Dell වෙතින් පැවසෙමින් තිබූ සිහිනිතම tabletය මේ වන විට වෙළඳ පොලට පැමින ඇති බවටයි නිවේදනය වන්නේ. 6.4mm ගනකමකින් යුත් මෙම tabletය Dell Venue 8 7840 ලෙසට ඩොලර් 399ක් මිලැතිව high-end මට්ටමේ hardware සමග නිකුත්ව තිබෙන බවට නිවේදනය වනවා. අඟල් 8.4OLED display(2,560 x 1,600 resolution) සමග quad-core CPU(Atom Z3500-2.3 GHz ) ප්‍රොසෙසර් බලයක් හා 2GB ‍රැම් බලයකින් මෙන්ම 16 GB දත්ත ගබඩා හැකියාවකින්ද microSD card slot, 8 MP පසු කැමරා හැකියාවක්ද 2 MP ඉදිරි කැමරා හැකියාවක්ද මෙය සමන්විතවේ. සබඳතා හැකියාවන් සැලකීමේදී Wi-Fi ac මෙන්ම Bluetooth 4.0 සමන්විත වන අතර Android 4.4 KitKat ස්ථාපිතව පැමිනෙනු ඇත. 215.9 x 124.2 x 6.1mm; ප්‍රමානාත්මකවකව හා 305g​ බ‍රැති මෙම නිකුතුව මේ වන විට US වලදී ලබා ගත හැකි බවටයි නිවේදනය වන්නේ.