Back to Top

Category: History

ටිකිරි කුමරු

ටිකිරි කුමරු කුඩා කල සිටම යුධ ශිල්පයෙහි දක්ශයෙක් විය. රණශූර අස්වාරෝහකයෙක් විය සියලුම යුද්ධවලින් ජයංග්‍රහනයම ලබා ගත්තේය. ඒ නිසා මායාදුන්නේ පිය රජු කුමරුම බොහෝ සෙයින් ඇළුම් කලේය. තමා ජීවත්ව සිටියදීම රාජ්‍යය විචාරීමත්, සියළුම බලතලත් යුධකටයුතු කුමරුට පවරා තිබුනි. අපක්ෂපාත ඉතිහාස පුවතක් සේ ගතගැකි එකම ග්‍රන්තය වූ රාජාවලියේ ඔය චෝදනා කිසිවක් සදහන් නොවේ. උඩරට දී කරල්ලියැද්දේ හා කල යුද්ධයෙන් ජයගෙන පැමිනි ටිකිරි කුමරු කෙරෙහි පැහැදුනු පිය රජු ටිකිරි කුමරුට බල සෙනග හා යුධ කටයුතුද පවරා දුන් අන්දම රාජවලියේ මෙසේ විස්තර කරයි.
” මායාදුන්නේ රජ්ජුරුවෝ තමාගේ ශ්‍රී රාජසිංහ කුමාරයන්ට තමාගේ ආඥාපනතට පවතින හැටියට පවතින්න මහා සේනාවටත් රට වත් අවසර දුන්නාහ. එසේ අවසර ලැබෙ ගෙන කුමාරයා පියමහ රජානන් සිත් ලෙසට විසුවාහ. ”
ටිකිරි කුමරුගේ සොහෝයුරු තිඹිරිපොල කුමරුට රජකම පැවරීමයි භික්ෂූන්වහන්සේලාගේ අපේක්ෂාව වූවේ. එහෙත් මයාදුන්නේ ගෙන් ඊට ඉඩ නොලද විට කුමන්ත්‍රන ඇති විය. තැනින් තැන පිරිත් පල වලදී භික්ෂූන් ‍රැස්ව කතිකා කරන්නට ඇත. කුමරු අල්ලා මරවන්නට පවා අවස්ථා සොයන්නට ඇත. යකුන් අල්ලා බන්දනය කරන්නට සැරසුනේත් එය රජුට සැලවී එතැනට පැමින භික්ෂූන් ඝාතනය කිරීමට යොමු වුනේත් මේ හේතුව නිසා නොවිය හැකිද? ගනේගොඩ දෙවි දු‍ටු විට භික්ෂූන් බියවී අවසිහියෙන් පැමින වලට පැන්න බවට ජනවහර එක් වී ඇත.
ගනේගොඩ යාදින්නේ එන විස්තර විමසිය යුත්තකි. රජු මරන්නට කල වැයමක් ව්‍යාර්තවීමෙන් පසු තව දුරටත් ජීවත් වන විට දේවත් වයෙන් සැලකුවා වන්නට බැරිද?
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

පැවති සාර ධර්ම ක්‍රමයෙන් අභාවයට යමින් නිසරු සංකර…….

තල්දූව, කඹුරපොල වැනි දේවාල ගම් වලින් දේවාලයේ සියළුම කාර්යයන් ඉ‍ටුකිරීම ඉඩම් බුත්ති වින්ද අය දේවාලය වෙනුවෙන් නියමිත කාර්යයක නිරත වූහ. මුත්තෙට්‍ටුව රාජකාරී කටයුතු සදහා විධානේට නියමිත කුඹුරයි. ලේකමලෑ වත්ත, රදාතොටේ ඉඩම, ආචාරිගේ වත්ත, නැකැතියෑ කුඹුර, බඩ හැලැයෑ කුඹුර ආදිය ඒ ඒ කාර්යන් සදහා පැවරී තිබුනි.අද මේ රාජකාරී වෙනු වෙන් දේවාලය බදු මුදල් අයකරගනු ලැබේ. කඹුරාපොල කර්මාන්ත කරුවන්ගේ ගමක් වන්නට ඇත. කෝරලේ ඉඩම් නමින් වූ සමහර ඉඩම් දේවාලයට නොව කෝරලයට අයිති වූ ඒවාය.
සාම්ප්‍රධායිකව කීරුන වී වගාව විශේෂ චාරිත්‍ර වාරිත්‍ර විධිවලටම යටත්ව සිදු විය. සී සෑමට අවශ්‍ය ගව සම්පත ගමෙන් සොයා ගතහැකි විය. සියළුම වැඩ අත්තම් ක්‍රමයට කෙරුනි. අස්වනු සරු කිරීමට අද මෙන් රසායන විධි භාවිතා නොවීය. ඒ සදහා විශේෂ කෙම් විධි අනුගමනය කෙරිනි. අස්වනු සරු වූවේ දෙවියන් යකුන් සරුවූ තරමටයි. අධික තෘෂ්නාව ඒ නිසා අඩු විය. ගොයම් කැපීම කුඹුර නෙලීම සී සෑම , මැඬවීම ආදී සියළු කටයුතු වලදී මෙහි ගී ගැයීම විඩාව අමතක කිරීමට හේතු විය. කයිබත කුඹුරට නැතිවම බැරි අංගයක් විය. ගෙවිලිය කුඹුරට ගෙන ආ ඇඹුල වේල හැම දෙනාම සතුටින් අනුභව කලහ. අස්වනු කෙරෙහි තෘෂ්නාව අඩු වූ නිසාම ඔවූහු ලද පමනින් සතු‍ටු වූහ. අස්වනු අඩු වීම හෝ වැඩි වීම දෙවියන්ගේ කැමැත්ත අනුවම සිදුවන බව විශ්වාස කලහ. එබැවින් දෙවියන් යකුන් සතු‍ටු කිරීමට අවශ්‍ය අපිලිවෙත් පිරූහ. පරිභෝජනයට වඩා වැඩි පුරම නිෂ්පාදනය වූ ගම්මිරිස්, පුවක් , කුරුඳු වැනි දෑ මුස්ලිම් වෙලෙන්ඳන්ට විකුනා ඒ වෙනු වට ඔවුන්ට අවශ්‍ය දේ ලබා ගත් බව පෙනේ. සිංහලයන් හා මුස්ලිම්වරුන් සංස්කෘතීන් දෙකකට අයත් වුවත් ආරවුල් පැන නොනැගුනි. දෙගොල්ල අතර වැඩී ගිය සමගි දම ප්‍රකශවන නොයෙකුත් ගැමි කතන්දර ගෙතුනි.
ගමනා ගමන වාර්ග දියුනු තත්වයක තිබුනු බවක් නොපෙනේ. එහෙත් සීතාවක සිට ගැට හැත්ත දක්වා පලල් මාවතක් තිබුනු බව පෙනේ. එම මවත සබරගමුව දක්වාව විහිදී තිබුනි. උඩරටට ප්‍රධාන මාවත වැටී තිබුනේ තල්දූව, ඇපලපිටිය, යාලේගම, දයිගල හරහා රුවන්වැල්ල වැටෙන සේය. අ‍ටුළුගම හරහාද සමාන්‍ය මාර්ගයක් තිබී ඇත. හංවැල්ල හරහා කොළඹට ප්‍රධාන මාවතක් තිබෙන්නට හැකිය. සීතාවක නදියත් කැළණි නදියත් දිගේ ඔරු, පාරු අඟුල් වලින් ගමන් යාම සිරිතක්ව තිබුනි. රාජසිංහ රජතුමා නිතර පෙතංගොඩ උයනට ගමන් ගත්තේ ගඟ දිගේ දේව අඟුලෙනි. අවසන් ගියේද අඟුලෙන්ය.
මැණික් සෙවීම බොහෝ කාලයක සිට රත්නපුර දිසවට අයත් ප්‍රදේෂයේ ප්‍රචලිතව පැවතුන අතර ඇත් දත් සැපයීමද ප්‍රදේශයේ ජනංප්‍රිය විය.
යුරෝපියන් අනූව සිතන්නට හා ජීවත්වන්න පුරුදු වෙමින් ඔවුන්ගේ නම් ගම් පවා භාවිතාකරමින් ආගමද වෙනස් කර සංකර සමාජයත් ගොඩ නැගෙන්නට ආරම්භ වුනේ ධර්මපාල . රජු දොන් ජුවන් නමින් බෞතීස්ම ලබා එම ආගම වැලඳ ගෙන පෘතුගීසීන්ගේ ගැත්තෙකු බව පත්වීමෙන් අනතුරුය. පැරනි කෘෂිකාර්මික ගැමි සමාජයේ පැවති සාර ධර්ම ක්‍රමයෙන් අභාවයට යමින් නිසරු සංකර රටාවක අනූව දිවි ගෙවන්නට පුරුදුවී සිටිමු.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක යුගයේ කෘෂිකාර්මික ගැමි ආර්ථිකය

