කොතරම් තාක්ශනික පසුබිමක අපගේ පරිගණක භාවිතාව පැවතියද ක්ෂනිකව පැමිනෙන බිඳ වැටීම් පිලිබදව සූදානම්ව සිටීම පෞද්ගලික මට්ටමේදී මෙන්ම ආයතනික මට්ටමේ පරිගණක භාවිතාවක් තුලදීද වැදගත් වනු ඇත. Macrium Reflect Free 5.3.7253 සමග ඔබට වඩාත් විස්වාසනීය හා නිවැරදි හාර්ඩ් ඩිස්ක් එකම හෝ එහි කොටසක image එකක් ලබා ගෙන තබා ගන්නට ලැබෙන සහය මේ සදහා හොඳ විසදුමක් වනු ඇත. මෙම Backup ගොනු network drives හෝ optical storage (CD, DVD) ආකාරයට තබා ගන්නට හැකිවන අතර Outlook .pst වැනි ගොනු වර්ග සදහාද සහය දක්වන සූදානමකින් එය පැමින තිබේ. තොරා ගන්නා ගොනු වර්ග මෙන්ම අවසරපදයක් හරහා සුරක්ශිතව තබන්නට සහය වීම මෙන්ම Restore වලදී වඩාත් නම්‍යව භාවිතාකරන්නාහට අවශ්‍ය පරිදි සම්පූර්නයෙන්ම හෝ කොටස් පමනක් ලෙසට තොරා ගන්නට අවස්ථාව වැනි පහසුකම් රාශියකින් මෙම මෘදුකාංගය සමන්විතව පැමින ඇත.

http://updates.macrium.com/reflect/v5.3/reflectdl.exe