“The Interview” සිනමා පටය එලබෙන 25දා සිට තොරාගත් සිනමහල් සදහා නිකුත්කරන්නට තමන් සූදානම් බවට මේ වන විට Sony වෙතින් නිවේදනය වී තිබෙනවා. Sony Pictures වෙතට පසුගිය කාලයේ එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව එහිදී සොරා ගනු ලැබූ සිනමා පට , දෙබස් සටහන් මෙන්ම එහි සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු ආදිය අන්තර්ජාලය වෙතට නිකුත්කරමින් පහර දෙන්නන් කල ප්‍රධාන ඉල්ලීමක් වූවේ මෙම සිනමා පටය නිකුත්කිරීම නවතන ලෙසට වූ අතර ඇමරිකානු රජය එම ප්‍රහාරය සැලකිය යුතු මට්ටමින් තමන් දකින බවට නිවේදනය කර සිටින ලදී. ඩොලර් මිලියන 44ක වැයක් සමග නිපදවෙන ලද සිනමා පටයක් ලෙසට තොරතුරු හෙලි වෙමින් ඇති අතර North Koreaව ගෙවී ගිය දින කිහිපය තුල අත්විඳි අන්තර්ජාල සබදතා බිඳ වැටීම මෙම ගැටලුවෙහි ප්‍රථිපලයක්ද යන්න තවමත් පැහැදිලිව හෙලිව නැත. හදාරන්නන් යෝජනා කරන්නේ මෙම සිනමා පටය සදහා විශාල මිලැති ප්‍රචාරයක් නම් මෙම සිදුවීම් හරහා පැමින ඇති බවටනම් කිසිදු සැකයක් නොමැති බවකි.