Back to Top

Category: smartwatches

Facebook Smartwatch

නොනිල තොරතුරු පවසන්නේ ෆේස්බුක් ආයතනය “ස්මාර්ට් ඔරලෝසුවක්” සදහා කටයුතු කරමින් සිටින බවකි. ස්ථීර පෙර කැමරාවක් මෙන්ම වෙන් කල හැකි පසු කැමරාවක්ද සහිත මෙහි Android සංස්කරනයකින් ක්‍රියාත්මක වන අතර 1080p බලැති පසු කැමරාව auto-focus හැකියාවෙන් යුත් සෞක්‍ය හා සම්බන්ධිත පහසුකම් ගෙනෙන තෙවන පාර්ෂවයේ ඇප් සමගද කටයුතු කරන මෙය ඩොලර් 400 පමන මිළ වෙනු ඇති බවටත් එලබේ 2022 වන විට නිකුත් වන්නට ඉඩ ඇති බවටත් බලාපොරොත්තු වනවා. LTE connectivity සහිත නිසා ස්වධීනව ක්‍රියාත්මක වන මෙය Facebook සමග කටයුතු කිරීමේ සහය උපාංගයක් ලෙසට කටයුතු කරනු ඇති.
pubudu siriwansa

Apple Watch සදහා එන wiPowerBand

   Apple Watch යනු පලඳින අකාරයේ නැතිනම් wearable ආකාරයේ උපාංග අතර වඩාත් අවදානය දිනාගත් උපාංගය ලෙසට පිලිගැනේ. වඩාත් සුමට හා පහසු ආකාරයට තොරතුරු අවකාශය භාවිතාවට ඉඩසලසන අනගත තොරතුරු උපාංග පිලිබදව හදාරන්නන් මේ බව සඳහන් කර සිටිනවා. මෙම Apple උපාංගය විචාරනය වන්නේ ස්ටීව් ජොබ්ස් ගෙන් පසුව ඇපල් ආයතනය ගෙන ආ වඩාත් නිර්මාණශීලී උපාංගය ලෙසටය. කෙසේ නමුත් මෙම උපාංගය පිලිබදව වන ප්‍රධානතම ගැටලුව වූවේ එහි battery lifeය කෙටිවිමය. Apple ආයතනය wiPowerBand හඳුනවා දෙමින් මේ සදහා සැලකිය යුතු විසදුමක් ‍රැගෙන එනන් බවටයි පවසා සිටින්නේ. polymer, soft silicone හා rubber skin සමන්විතව නිමවන මෙහි 250mAh batteryයකින් සමන්විත වන අතර එය Lightning cable එකක ඔස්සේ බල ගන්වන්නට හැකිවනවා. මෙම සහයකය 4mm ඝනැති හා 20 grams බැ‍රැතිව නිමවා තිබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 38mm හා 42mm ප්‍රමාන දෙකෙන් පැමිනෙන මෙම නිකුතුව ඩොලර් 99ක් මිලැතිව එලබෙන May/June වලදී වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වනේ.

Apple Watch වලට car keys වීමටද හැක. -Apple CEO

   Steve Jobs ප්‍රමුක Apple ආයතනය අපූරු වන්නේ ඔවුන්ගේ දැක්මද සමගිනි. වඩාත් සිත්ගන්නා, සුවපහසු ආකාරයට භාවිතාකරන්නාගේ දෛනික අවශ්‍යතා සපුරන තොරතුරු උපාංගය ඔවුනගේ ඉලක්කය විය. ඒ වන විට පැවතෙමින් තිබූ තොරතුරු උපාංග පිලිබද ආධිපත්‍ය බිඳලමින් Apple නම් අනන්‍යතාවය භාවිතාකරන්නන්ගේ සිත් තුල සටහන් කරන්නට ඔවුන් සමත්විය. අදද Apple ආයතනය තම අනාගත දැක්ම එයින් පිටතට ගෙනෙන්නට උත්සාහ නොකරන බ් අවක් පෙනෙමින් ඇත. පැමිනෙන්නට සුදානම් වෙමින් ඇති Apple Watch වෙතින්ද මේ බව මනාව ප්‍රකට විය. මෑතකදී Apple CEO වරයා පැවසුවේ තම Apple Watch සමග make payments, health tracking වැනි භාවිතාවන් පමනක් නොව Car Key එකක තරමට භාවිතාවක් ගෙනෙනට අනාගතයේදීස් ඈසුම් වෙමින් ඇති බවකි. තම නව උපාංගයේ battery life ගැටලුව පැහැදිලි කරමින් ඔහු පැවසුවේ පැය 24ක භාවිතාවකින් අනතුරුව කෙටිකාලයකින් එය charge කරන්නට හැකිවන සැකසුමකින් එය නිමව පැමිනෙනු ඇති බවය.

Posted in Apple, smartwatches |

Apple Watch පලමු නිකුතුව මිලියන පහකි!!