පැරණි සීතාවක ප්‍රදේශයේ ආර්ථිකය ගොඩ නැගී තිබුනේ ග්‍රාමීය කෘෂිකර්මාන්තය පදනම් කරගෙනය. වසර පුරාම වර්Sගා පතනයක් ලැබෙන බැවින් වැසි ජලයෙන් වී ගොවිතැන් කිරීම ප්‍රධාන තැනක් ගනී. එදා පැවති වැඩ වසම් ක්‍රමයට ගැමියෝ පුරුදුව සිටියහ. මානියම්ගම මහයාට දුන් නියම් ගමයි. මානියම්ගම මහා ගම්මානයකි. අටළුගම, කනංගම, දෙබෑගම , යෝගම, යාලේගම, කොස්ගම, රංගේගම වැනි ග්‍රාමනාමයන් කුඩා ජනපද හැදින් විනි. ක්‍රි.පූ. අවධියේ සිටිඅ ගම්නායකයා “ගමික” නම් විය. රජලෙන ලිපිය දිවුරුම්පිටිය, දෙහිගහපිටිය, තලාවිටිය, දෙහිඔවිට, පුවක්පිටිය, ඇපලපිටිය, වැලිවිටිය, තැලුම්පිටිය වැනි තැනි බිම් ‍රැසක්ද සීතාවක වටා වේ.
එදා නිවර්තන කලාපීය වනාතර වලින් වැසී පැවතුනු කඳු මුදුන් අධිරාජ්‍යවාධීන් පුරුදු කල ආර්ථික වගාවක් වූ රබර් නිසා අස්වාභාවික ස්වරූපයක් ගති. මේ නිසාම සොදාපාලුවට යටත්වූ සියලුම කඳු මත කලුගල් මතුවී ඇත. දියකඳුරු දෙපස තැනි බිම් වල ගංවතුරින් ගෙන ආ දියලු පස් තන්පත් වූ සරු බිම් වී වගාවට යොදා ගෙන ඇත. කුඹුරු වලට ඉහල බිමේ මිනිසුන් පදිංචි වී සිටි ගම්ගොඩවල එදි නෙදා ජීවිතයට්ට අවශ්‍ය වූ ඖෂධ පවා ගමෙන් ලබ ගන්නට හැකි විය. ඔවුන්ගේ ස්වයංපෝෂනයට වනයද බොහෝ දුරට ඉවහල් විය. ඇතැම් විට ගැමියෝ හෙල් බෑවුම් එලිපෙහෙලි කර හේන් කොටා ඇල් වී කුරක්කක්න් වැනි දෑ වැවූහ. පන්විලේ හේන වී දාච්ච හේන ඔලිඇද්දපු හේන වැනි හේන් නාමයන් හැදින් වෙන ඉඩම් හෙල් බෑවුම් වල ඇත. එදි නෙදා ජීවිත යාපනයට අදාල සියලුම දේ ගමෙන්ම නිපදවා ගෙන ඇත. රෙදි පිලි, ලුනු වැනි දේ පිටින් ලබා ගන්නට ඇත.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක නුදුරු උස් කඳු මුදුන යකහ‍ටුවයි.

