2017-06-28 / 5.51 A.M- ransom ආකාරයේ නව පහරදීමක් සයිබර් අවකාශය පුරා සිදුවෙමින් ඇති බවට අනතුරු ඇඟවෙනවා. පසුගියදා ලොවපුරා පරිගණක පද්ධතිවලට බරපතල අභියෝගයක් වූ ආකාරයේ පහරදිමක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නා මෙම නව පහර දීම WannaCry වලට සමන ලක්ෂන පෙන්වමින් සිටින බවටයි පැහැදිලි වෙන්නේ. Ukraine හා Russia වලින් මුලින්ම වාර්ථාවීම ඇරබුනු මෙම නව හානිකරය පිලිබඳ තොරතුරු ක්‍රමයෙන් ලොවපුරා පරිගණක පද්ධතිවලින් වාර්ථාවෙමින් ඇති බවත්, සුපුරුදු ලෙස Bitcoine වලින් ගෙවීම් ඉල්ලමින් සිටින බවත් වාර්ථා වෙනවා. තවත් හෑරීම් වාර්ථාවක් පවසන්නේ ආරක්ෂක මෘදුකාංග 61ක් ඇසුරින් සැලකීමේදී නව ransomware හානිකරය හඳුනා ගැනීම ආරක්ෂක මෘදුකාංග 4 කට පමනක් සාර්ථකව ඉ‍ටුකරන්නට හැකිවූ බවයි. බැංකු, නිෂ්පාදන ආයතන ඇතුලු ලොව පුරා ප්‍රධාන පෙලේ ආයතන තත්වය සමග ධනාත්මකව කටයුතු කරන්නට උත්සාහ කරමින් සිටිනබවටද වාර්ථා වෙමින් තිබෙනවා. සමස්තයක් ලෙසට සැලකීමේදී ලොවපුරා පරිගණක පද්ධති දස දහසක් දැනටමත් අනාරක්ශිතව ඇති බවටයි සටහන් වන්නේ.