“රුසිරි පෙතන්ගොඩ උයනට වැඩියාය” යන කවියට අරුත් දක්වන්නෝ මෙම කවිය ප්‍රථමයෙන් සකස් කර ඇත්තේ ” නපුරු උණ ක‍ටුව පතුලේ ඇනුනාය” යනු වෙන් බවත් කාලයාගේ ඇවෑමෙන් “වූ” යන්නට ” උ” යනුවෙන් යෙදුනු බවත් “න” ට මුර්දජ “ණ” වූ බවත් එසේ වීමට හේතුව ක‍ටු උණ පඳුර උයනේ පිහිටා තිබීම යයි සලකති.
පෙතන්ගොඩ උයන ආශ්‍රිතව කුඩා වැවක් වූ බවද , එහි ඉහල කොටස උඩත්තාව යනුවෙන් හැදින් වෙන බව දැක්වේ. මේ වැව උයනට සම්බන්ද ව පැවති බව සමහර අය සදහන් කරති.
පෙතන්ගොඩ උයනේදී අසධ්‍ය වූ රජතුමා අඟුලකින් සීතාවකට ගෙන ඒමට කටයුතු සැලසීය. ඒ එන අතර තුර කරවනැල්ල (කොර‍ටු වැල්ල) ප්‍රදේශයේදී රජතුමා කොරවිය. ඒ වෙනු වෙන් සකස් කරන ලද තෙල් බෙහෙත් වල නාමය සහ අඩංගු වූ ඖෂධ වර්ගයන් සදහන් නාම අපේ පැරනි වෙදමහත්වරුන්ගේ වට්ටෝරු අතර අතර ඇත.
රජ අඟුල කැලනි ගගින් සීතාවක ඔයට හරවා උඩුගම් එන අතර කිකිල් බිත්තර ඇල්ල නම් ස්ථායේදී රජ තුමා අවසන් හුස්ම හෙලීය. රාජ පුරෂයෝ රජතුමාගේ ඇගට අත නොතබා අවසන් කටයුතු කරන අන්දම කල් පනා කලේය. ඔවූහු වහා ගගේ සිට ගොඩ බිමට ඇලක් කැපූහ. ඇල දිගේ අඟුල ගෙනත් ඒ පිටින්ම වල දැමූහ. අද සීතාවක ඔයේ කිකිලි බිත්තර වැල්ල අසල හිඟුරුගම් මෝදර නැමති ඉඩමේ රාජ සිංහ සොහොන යනුවෙන් හැඳින් වෙන්නේ එම ස්ථානයයි.
මෙම මතය පිලි නොගන්නා අය සිටී. ඔව්න් කියා සිටින්නේ රාජ සිංහයන් අවසන් හුස්ම හෙලුවේ කිසිවෙකු නැති අසරන යෙකු වශයෙන් නොවන බවය. රත්නාවලී කුමරිය සහ රාජ සූරිය කුමරා ඇතුළු සම්භාවනීය ඥාතී පිරිසක් එවකටද ජීවත්ව සිටියේය. ඔවුන් තම ඥාතිවරයාගේ මෘතදේහය අතර මග දමා නොපැමිනි බවත් සීතාවක මහ වාසල කරා ගෙන එන ලැබූ දේහය ආගමික වතාවත් ආදිය පවත්වා වර්ථමාන තල්දූව “සොහොන් පොල පිටිය” මන්ඩියේදී භූමදානය කල බවය.