සීතාවක නුදුරු උස් කඳු මුදුන යකහ‍ටුවයි. (යක + ඇහැ‍ටුව) සැදෑ කල කඳුමුදුන්වල පතිතවන හිරු‍රැස් ‍රැස්සිගේ අවුව්ව හැටියට ගැමියෝ අදහති. රාස්සිය මේ අවුවෙන් වි පැදුරු හතක් වේලා ගන්නේලු. ගිරි දේවිය (පාර්වතී) හා ශෂ්‍ය පිලිබඳ සබඳ කම මෙයින් හෙලිවෙයි. කාලිය කඳු මුදුන් වලට අරක් ගත් විට ගිරි දේවියයි. කාලිය, ගිරි දේවිය, බිරාඬි, පත්තිනි, සීතා ඇදහීම ඈත අතීතයේ සිටම පැවති බවත් බිරාඬි දෙවොල සීතාවක සමයට වඩා පැරණි විය හැකි බවත් මේකරුනු වලින් සනාත වෙයි. පියාගේ මරණය පිලිබඳ චෝදනාව මත කලකිරීමකින් පසුවූ රාජසිංහ රජුට භික්ෂූන් වහන්සේගෙන් පිලි සරනක් නොලඳ විට අවස්ථාවාදී අරිට්ඨකී වෙන්ඩු ඊට ඉදිරිපත් වූවෙන් භිරාඬි දොවොලේ පාලනය ඔහුට ලැබුනා විනා එහි නිර්මාපකයා ඔහු නොවුනු ඇත.

මෙහි සඳහන් මායාදුන්නේ පුරය සීතවකම බව ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගලයෝද පිලිගනිති. එසේ නම් මේ දිවි භූමක උපුල් වන් දේවාලය කොදැනකද? පැරණි සීතා, පත්තිනි, කාලි දෙවොල් බිමේම මෙය ඉදිවන්නට ඇත. පාෂාන මය ගොඩනැගිල්ලක් ඉදිකොට උපුල් වන් දෙවි රුවක්ද තැබුවා විය හැකියි. ආදිගුරුන්ගේ බලයට යටත් වූ පසු මෙම වෛශ්නව + ගෞරි දේවාලය ශිව +උමා දෙවොලක් බවට පත්වන්නට ඇත. මෙය බටහිරට මුහුනලා තිබීම විශේෂයෙන් වරුණ හා සම්බන්ද කල හැකි ශාක්ෂියකි. මෙම බිම අදත් මහනුවර විෂ්නු දේවාලයට අයත්වීම තවත් සාධකයකි.

සීතාවක යුගයටත් පෙර සිටම දකුනු ඉන්දියාවෙන් තවුස් වෙස් ගෙන මෙහි සංක්‍රමනය වූ සන්‍යාසීන් නිසා උමා වැනි දේව ඇදහිලි වලට අමතරව යන්ත්‍ර මන්ත්‍ර විධි හදිහූනියම් ඇස්වහ කටවහ හෝවහ ආදිය පිලිබඳ අදහස් බෙහෙවින් ප්‍රචලිත වන්නට ඇත. මිනිසාට සම්පත් දෙන්නේ දෙවියන්ය.(දේවෝ ඳානාත්) ව්‍යසන පමුනු වන්නේ යකුන්ය. ග්‍රහයෝ ඒ දෙකම කරති ග්‍රහ අපල දුරු කිරීම සඳහා ජ්‍යතිශය දත් ඇදුරන් ලවා කේන්ද්‍රය පරික්ෂා කරවා බලියාග කෙරේ. කෝට්ටේ අවදියේ විසූ ශ්‍රී රාහුල හිමි ජෝතිෂය දැනීම අතින් ඉහල මට්ටමක සිටි කෙනෙකි. බමුනන් පවා තොටගමුව විජයබා පිරිවෙනෙහි අධ්‍යාපනය ලද බව ගිරා සංදේශය කියයි.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

… ගැට හැත්තෑවක් ගැසූ තැන “ගැටහත්තේදී” අල්ලා ගති.

මෙසේ කාලි බිරාඬිය පිදීම ජගත්මාතා පිදීමේ බෞද්ධ මුහුනුවරයි. භෛරන්ඬි, භෛරවී, බිරාඬි කාලි යක්ෂනියම වේ. සීතාවක භෛරන්ඬි දොවොල ඈත අතීතයේ සිටම සීතාවක උදෙසා හෝ වේවා කාලියක්ෂනිය සදහා හෝ වේවා මුල් වූ තැනක් බව සිතා ගත හැක. කාලිය දේවත්වයෙන් සිටින විට සීතා, පත්තිනි උමා යන නම් වලින්ද, භීෂන සේරූපයෙන් සිටින විට දුර්ඝා ශ්‍යාමා , කාලි, භෛරවී වාමුන්ඩි , මෝහනී ආදී නම්වලින්ද හැදින්වේ. යකදුරන්ගේ ආරක්ෂක මන්තරයක් වූ නව කුණ්ඨරාජ යෙන්ද ඇය වෙනුවෙන් ඉමාන් භෛරවී, කාල භෛරවී, අකාල භෛරවී, ඝෝර භෛරවී යන නමින් ද ඇතුලත් වේ. මේ නම් ඇතුලත් වන සියළුම ජනකථා මාතෲ දෙවගන පිලිබඳ වූ එකම ඇද හිල්ලක විවිධ ස්වරූප විවිධ අවස්ථා සේ සැලකිය හැකිය. රාම සීතා රාවණා හෙවත් කාලී යක්ෂනී, අප්පදානයත් පත්තිනි පාලහ ඇදහීමත් ඒකම ඇදහිල්ලක විවිධ ස්වරූපයන්ය.
ශෂ්‍ය වර්ධනය සදහාත් වසන්ගත රෝග වලින් මීදිමටත්, දරුවන්ගේ ආරක්ෂාව උදෙසාත් කිරි අම්මලාට දන්දීම ලක්දිව හැම පෙදෙසකම කෙරේ. එදා බුද්ධ කාලයේදී කාලි යක්ෂනියට බලි පිදූ ලෙසටම අදත් මේ සිරිත පවතී. කිරි අම්මා යනු ගිරි අම්මාය. ඇය පාර්වතිය යයි. ගිරි දේවිය යැයි. තල්දූවේ පිහිටි කිරි අම්මලා කන්ඳ මේ ඇදහීමට සම්බන්ද විය හැකිය. කිරිඅම්මලා පිදීමේදී පත්තිනි දේවියට මුල් තැන දෙනු ලැබේ. හලාවතට නුදුරු මුන්නේස්වරන් දෙවොලද පත්තිනි, පාර්වතී, කාලි, දොවොලකි. මාදම්පේ තනිය වල්ලභ රජුකල සීතාවක වාසලින් මුන්නේස්වරමට ඇතුන්, සඳුන්, ඇතුළු පිදවිලි නියම වී තිබුනු බවට එම දෙවොලේ ලිඅවිලි වල සදහන් බව කියැවේ.මෙම දෙවොලද සීතාවක සමයට වඩා පැරණි එකකි.
ලිහිල් වූ වස්ත්‍රය හැඳ ගන්නා තුරු දරුවෙකු වඩ ගන්නට දෙන කාන්තා අවතාරයක් ගැනද විස්වාසයක් ඇත. මේ මෝහනිය කාලි යක්ෂනියම නොවේද? කාලි යක්ෂනි කථාවට සමාන ජන කථාවක් සීතාවකට නුදුරු ගැට හැත්ත සම්බන්ද කරගෙන ගොඩ නැගී ඇත. එක් යක දුරෙක් යක්ෂනියක බන්දනයට හසුකරගෙන සිටියේය. ඔහු ගෙදර නොසිටි ගලවාඅවස්ථාවක යක්ෂනිය ඇදුරු බිරිය රවටා ඉසේ ගහා තිබුනු ක‍ටුව ගලවා ගෙන බන්ධනයෙන් මිදී ඇදුරු බිරියද මරා දරුවාද කා ඇදුරා වෙත ගියාය. ඇදුරා ඇය පසු පස ලුහුබැඳ ගැට හැත්තෑවක් ගැසූ තැන ගැට හත්තේදී අල්ලා ගති. ඇදුරු බිරියත් යක්ෂනියත් කාලියක්ෂනී කථාවේ සපත්තීන්ට සමානය.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතා, කාලිබිරාඩි, පත්තිනි, ගිරි අම්මා හා වෙනත් ඇදහිලි

