අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් (මාන්නප්පෙරුම මොහොට්ටාල ජයවීර බන්ඩාර)
සීතාවක යුධ හමුදාවට සිංහල දමිල පමනක් නොව මරක්කල, කාපිරි, සොලී ආදී විදේශීය හේවායෝද සිටීහ. දකුනු ඉන්දියාවෙන් පැමිනි අරිඨ කීවෙන්ඩු පෙරුමාල් නම් නිර්භීත තරුනයා යුධ හරඹ් අනිසාම රාජසිංහ රජතුමාගේ සිත් දින ගත්තේය. රාජ සිංහ රජතුමා , මානප්පෙරුම මොහොට්ටාල යන නම පට බැද රාජපපුරු හෙට්ටිගේ දියනියද විවාහ කර දුන්නේය. වික්‍රමසිංහ සෙනවිතුමාගෙන් පසු සේනාපති තනතුරට පත් මොහු බිහිසුනු සංග්‍රාම ගනනාවකදීම සීතාවකට ජය ගෙනාවේය. රාජසිංහ රජතුමාගේ මරනින් පසු රජතුමාගේ දියනියගේ පුත් රාජසූරිය කුමරු රජකමට පත්විය
. මත්තම ගොඩ සිටි මහබිසෝ බංඩාර දේවිය තම මුනුබුරු නිකපිටියේ බංඩාර කුමරුට රජකම දීමට , අරිඨ කීවෙන්ඩු ලවා රාජකුමාරවරු දෙදෙනා ඝාතනය කරවන ලදී. නිකපිටියේ බංඩාර කුමරු රජබවට පත්කරවන ලදී. නිකපිටියේ බංඩාර කුමරු රජ බවට පත්කල අතර අරිඨකීවෙන්ඩු මහා සේනාධිපතිවිය. රජපවුලත් සමග අමනාපයක් ඇතිකර ගත් අරිඨ කීවෙන්ඩුට සීතාවක ජනතාවගේ අප්‍රසාදය හිමි විය.
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු හෙට්ටියා.. වැනි උපහාසාත්මක කවි නිසා සීතාවකින් පලා ගොස් පෘතුගීසීන්ට එකතුවිය. බල සම්පන්න පෘතුගීසී සේනාවක් සමග සීතාවකට කඩා පැන සීතාවක රජ පවුල සිරභාරයට ගත්හ. පෘතුගීසීන් ජයවීර බංඩාර යන නම තැබූ අතර , කන්ද උඩරට විමලධර්මසූරිය රජතුමාට එරෙහිව සේනාව ‍රැගෙන කන්ද උඩරට ආක්‍රමනය කලේය. විමලධර්මසූරිය රජතුමාගේ උපායක් නිසා අරිඨ කීවෙන්ඩු ගැන සැක කල පෘතුගීසීහු යුධකදවුරේදී ඔහුව ඝාතනය කලහ.

වීදිය බන්ඩාර
කෝට්ටේ විසූ අසහාය රණශූරයා වේධය හෙවත් වීදීය බන්ඩාරයන්ය. කුඩා කල පටන් රජමැදුරේ හැදී වැඩුනු මේ නිර්භීත කුමරා ගැන පැහැදුනු නුවනෙකබා රජතුමා තම දියනිය වූ සමුද්‍රා දේවිය විවාහ කර දුන්නේය. ධරමපාල කුමරු එම විවාහයේ දරුවෙකි. පෘතුගීසීන්ට විරුද්ධව කෝට්ටේ කැරලි ගැසූ නිසා මායදුන්නේ රජතුමාගේද සහය ලැබූ අතර, එතුමාගේ දියනිය වූ මහබිසෝ බන්ඩාරද , වීදීය බන්ඩාර විවාහ කර ගත්තේය, පසුව සීතාවකට එරෙහිවීම නිසා ටිකිරි බන්ඩාර කුමරු පැලෑඳ නුවරදී වීදිය බන්ඩාරව පරාජය කලේය. යාපනේට පලා ගොස් ද්‍රවිඩ රජතුමාට එකතුවුවද යුධ හරඹ දර්ශනයේදී ඇතිවූ මතබේදයක් දුරදිග යාම නිසා ද්‍රවිඩ සේනාව විසින් මරාදමන ලදී.

Sitawaka Fort