OnePlus ගෙවී ගිය වසරේ මහත් අවධානයක් ලබාගත් නිකුතුවක් විය. තම පිවිසුම් කාලයේම වඩාත් අවධානයක් ලබන්නට සමත්වූ උපාංග අතර OnePlus වෙතට හිමිවූයේ ඉහල පිලිගැනීමකි. ඔවුන්ගේ දෙවන නිකුතුව පිලිබදව අවධානයෙන් සිටින ලෝලයින් වෙතට පසුගිය දිනවල සතු‍ටුදායක පුවතක් පැමිනියේ ආයතනය් ඒ සදහා සූදානම් වෙමින් සිටින බව පවසමිනි. මේ වන විට ආයතනය පැහැදිලි කරන්නේ තමන් OxygenOS ලෙසට නම් වන Android ROM එකක් නිවේදනය කිරීමකටද සූදානම් වන බවකි. custom Android-based ROM ආකාරයේ මෙම නිකුතුව පෙබරවාරි 12 සිදුවනු ඇති බවටයි නිවේදනය වන්නේ. පසුගිය දෙසැම්බරය අවසාන භාගයේදී පලමුවෙන්ම “early community preview” එකක් ලෙසට unnamed ROM එකක් නිවේදනයක් කල අතර එය Android Open Source වලට වඩාත් සමීප බවක් ප්‍රකට කල මුත් OxygenOS වල දී එය මනා අනන්‍යතාවයක් හිමි නිකුතුවක් වනු ඇති බවට දැනටමත් බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.