මහින්දා ගමනයෙන් පසුව වලගම්බා අවධිය වන විට සීතාවක පෙදෙස් බෞද්ධ වටා පිටාවක් පැවතිනි. එහෙත් ඈත අතීතයේ සිටම වෙනත් ඇදහිලි හා විස්වාසද පැවතුනු බවට ශාක්ෂි ඇත. සීතාව පත්තිනියකි. වසර 12ක් ලංකාව සිටි ඇය රාවණයන්ට අවනත නොවූවාය. පති දහම ශක්තිවන්දනාවේ වැදගත් ලක්ෂනයකි. සීතාවක වටා මැදගොඩ, කබුළුමුල්ල, නවගමුව , කඩුවෙල ආදී ස්ථාන වල පත්තිනි දේවාල පවතී. ගජබා සමයේ සිට ලංකාවේ විශේෂයෙන් සීතාවක අවට පත්තිනි ඇදහීම ප්‍රචලිත වී ගිය බව පෙනේ. ගජබා රජුගේ නීල යෝදයා සීතාවකට නුදුරු මාගම්මන ගමේ විසූ බව කනංප්‍රවාදයේ එයි.
ජගත්මාත පිදීම ලෝකයේ නොයෙක් රටවල නොයෙක් ලෙසින් පැවතිනි. මොහෙන්දෝජාරෝ ශිෂ්ඨාචාරයේ පව මෙය පැවතින. ලංකවේද එක් එක් අවධිවල විවිධ ස්වරූපයෙන් ප්‍රචලිතව පැවති අන්දම පෙනේ. රාමසීතා කථාව එක් අවස්ථාවකදී සීතා නදිය අසබඩ බිරාඩි දොවොල ආදියේ සිටම කාලිබිරාඩි (කාලියක්ෂනිය) හා සම්බන්ද වූවා විය හැකිය. කාලිබිරාඩි , _භෛරණ්ඩි- ගේ ආරම්භය බෞද්ධ කථාවකි. දම්ම පද කථාවේත්, සද්ධර්ම රත්නාවලියේත් කාලියක්ෂනියගේ උපත විස්තරවේ. ( කාලි බිරාඩි ලක්දිවට ගෙන ආවේ අරිට්ඨකී වෙන්ඩු නොවේ)
විවාහ වූ කුල පුත්‍රයෙක් තම බිරියට දරුවන් නොවූ බැවින් බිරියගේම කැමැත්ත උඩ වෙනත් විවාහයක් කර ගති. දෙවන බිරියගේ කුස පිලිසිඳ ගත් දරුගැබ දෙවාරයකදීම පලමු බිරිය විනාශකර දැමුවාය. තෙවන වාරයේදී දරුවා පමනක් නොව මවද විනාශ වන පරිදි ඇය කටයුතු කලේ සප්පත්ති රෝෂය නිසාය. වෛර සිතින් මියගිය මව ඊලග ආත්ම භවයේදී අනෙක් එකියගේ දරුවන් කෑවාය. මෙසේ භවයෙන් භවයට වැඩී ආ වෛරය නොසංසිදී විත් බුද්ධකාලයේදී එකියක් යක්ෂනියක්ව උපන්නාය. අනෙක් අය කුලගෙයක ඉපද වැඩී දීගයක ගියාය. යක්ෂනිය දෙවරක්ම මැයගේ දරුවන් කෑවාය. තුන්වන අවස්ථාවේදි ඇය දරුවා ‍රැක ගැනීමට දෙමාපියන් වෙත ගියාය. දරුවා ගොඩ තබා ලිඳකින් නාමින් සිටින විට යක්ෂනිය ඈත එනු දු‍ටුවාය දරුවා ‍රැගෙන දිවූ ඇය බුදුන් හමුවට ගොස් පිහිට පැතුවාය. බුදු බණ අසා යක්ෂනිය ගේ වෛරය සංසිඳුනි. ප්‍රාන ඝාතයෙන් වැලකුනු ඇයට බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි අනෙක් කාන්තාවගේ ‍රැක වරනය ලැබුනි. යක්ෂනිය ගස් බෙනයක ඉන්නට සලස්වා ආහාරය පුදන විට යක්ෂනියද ප්‍රතිඋපකර වශයෙන් ඔවුන්ගේ ශෂ්‍ය වර්ධනයට උපදෙස් දුන්නාය. වසංගත රෝග ආදියෙන් ආරක්ෂා කලාය. මේ පුවත ඇසූ ගමේ අනෙක් අයද යක්ෂනියට සලකන්නට වූහ. ඒ අනූව කාලියක්ෂනිය ගමට ආශිර්වාදයක් වූවාය. ශ්ෂ්‍ය වර්ධනය සදහා වසංගත වලින් මිදීමටත් දරුවන්ගේ ආරක්ෂාව පිනිසත් කාලිය පුදනු ලැබේ. මෙම ඇදහීම අටවා කාලය (ක්‍රි.ව. 5 සියවස) දක්වා කාලිබිරාඩි නමින් ලංකාවේ පැවති බව සද්ධර්ම රත්නාවලිය කියයි.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක පුරාණ නගර – 2 –

