අවිස්සාවේල්ල පනාවල මාර්ගයේ නුගේ වත්ත ගම්මානයට හැරෙන ස්ථානයේ ගංඉවුරේ අඩි 3*4 ප්‍රමානයේ විශාල කැටයම් තීරු හතක් සහිත ගල් ආසනයක් වේ. බැ‍රැන්ඩි කෝවිලේ තිබුනේ යැයි සැලකෙන මෙම ගල් ආසනය උණ ලී පහුරක පටවා ගෙන මෙම ස්ථානයට ගෙන විත් ඇත. තො‍ටුපලේ ඔරු බැඳීමට භාවිතා කර ඇත. හින්දු දේවාල වල නන්දි ගව රූප තබන ගල් ආසනයක් ඇත. බැ‍රැන්ඩි කෝවිලේ ගල් ආසනයෙන් ගව රූපය ඉවත්කර ආසනය පමනක් මෙම ස්ථානයට ගෙන එන්නට ඇත. මෙම අලංකාර ගල් ආසනය වර්ථමානයේ ගගේ වැල්ලෙන් වැසී පවතී.
හත්මාල ගලට ඉහලින් ගැටහැති ඇල මෝය අසල පැරනි පාලමේ පැති බැම්මක් දැක ගත හැකිය. කැපූ කබොක් ගලින් මෙම බැම්ම ඉදිකර ඇති අතර අනෙක් ඉවුරේ පැති බැම්ම ඉවුරු කඩා ගෙන යාම නිසා විනාශ වී ඇත.