත්වය අභිබවා පිලිකුල මතුවූ මහජන මතයක් පැවතුනාට සැක නැත. ඒනිසාම එක පයින් ඔහු සමග සිටින්නට ඔවුන් මැලිවූවාද විය හැකිය.