සැවොල් සංදේශයේදී භෛරව දෙවොලේ ‍රැගුම් පුද හා සිතියම් නරඹා ඉක්බිති හරඟන විමනය්ට යන ලෙස සැවුලා උපදෙස් ලබයි. ඒ අනූව හරඟන විමනත් භෛරව දෙවොලක් ආයතන දෙකක් මෙන් හැඟේ.
රජවිමනේ පැවති තත්වයද කවියා විස්තර කරයි. තඟු ගන රන් ටැම්, දැව පේකඩ, කටහන් රූ බිතුසිතුවම් රන් කොත්, උඩු වියන් අවට සැදී සුදු තිර පහන් වැට අංගෝ පාංග වලින් මාලිගයේ පැවති ක්‍රමවත් භාවය පැහැදිලි වේ. පසන් සභා මඩුවෙහි රජු සිහසුන් අර සිටින විට රජසබේ පෙරෙවි බමුනන් අධිකරන හා රජ නීතී දත් ඇමතිවරු , වාසල මුඛවෙටිවරු, ප්‍රදේශ නායකයන්, මළල දොලුවර සෙනග සි‍ටු සෙනවි ඈපා මාපා වරු, වන්නිවරු හා වන්දීන්ද ‍රැස්වූ බව කියැවේ. රාජසිංහගේ මරණින් පසු මේ රජමාලිගයත් භෛරව කෝවිළත් පරංගීන් අතින් විනාශවූ බව චූලවංශයේ සදහන් වේ.
අද අවිස්සවෙල්ල නගරයේ උසාවි සංකීර්නය පිහිටි බිමේම එදා මෙපුර වීදියේ අධිකරන විමසූ මහපාය පැවති බව සිත අගත හැකිය. එතැනින් මඟුල් මහ වීදියේ සිට ගැටහැති ඇලට සමාන්තරව මහ මඟක් ගැටහැත්තේ කඩවත දක්වාත් එතැන් සිට සබරගමුව දක්වාත් පැවති බව සඳහන් වේ. මේ මග අසල වසුවිල් විට මහ මඬම තිබුනි. වසුවිල් විට මහ මඩම විශේෂයෙන් අවධානය යොමුවිය යුතු තැනකි. අද ගලපිට මඩම නමින් හැහින් වෙන්නේ මේ ස්ථානයයි. ආරාධනා කන්ඳට දකුනු දෙසින් ගැටහැති ඔය අසබඩ පිහිටා ඇත. වසුවිල (පසුවිල) එදා ගවයන් ලැගි ජල බිමක් විය හැකියි. වසුවිල – අවසුවිල වී පසුව අවිස්සවෙල්ල වන්නට ඇතැයි සිතියද හැකියි. මෙතැනින් වම් පස මතඟ කැල සිටි ඇත් හල විය. අදත් මේ හරිය ඇත් පංතිය නමින් හැඳින් වේ. ඊලගට සැවුලාට හමුවන්නේ ගැටහැත්තේ කඩවතයි. එහි හමුදාවක් ‍රැකවරනයේ යෙදී සිටි බව සැවුල් සංදේශයේ කියවේ.                   ගැටහැති ඔය ඉහල පෙදෙසේ දෙයියාගල, මුරුතැන්ගල, හේවායින්න කන්ඳ වැනි ඓතිහාසික ගම් හමුවේ. සීතාවක සිට ගැටහැත්ත දක්වා එකල වූ මහා මාර්ගයේ දෙපස කොස් ගස් වවා තිබුන බව ශක්ෂි ඇත. එදා රජුට වරක සැපයූ පැනිවරකාවද මේ අතර වේ. මේ මග දෙපස තැනින් තැන දක්නා ලැබෙන හත‍රැස් උස් පස් ගොඩැලි මුරකුටි තිබුනු තැන් විය හැක.
පුරාන සීතාවක නගරයේ තවත් කොටසක් ඇත්තේ තල්දූව ගමේය. තෙල්දූව තල්දූව වූ බව පිලිගැනේ. මහනුවර විෂ්ණු දේවාලයේ රාජකාරි කටයුතු සදහා පොල්තෙල් කොප්පරා ආදිය සැපයූ ගම තල්දූවයි. එය අදත් දෙවාල ගමකි. දේවාලයේ සියළුම රාජකරී කටයුතු සදහා කැපවූ පරම්පරා වලට නියමකොට දුන් ඉඩම් තල්දූව කඹුරාපොල ආදී ගම්වල ඇත. ඉර හඳ කෙටූ පැරනි විහාර ලෙනක් කඹුරාපොල ගනේ වත්තේ ඇත.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක පුරාණ නගරය…

