Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන Nick Hayek පවසන්නේ එලබෙන තෙමාසය තුල NFC connectivity හා “won’t have to be charged” ආකාරයේ Windows සහය දක්වන මෙන්ම Androidද සහය දක්වන නව smartwatch නුකුතුවකට තමන් සූදානම් වන බවකි. උපාංගයේ බලගැන්වුම ගැන කුතුහලයක් ගෙනෙන මෙම නිකුතුව self-winding( Seiko’s ‘Kinetic’වැනි) solar-powered cells වැනි ක්‍රම වෙදයක් සමග එනු ඇති බවට අනුමාන වන අතර දැනට වෙළඳ පොල තුල පවතින හා අප්‍රේල් මාසයට නියමිතව ඇති Apple Watch සමග තරග කරන නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු පලවෙනවා. Swatch ආයතනය පසුගිය දිනවල වැඩි බැටරි ආයුකාලයක් ගෙනෙන නව materials තාක්ශනයක්ද හඳුන්වාදෙන්නට කටයුතු කරන ලද අතර නව පැමිනීම නව අත්දැකීමක් සමග වනු ඇති බවට හදාරන්නන්ගේ බලාපොරොත්තුව වනවා.