සමස්ථ තොරතුරු තාක්ශන අවකාශයේ ආකෘතිය සැලකිය යුතු ලෙසට නැවත විමසීම සියලු දිශාවන්ගෙන් පැමිනෙමින් තිබේ. Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති මූලික වෙලඳ පොලෙන් තීරනාත්මක වෙනත් දිශාවකට වන දිගුවක් ලබ ගන්නට කටයුතු කල අතර මේ වන විටසැලකිය යුතු සාර්ථක බවක් ඉන් අත්පත්කර ගනිමින් සිටින බවට සාධනය වෙමින් තිබේ. Apple හි  CEO වරයා වන Tim Cook මහතා තම සේවක හමුවක්  “town hall” වල දී පවත්වමින් පවසා සිටින්නේද iPhone මූලික වෙළඳ පොල වෙතින් විස්ථාපනයක් ලබන්නට කාලය එලබ ඇති බවකි. අට වසරක තම ප්‍රධාන උපාංගය මූලික ව සිදුවන වෙලඳ අවකාශය තවදුරටත් බලාපොරොත්තු තැබීම වෙනුවට අනෙකුත්  platforms දෙසට වන දියුනු කිරීම් කෙරෙහි වැඩි අවධානය යොදන්නට තීරනය කර ඇති බව පවසන්නට කටයුතු කෙරෙනි.  Apple Music සේවාව Android සමග මිතුරුකරවීම ,  iTunes සමග Windows යාවීම වැනි ඉදිරි අනගත සැලසුම් රාශියකට ඉගිකරන බවක්  මෙහිදී කැපී පෙනිනි.
සමස්ථයක් ලෙසට සැලකීමේදී ප්‍රධන පෙලේ ආයතනයන් වන Microsoft, Google ඇතුලු තොරතුරු ලෝකයේ යෝධයන් තව දුරටත් තම අනනය platforms වලින් මිදී විවෘත අවකාශයකට පැමිනීම භවිතාකරන්නන් හට වඩාත් සිත්ගන්නා සුලු නිදහසක් ලැබෙන බවට අනුමාන කල හැකිවා මෙන්ම වඩාත් හොඳ සේවාවක් සදහාද එය මනා සහයක් වනු ඇති බවට බලපොරොත්තු තැබිය හැක.