මෙම නගරයට සීතාවක යන නම භාවිතා වී ඇත්තේ මෑතකදි විය හැකිය. 16 වන සියවසට පෙර සීතාවක නම භාවිතා වූ තැනක් නොදනිමි. එහෙත් “මයාදුනු පුර” යන නම පැරනි බවක් පෙනේ. “දුනු” යන පදයෙන් “දිනූ” (උපන්) යන්න අදහස් වේ. එමෙන්ම ජයගත් යන අදහසද එහි ඇත. මහයා කෙනෙකු උපන් හෝ ජයගත් නුවර “මායාදුනුපුර” වූ බව පැහැදිලිය. මායාදුන්න වූයේ පසුවය. මහා ආධිපාද හෙවත් මහ ඈපා මහයායි. සිංහල සිරිත අනූව කෙනෙකු රජකමට පත්වන්නේ ඈපා (ආදිපාද) මහයා (මාහාදිපාද) තනතුරු ඉසිලීමෙන් පසුවය. ත්‍රී සිංහලයේ මාහයාගේ රට මායා රටයි.
දහසය වන සියවසට පමන අයත් ලිපි ‍රැසකම සෙල්ලිපි මේ බව කියවෙන පාථ ඇතුලත්ය. සීතාවක උපන් හෝ ජයගත් මහයා කවරෙක් දැයි නිශ්චිත සටහනක් නැත. සීතාවකට නුදුරු තිඹිරිපොල රජෙකුගේ තිඹිරිගෙය තිබූ ගම හැටියටද සැලකේ. එහෙත් එහි උපන් මහයා කවරෙක්ද? මහනියම්ගම නමින් හැඳින්වෙන්නේද මහයාගේ නියම්ගම විය යුතුයි. රජමාලිගාව වූවේද මේ ගමේය. මහ පැරකුම්භාහු මණාභරණ යුගයේදී රුහුණට සෙනවි වරු සිව් දෙනෙකු යවා ඇත.
ඉන් එක් සෙනවියෙකු මහනියාම ප්‍රදේශය භාරව යැවූ බව චූල වංශය සඳහන් කරයි. මේ මහ නියාමය මහ නියම් ගමයි. මයා ගේහ නම් සෙනවියෙකු ගැනද මෙකල සඳහනක් ඇත. සීතාවකත්, මායා දුනු පෙදෙසත් මානියම්ගම්ගමත් එකම පෙදෙසක් සේ සැලකීම වැරදි නැත.
16 වන සියවස මුලදී වූ විජයබා කොල්ලයෙන් පසු බුවනෙකබාහු කෝට්ටේ රජ විය. මායාශුනු පුරයට පැන ආ සිරි විජයබා කුමරු ( ගනේ ගොඩ යාදින්න අනූව) මායා දුනු රජු විය. රයිගමට ගිය කුමරු රයිගම් බණ්ඩර විය. කලින් සිට දැන සිටි පලපුරුදු ප්‍රදේ ශ බැවින් ඔවුන් මේසේ පලා එන්නට ඇත.
එකවන රාජසිංහ සමයේ සීතාව්ක නගරය පැවතුනු අන්දම පිළිබඳ ප්‍රමානවත් අවබෝදයක් සැවුල් සංදේශය ඇසුරින් ලද හැකිය. දෙවි විමනක් රජවිමනක් අතරින් සීතාවක නඳිය ගැලුවාය. දෙවි විමණ තල්දූවේ පිහිටි බිරාඬි දෙවොලයි. රජ විමන මානියම් ගම වර්ථමාන බන්ඩාරවත්තේ රජමාලිගාවයි.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

1562 මුල්ලේරියාව ජයංග්‍රාහී පලමුවන මහ සටන

මායාදුන්නේ සීතාවක රාජධානියේ සිටි නම් සදහන් මුදලිවරුන් හතලිස් දෙනාගෙන් එක් අයෙකු වූ ඒක නායක මහමුදලිගේ නයකත්වයෙන් යුත් සොල්දාදුවන් හාරදහස් පන්සීයකින් රජකීය ඉන්ජිනේරුවන් 400 කින්, ඇතුන් හතරකින් අස්ව හමුදාව කින් සමන්විත සේනාංකයක් සංවිධානය කලේය. 1562 ජූලි මාසයේදී කෝට්ටේ වැටලීය. උපදේශය වූවේ කෝට්ටේ තදාසන්න ගම්වල සියලු දේ ආලපාළු කරන ලෙසටය. ඉන් අගනුවව්‍ර (කෝට්ටේ) නිරා හාරව තබන ලෙසටය. එහින් පෘතුගීසීන් කෙරෙහි බල පෑමක් නැති නම් වෙනත් මට්ටමකින් හෝ පදිංචි කරුවන්ට යටත් වීමට බල කල යුතුය යන්නය.
ඒකනයකගේ උපාය මාර්ග සාර්ථක විය. අවාසනවන්ත (කෝට්ටේ ) වැසියෝ අපේක්ෂා භංගත්වයට වැ‍ටුනහ. මුල්ලේරියාවේ කොලොන්නාවේ (සිංහල) සේනාංක ස්ථාපිත කෙරිනි. මුල්ලේරියාව සහ කොලොන්නව ක්වේරෝස් හඳුන් වන ලද්දේ ඹොලෙරිඅ සහ ඵෙලොන්නය යනුවෙනි.
(කෝට්ටේ) වැසියන් ඔවුන්ගේ අවනත භාවයට ත්‍යාග වශයෙන් එවන් වේදනාකාරී අස්වැන්න නෙලා ගනිද්දී ඔවුන් කැරලි ගැසීම වැලක් වීමට හා ඔවුන්ට සහනයක්ස් අදහා කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නට කෝට්ටේ යුද්ධ කාර්ය මන්ඩලය තීර්නය කලේය.
එවකට මුල්ලේරියාවේ සිටි ඒකනායක මුදලි ඔවුන් හමුවීමට යාමට උත්සුක වුවද සිංහල යුද්ධ මන්ත්‍රන සභාවේ බුද්ධි අංශය බලකො‍ටුව තුල ‍රැඳී පොරොත්තුව සිටින ලෙසට හේ පොලඹවන ලද්දේය.
බලකො‍ටුව මැටි ප්‍රකාර තුනකින් හා පරිභාවකින් -අඹතලේ ඇලෙන්- ආරක්ශාව කරන ලද්දේ විය. පෘතුගීසී හුද ඉට අතේ දුරින් වාඩි ල ගත්හ. දහවලක් සහ ‍රැයක් ගත වුවද සේනංක දෙක පහර දීමක් ආරඹ නොකලහ. අවසනයේදී සීතාවක සේනාවෝ එලියට බටහ. පෘතුගීසීහු සාටනට වන්හ. යුධ බෙර, නලා, හොරනෑවල බිහිසුනු ගෝෂාවෙන් යුද්ධයේ ආරම්භය ප්‍රකාශ විනි. සීතාවක සේනාව ඔවුන්ගේ දිය අගල _අඹතලේ ඇළ හෙවත් මුල්ලේරියාව ඔය ලගට පසුබස්වන තුරු පෘතුගීසීහු වරින් වර ප්‍රහාරයට ලක්වූහ. පෘතුගීසී හේවායෙක් සිංහල සේනාව ඔවුන්ගේ බලකො‍ටුවේ දොර‍ටුව ලගටම එලවාගෙන ගියේය. එහිදී හේ කපා මර දමනු ලැබීය. ඒ අතර හීපාර දෙකක් වැදීමෙන් සිදුවූ තුවාල වලට පිරිවැය වශයෙන් තවත් පෘතුගීසී හේවායෙක් ඒකනායක මුදලිගේ යුද්ධ ධජය උදුරා ගත්තේය.
‍රැයේ කළුවර යුද්ධයට විරාමයක් දුන්නද වෙහෙසට පත්ව සිටි පෘතුගීසීහු ඉර උදාවත් සමග තමන් පසුබස්නා මග අවුර සිටි දෙවන සිංහල සේනාංකයක් දැකීමෙන් භීතියට පත්වූහ. මේ දෙවන සේනාංකය මෙහෙය වන ලද්දේ එව්කට තුවාල සහිතව සිටි රාජසිංහ ලෙඬ ඇදෙන් ඉවත්ව සේනාව සංවිධානය කොට සටනට අවතීර්න වීමෙනි.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