රජතුමාගේ දේහය ගෙන යාමට කැපූ ඇල අඟුලක් නොව පෘවක් ගෙනයාමට වත් ප්‍රමාන නොවන බවත්, මේ ඇල වංගු සහිතව තිබෙන බවත් සීතාවක ඔයේදී කළුරිය කල රජතුමා මිහිදන් කරන්නට අවශ්‍ය නම් කෙලින්ම ඔයේ සිට සුසානය කල ස්ථානයට ඇලක් කැපිය හැකිව තිබුන බව පවසති. රාජසිංහයන් ඔත්පලව පෙතන්ගොඩ උයනෙහි වසන බව දැන ගත් විමලධර්මශූරී (කොනප්පු බන්ඩාර) රජතුමා ඔහුට ක්‍රියාත්මක වූ ගනිතයා නූලක් පිලියෙල කරගෙන මතුරමින්ම සීතාවක බලා පිටත්විය. ඔහු නූලට හැත්තෑ වන ගැටය ගැසූ තැන ගැටහැත්ත විය. සීතාවකට පැමිනි ඔහුට දැනගන්නට ලැබුනේ රජතුමා තවමත් පැමිනියේ නැති බවය. එම නිසා ඔහු “සීතාවක ගොලෑබොක්කෑ” ඇපල පිටිය රුවන් වැල්ල මාර්ගය ඔස්සේ ඉදිරියට ගියේය. ගොලෑබොක්ක අසලදී දෝලාවෙන් වඩමවා ගෙන එන රජතුමා ඔහුට හමු විය. රෝග පරිෂාකරන විලසින් ඔහු තම අත වූ නූල රජතුමාට පන්නවා ගත්තේය. ඉන් අනතුරුව ඔහු නැවත ජපකිරීමට පටන් ගත්තේය. රජ තුමා අවසන් හුස්ම හෙලීය. රාජ පුරුෂයෝ රජතුමා ගේ සිරුර ගොලෑබොක්කේ මිහිදන් කලේය. මෙයද ජනංශෘතියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් කථවකි.
මෙම ජනංශෘතිය ඇත්තනම් ගැටහැත්ත හා අවට ගම් කිහිපයක් වටා ගෙතුන වෙනත් කථාවක් බිඳ වැටේ. එනම් තොරනකඩ නම් ගමේ තොවිලයක් විය. තොවිල්පල ඉදිරි පිට තනා තිබුන මල් පැල හෙවත් තොරන බිඳ දමා එතැනට අරක් ගත් යක්ෂයා පැන දීවේය. යකදුරු ඔහු පසු පස ලුහු බැන්දේය. හැතෑවන ගැටය ගසා ඔහු යක්ෂයා අල්ලා ගත්තේය. එතැනට ගැටහැත්ත විය. යකදුරු යක්ෂයාව ආපසු ගෙන ගියේය. අතර මගදී ඔහු යකාට වද දුනි. යකා මොර දුන්නේය. එතැන මොරගල විනි. ඉන් නොනැවතුන යකදුරා යක්ෂයාව දවා අලුකලේය. එතැන යකුදා ගොඩ විය.
රාජසිංහයන්ගේ යැයි සම්මත ස්ථානයේ තිබෙන සොහොන එතුමාගේ නොවන බවටද මතයකි. ඒ තර්කය එන්නේ එහි පිහිටීම අනූවය. සීතාවක මහනිවර පුරාන මාර්ගයේ මංසලකුනු අදද දැකිය හැකිය. ඒ අනූව රාජසිංහ සොහොන පිහිටියේ පාර මැදය. මහා මාර්ගය මැද මිහිදන් කිරීමක් සිදුවන්නේ නැත. එසේ නම් මේ සොහොනක්ද? ඊට පිලිතුරු මෙසේයි. සීතාවක පාලනයට විරුද්ධව උඩ ‍රැටියන්ගේ කුමන්තරනයක් විය. ඔවුනට තමන්ගේම රජෙක් අවශ්‍ය විය. චර පුරුෂයන් මගින් රාජසිංහයෝ මෙය දැන ගත්හ. කුමන්ත්‍රන කරුවන්ගේ මූලිකයා වන වීර සුන්දර බංඩාරයන් “වලගම වට්ටාරම” දෙනවා යැයි කියා. සීතාවකට ගෙන්වා ගන්නට යෙදූ උපාය සාර්ථක විය. වීර සුන්දරයන්ව කැදවා ගෙන ඒමට පිටත් කර හරින ලද්දේ වික්‍රම සිංහ සහ සෙනවිරත්න යන මුදලිවරුන්ය. සීතාවකින් ගිය නිලධාරීන් දෙපස වීරසුන්දර බන්ඩාර මැද යන පිලිවෙලට ඔවුන් පැමිනේ. දෑලේ පැමිනි දෙදෙන බොරුවල දනී. කිසිවක් නොදත් වීරසුන්දර මැදින් පැමින ගොලෑබොක්කේ බොරුවලේ වැ‍ටුනේ අශ්වයාද සමගය. මේ සිද්ධිය නිසා පාරමැද සොහොනක් විය. සොහොනයයි දැක්වෙන ස්ථානයේ ඇති නටබුන් විමලධර්මශූරිය කිරුලු පැලැදුමෙන් පසු පියා සිහිවීම සදහා තනවන ලද ස්මාරකයක නටබුන්ලු.