හදාරන්නන් පිරිසක් පෙන්වා දෙන්නේ ප්‍රධාන පෙලේ Android මෙහෙයුම් පද්ධතිය Pre-installed මට්ටමින් එන උපාංග 38ක පමන හානිකරයන් (Malware) හඳුනා ගන්නට තමන් සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙ හනිකරයන් official ROM මට්ටමින් එම උපාංග වෙතට ස්ථාපනය වන ඒවා නොවුනද, ඒවායේ සැපයුම් ක්‍රියාවලියේ යම් තැනකදී එම උපංගය වෙතට ස්ථාපනය වන්නට කටයුතු වන බවයි. මෙම හානිකරයන් ගෙන් බහුතරයක් අදාල උපංගය මත ක්‍රියාත්මක වෙමින් භාවිතාකරන්නන්ගේ තොරතුරු සොරා ගැනීම මෙන්ම වෙළඳ දැන්විම් කැදවීමට කටයුතු කරන අතර සමහර විටක ransomware ආකාරයේ හානිකරයන් හමු වීම්ද සිදුවන බවයි. උදාහරනයක් ලෙසට Slocker නම් හානිකරය පෙන්වා දෙනවා. Loki malware වැනි හානිකරයන් මෙලෙස හානිකර ලෙසට හැසිරෙන වෙලඳ දැන්වීම් කැන්දවන හානිකරයක් ඔවුන් පෙන්වා දෙනවා. එසේම සමස්ථ උපාංගයේම පාලනය පැහැර ගන්නට සමත් වන හානිකරයන් ස්ථාපනයටද කටයුතු කල හැකි බවටයි පෙන්වා දෙන්නේ.විටක මේසේ පෙර මට්ටමින් ස්ථාපිතව පැමිනෙන හානිකරයන් සරල මට්ටමින් හඳුන ගන්නට අපහසු වීම සිදුවන අතර ඉහල මට්ටමක ආරක්ශක මෘදුකාංග සහයක් ඒසදහා අවශ්‍ය විය හැකි බවටයි සඳහන් වන්නේ.
මේ අතර Google වෙතින් පැමිනෙන නිවේදනයක් පවසන්නේ තමන් Android 7.1.2 Nougat එලබෙන අප්‍රේල් 3 දා නිකුතුවට සූදානම් බවයි. පලමුව සහය දක්වන Nexus හා Pixel උපාංග වෙතට මෙම නිකුතුව සිදුවීමට නියමිත අතර ඉදිරියේදී අනකුත් උපාංගවෙතට ලබ දීමට කටයුතු කරනු ඇත.