ඓතිහාසික මුල්ලෙරියා භූමිය

අඹතලේ බලකො‍ටුවේ සිට බස්නාහිරට වන්නට විහිදෙන භූමිභාගයකි. එම භූමියේ විශාලත්වය සලකන්නේ නම් පෙර කී බලකො‍ටුවේ සිට සැලකීමේදී පරණ පාර ඔස්සේ සැතපුමක් පමන දිගින් යුත්ත වන්නට ඇති බවයි හදාරන්නන්ගේ යෝජනාව වන්නේ. පලල සැලකන්නේ නම් පැරණි අම්බලම තිබූ ස්ථානයේ සිට වර්ථමානව භාවිතයෙන් පවසන්නේ නම් රණ බිම මාවත ඔස්සේ ඉන් අඩ දුරක් දක්වා වැටී තිබුනු බවට පැවසේ. තවත් ආකාරයකින් මේ ඓතිහාසික භූමි භගය පැහැදිලි කෙරෙන්නේ හේවාගත වෙළත්, නිරිමා වෙලත් අතර ප්‍රදේශය ලෙසට පැහැදිලි කෙරේ. සියලු සීතාවක යුගයේ සිදුවූ මුල්ලේරියා ආශ්‍රිත සටන් වල භුමිභාගය මෙහිය. අකංඩ සටන් පෙලක් දශක ගනනාවක් තිස්සේ මෙහි ගලා ගිය බවටයි ඉතිහාසය හදාරන්නන් පෙන්වාදෙන්නේ. අඩුම වශයෙන් රාජකීයයන් හයදෙනෙකු වත් මෙම භූමිය ආශ්‍රිතව සටන් මෙහෙයවමින් මේ භූමිභායේ තම පා සටහන් තබන්නට ඇති බවටයි ඉතිහාසය පැහැදිලි කරන්නේ. සැතපුම් දහස් ගනනක් දුරින් වූ පෘතුගාලයේ ආක්‍රමනිකයන්ට පවා සසල කරවන්නට සමත් සටන් සිදුවූ මෙම භූමිය සුදු අධිරාජ්‍යවාදීන්ටද  අන්ත පරාජයක් කැදවන්නට මෙම භූමිය මත සිදුවූ සටන් වලදී හැකිවිය.

Posted in History | Leave a reply

කැළනිය මෙන්ම මුල්ලේරියාවද පසුකරමින් පැමිනි සුනාමිය ක් පිලිබඳ තොරතුරු.. -1-

හදාරන්නන් පෙන්වා දෙන්නේ ක්‍රි.පූ ශත වර්ෂයකදී කැළනිය මෙන්ම මුල්ලේරියාවද පසුකරමින් පැමිනි සුනාමිය ක් පිලිබඳ තොරතුරු වන බවයි. කැළණියේ කැළණිතිස්ස රජු රාජ්‍ය කරන සමයෙහි මෙම සිදුවීම සිදුවූ බවකි. රාජාවලිය සදහන් කරන ආකාරයට මුහුද ගොඩ ගැලීම් දෙකක් වූ බවයි. “ද්වාපර යුගයේදී රාවනාගේ අධර්මයෙන් පානේ තුඩ සේ මේ තිබුනා වූ මන්නරමෙන් එපිට තූත්තුකුඩියට අතර තුර රාවනාගේ කෝට්ටයත් මාළිගා පස් විස්සත් වීදී හාරලක්ෂයත් මුහුදට ගීලී ගියාහ.”
දැන්මේ කැළනිතිස්ස රජු අවධියට මුහුදට ගිලුනු ගම් ලක්ෂයක්, ප‍ටුන ගම් හා නවසිය හැත්තෑවක් කෙවුලන්ගේ ගම් හා සාරසිය හැත්තෑවක් මුතු කිමිදිනා ගම් හා ලංකාව අඩුත්තු දෙසින් එකොලොසක් මහ මුහුදට ගිලී ගියාහ. මන්නාරම ඉතිරිව තිබුනේය. ප‍ටුන ගම්වලින් ක‍ටුපිටි මාදම්පේ ඉතිරිව තිබුනේය.
හදාරන්නන් මෙම සිදුවීම් පැහැදිලි කරමින් සටහන් කරන්නේ ” මේ ප්‍රවාදයන් ගෙන් කියන්නේ එක්තරා යුගයකදී නූතන රිත්ත මාපකයේ 7 දර්ෂකයට වැඩි අගයක් ගත් භූකම්පණ දෙකක් ලංකාවට බටහිර මුහුදේ සිදුවූ බවය. භූ කම්පන ව්‍යසනයක් වුවද එය ස්වභාව ධර්මයේ සංසිද්ධියකි. වර්ථමානයේ සුනාමි නමින් හදුවනු ලබන එය ගැන ඔබ දනිති. කැළණි තිස්ස රජ සමයේ සුනාමි තත්වයක්ජ් ඇති වූ බව පිලිගත හැකිය. එකල මුහුද ගොඩ ගැලීමෙන් මුල්ලේරියා ඔය නිම්නය යටවී ගිය බවට ශාක්ෂි තිබේ. නිරිමාවෙල සහ තාදාසන්න පහත් බිම් වල ගඩොල් නිෂ්පාදනයට මැටි ගැනීම සදහා මැටි වලවල් සෑරිමේදී අඩි 10-20 යටින් හමුවන කොළ දඩාන නමින් ගැමියන් හදුන්වනු ලබන, දිරාපත්වූ ශාක තට්‍ටුව එක්තරා කාලයක මේ ප්‍රදේශය වනාන්තරයකින් වැසී තිබුනු බව සිහිපත් කරයි.”
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply

