තෙත්කලාපීය පලමු උද්භිත උද්‍යානයක් ලෙසට 2008දී පමන සීතාවක තෙත්කලාපීය උත්භිත උද්‍යානය හෙක්ටයාර 43 නැතිනමක්කර 106ක භූමිභාගයක ස්ථාපනය කිරීම අරබන ලදී. අවිස්සාවෙල්ල කොලඹ මාර්ගයේ පුවක්පිටිය නගර අසන්නයෙන් මෙන්ම කළුඅග්ගල මංසංඳියෙන්ද පිවිස ඉලුක්ඔවිට දෙසට ගමන් කිරීමෙන් මේ අපූර්ව භූමිභාගයට පිවිසෙන්නට හැකිය. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී වැඩි අවධානයක් යොමුකරන ලද්දේ පහල තෙත් කලාපීය ව තිබෙන වඳවීමේ අනතුරටලක්ව ඇති ශාක ආරක්ශාව සදහා බවයි. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ අධික ජනගහනය මෙන්ම කාර්මිකකරනයත් සමග 2%ක් තරම් අවම ප්‍රදේශයකට සීමාවී ඇති මෙම වන සම්පත තෙත්කලාපීයව සැලකීමේදී 9.6කට සීමව ඇති බවයි. මීට අමතරව ecotourism වැනි ඉලක්ක මෙන්ම ප්‍රදේශයේ දියුනුවට සහය වීම , ඖෂධීය වටිනාකම් ඇති ශාක කෙරෙහි අවධානය යොමු කිරීම මෙන්ම අධ්‍යාපනික අවස්ථාවන් සැලසීම හා පුහුනු අවස්ථා සැලසීම වැනි ඉලක්ක බොහොමයක් මෙම උද්භිත උද්‍යානය පිහිටවීමේදී අරමුනු කරගන්නා ලද බවයි.

පිවිසුම 

රූ පෙල

Address: Thummodera – Puwakpitiya Road
Hours: Open today · 7:30AM–6PM
Phone: 036 3 79529