  හෙලි වන කරුනු පවසන්නේ Apple වෙතින් පැමිනෙන්නට නියමිත Apple Watch වල අප්‍රේල් වලට නියමිත නිකුතුවේදී උපාංග මිලියන පහක අලවියක් සැලසුම්ව ඇති බවකි. මෙම නිකුතුවේ ප්‍රධාන නිෂ්පාදන සමාගම මෙන්ම එකලැස්කිරීම භාරව සිටින සමාගම වන Quanta Computer වෙතට උපාංග මිලියන 5-6 අතර ප්‍රමනයක් ඇනවුම්ව ඇති බවත් ඉන් භාගයකට ආසන්න ප්‍රමානයක් lower-end Sport model ආකාරයේ වන අතර 20%ක් high-end model ආකාරයට වන් බවටයි පැවසෙන්නේ. Apple CEO, වරයා වන Tim Cook මීට පෙර පවසා තිබුනේ 2014 සැප්තැම්බරයට මෙම නිකුතුව සූදානම් වන නමුත් යම් ගැටලුකාරී බවක් විසින් මෙම නිකුතුව අප්‍රේල් මාසය දක්වා ‍රැගෙන ගොස් තිබෙනවා. උපංගයේ battery life වල ගැටලුවක් පලමුව කථාබහට ලක්වූ අතර පසුව එය සතුවන සංවෙදකයන්ගේ ගැටලුවක් මේ වන විට සැලකෙමින් පවතින බවට පසුගිය කාලයේ මාතෘකා වෙමින් තිබුනා. තවමත් මෙම නිකුතුව දෙසට වෙළඳපොල දෙසින් දැඩි අවධානයක් යොමුව නැති බවක් වන මුත් Apple ආයතනය පවසන්නේ නිකුතුව සමග පිබිදීමක් භාවිතාකරන්නන් දෙසින් තමන් බලාපූර්ත්තු වෙමින් සිටින බවකි.

Posted in Apple, smartwatches |

LG Watch Urbane යනු ‘luxury’ Android Wear smartwatch එකකි!!

    LG වෙතින් Mobile World Congress 2015 වලදී නව Android Wear smartwatch එකක නිකුතුවකට සූදානම් වන බවක් මේ වන විට හෙලි වෙමින් තිබෙනවා. fashion-conscious භාවිතාකරන්නන් ඉලක්ක කරගනිමින් පැමිනෙන මෙය “luxury මට්ටමේ එකක් වන අතර Plastic OLED (P-OLED) display සමග gold හෝ silver නිමැවුමක් ගෙනෙනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මෙම Urbane නිකුතුව 1.3 inch (320×320) display, 1.2 GHz Qualcomm Snapdragon 400 processor,4 GB memory, 512 MB RAM, හා a 410 mAh battery වලින් සමන්විත වන අතර භාවිතාකරන්නාගේ හද ගැස්ම ගනනය කරන්නට සමත් photoplethysmography (PPG) sensor එකකින්ද සමන්විත වනු ඇති බවට විස්තර කෙරෙනවා. එසේ මුත් මෙම නිකුතුව GPS, හා water resistant හැකියාවෙන් යුත්ත නොවන බවටයි තොරතුරු හෙලි වන්නේ. තවමත් මෙම LG Watch Urbane වල මිළ ගනන් හෙලිව නැත.

Posted in smartwatches |

Swatch වෙතින් Windows සහය smartwatch එකක්!!

    Wearable devices තොරතුරු ලොකයේ අනාගත බලාපොරොත්තුවකි. 2018 වන විට එය $10 billion වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවටයි උපකල්පනය වෙම්නි ඇත්තේ. iOS හා Android මේ වන විටත් තම මෙහෙයුම් පද්ධති සමග මෙම වෙළඳ පොල වෙතට පිවිස ඇති අතර Windows වෙතින් පැමිනෙන නිකුතුවක් පිලිබඳව අවධානයෙන් පසුවනු පෙනේ. Swatch හි CEOවරයා වන Nick Hayek පවසන්නේ එලබෙන තෙමාසය තුල NFC connectivity හා “won’t have to be charged” ආකාරයේ Windows සහය දක්වන මෙන්ම Androidද සහය දක්වන නව smartwatch නුකුතුවකට තමන් සූදානම් වන බවකි. උපාංගයේ බලගැන්වුම ගැන කුතුහලයක් ගෙනෙන මෙම නිකුතුව self-winding( Seiko’s ‘Kinetic’වැනි) solar-powered cells වැනි ක්‍රම වෙදයක් සමග එනු ඇති බවට අනුමාන වන අතර දැනට වෙළඳ පොල තුල පවතින හා අප්‍රේල් මාසයට නියමිතව ඇති Apple Watch සමග තරග කරන නිකුතුවක් වනු ඇති බවට බලාපොරොත්තු පලවෙනවා. Swatch ආයතනය පසුගිය දිනවල වැඩි බැටරි ආයුකාලයක් ගෙනෙන නව materials තාක්ශනයක්ද හඳුන්වාදෙන්නට කටයුතු කරන ලද අතර නව පැමිනීම නව අත්දැකීමක් සමග වනු ඇති බවට හදාරන්නන්ගේ බලාපොරොත්තුව වනවා.

Posted in smartwatches, Windows |