සීතාවක රාජ්‍යය ඓතිහාසික විමර්ශනයක් (6)

එක්වන රාජසිංහ රජු මේ සදහා අවශ්‍යය සියලු කටයුතු සම්පාදනය කලේය. වික්‍රමසිංහ මුදලි බොරලුගොඩ වාඩිලා ගත්තේය. සෙනවිරත්න මුදලි බොරළුගොඩ තැන්නේ වාඩිලා ගත් අතර රාජසිංහ රජ දෙමටගොඩ වාඩිලාගෙන කොළඹ කො‍ටුව වටල ගෙන සිටියේය. මෙසේ කොළඹ කො‍ටුව වටලාගෙන සිටින අවස්ථාවේ අවසනාවන්ත සිද්ධියක් සිදුවිය. වික්‍රසිංහ මුදලිගේ හේවායෙකු සෙනවිරත්න මුදලිගේ හේවායෙකුට දඩුවම් දුනි. දඩුවම් ලැබූ හේවායා සෙනවිරත්න මුදලිට පැමිනිලි කලවිට, ඔහු වික්‍රමසිංහ මුදලිගේ හේවායා කැදවා දඩුවම් දුනි. මේ නිසා වික්‍රමසිංහ මුදලි හා සෙනවිරත්න මුදලි අතර අමනාපයක් ඇතිවිය. මේ අමනාපය ප්‍රබල වීමට තවත් හේතුවක් තිබුනි. වීරෞස්න්දර බන්ඩාර මැරවීමට උපාය යොදා ඔහු ගොලෑබොක්කට කැඳවා ගෙන ඒම නිසා පැහැදුන රාජසිංහ රජු සෙනවිරත්න මුදලිට විරිදුදවුන්ඩේ නම් ගෞරව උපාධිය පිරිනැමීය. මහ ඇමති ගැන අප්‍රසන්නව සිටි වික්‍රමසිංහ මේ අවස්ථාවේ ප්‍රයෝජන ගෙන සෙනවි රත්න මුදලිට හඳි කිරීමට සිතා, ධර්මපල රජුට රහස් පනිවිඩයක් යවා තමාගේ වාඩිය මැදින් ගොස් සෙනවි රත්න මුදලිගේ වාඩියට පහර දීමට කටයුතු සැලැස්වීය. ධර්මපාල රජුගේ සේනාව සෙනවිරත්න මුදලිගේ වාඩියට පහරදීමට පටන්ගත් විට තුවාල ලැබූ සෙනවිරත්න මුදලි වාඩියෙන් පැන දෙමටගොඩ කදවුරට ගොස් සියල්ල තත්වූ පරිද්දෙන් රාජසිංහ රජුට දැන්වීය. රජුගේ කෝපය නිම්හිම් නැතිවිය. එහෙත් කෝපය මැඬ ගත් රජ අරගලය සංසිඳවා වික්‍රමසිංහ සිතාවක පාලනය සදහා පිටත් කර එවීය. සීතාවක හමුදාව කොළඹ වටලා සිටින බවත් සීතාවක හමුදාව ඉතා ප්‍රබල බවත් ගෝවේ ප්‍රථිරාජයාට දන්වා ආධාර          උපකාර ලබා ද්න ලෙස පෘතුගීසී සෙන්පතියා ඉල්ලා සිටියේය.
වීරස්න්දර බණ්ඩාරගේ උපායෙන් මරණයට පත්කල විට, ඔහුගේ පුත් කොනප්පු බණ්ඩාර ආරක්ෂාව පතා පෘතුගීසී හමුදාවට එකතු වී කොළඹට ගොස් ටික දිනක් එහි සිට ගෝවට ගියේය. ගෝවේ සිටි කොනප්පු බණ්ඩාරට මේ ප්‍රවෘතිය දැනගන්නට ලෑබී පෘතුගීසී හමුදාව සමග මන්නාරම් කො‍ටුවට ගොඩ බැස කන්ද උඩරට ආරවුල් ඇති කලේය. පිය උරුමයෙන් කන්ද උඩරට පාලනය කිරීමට කොනප්පු බණඩාරට අයිතිය තිබූ නිසා උඩරට වැසියන්ගේ සහයෝගය නොවඩුව ලැබුනි. කැ‍රැල්ල ඉතා ඉක්මනින් පැතිර ගිය නිසා එක්වන රාජසිංහ රජු සිතාවකට පැමින කැ‍රැල්ල සංසිඳවීමට සේනා සංවිඳානය කලේය. බොරළුගොඩ සිද්ධියේදී සැකයට භාජනය වී සිටි වික්‍රමසිංහ මුදලි කෙරෙහි තවදුරටත් සැල කල රාජසිංහ රජු වෛද්‍ය වරයා ලවා වසදී වික්‍රමසිංහ මුදලී මරණයට පත්කලේය. අරිට්ථකී ව්න්ඩු පෙරුමාල් නැමැති ආඬි ගුරුට මාන්නප්පෙරුම මොහොට්ටිකම් දී මහ ඇමති කම පවරන ලදී.
– පොත පත ඇසුරෙනි

Posted in History | Leave a reply