Google ආයතනය මීට පෙර පවසා සිටියේ තමන් Chrome browser ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත ‍රැස් කිරීම සදහා වඩා මධ්‍යස්ථ ස්ථාවරයකට යන්නට සැලසුම් කරන බවකි. Privacy Sandbox project යටතේ කල මෙම ප්‍රකාශයට අනූව භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට අවම හානියක් වෙමින් වෙළඳ දැන්වීම් සදහා අවශ්‍ය දත්ත පරිසරය ඔවුන් නිර්මාණය කරන්නට කටයුතු කරන බව පැවසුනි. ඔවුන්ගේ ප්‍රධාන තරගකරුවා වන Apple ද පසුගියදා පවසා සිටියේ තම app developers විසින් ඒවා භාවිතාකරන්නන් tracking වලට පෙර අදාල permission ලබා ගත යුතු බවකි. මේ වන විට Google ද පවසන්නේ පෙර කී තම බ්‍රවුසර සදහා ගත් භාවිතාකරන්නන්ගේ දත්ත සමග කටයුතු කල යුතු ප්‍රමිතීන් තම Apps සදහාද ගෙනෙන්නට තමන් තීර්නය කර ඇති බවක් වන අතර හදාරන්නන් පෙන්වා දෙන්නේ Meta වැනි ආයතනයන් සලිත කරවන්නට මෙම තීර්ණ බලපාමින් ඇති බවකි.
දැනට සැලසුම්ව ඇති ආකාරය අනූව 2023 වන විට browsing history වැනි දත්ත ඉලක්කවන Third-party cookies වැනි භාවිතාවන් සම්පූර්නයෙන් භාවිතයෙන් ඉවත්කරන්නට Google සුදානම් වෙමින් සිටින අතර දැනට පවතින ads privacy වලින් ඔබ්බට ගොස් නව ප්‍රමිතීන් මත කටයුතු කරන්නට සූදානම් වෙමින් සිටිනවා.
Pubudu Siriwansa