Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, security patches ආකාරයේ කිසිදු සහයක් Microsoft වෙතින් Vista වෙතට නොලැබෙන බවටයි නිවේදනය වන්නේ. එසේ වීමේදී OS vulnerable වලට හා මැල්වෙයා වලට පහසු නිරාවරනය වීමක් සිදුවන අතර Internet Explorer 9 ද වඩාත් හානිකරයන්ට නිරාවර්නිත බ්‍රවුසරයක් වන්නු ඇත. හදාරන් නන් පවසන්නේ තවමත් windows XP සමස්ථ භාවිතාවෙන් 7.44% ආසන්නව ලබමින් ඇති මුත් අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසට සටහන් වන Vista මේ වන විට ආසන්නව 0.72% තරම් සුලු භාවිතාවක් ලබමින් ඇති බවයි.
January 30, 2007 මුලින්ම භාවිතයට පැමිනි Vista වඩාත් ආකර්ශනීය දෘශ්‍ය (visual style – Aero – ) බවක් ගත් අතර XP සමග සැසදීමේදී හැම ආකාරයටම ආකර්ශනීය මෙහෙයුම් පද්ධතියක් විය. home users, business users, power users වැනි ආකාර ලෙසට සංස්කරන 6 කින් පැමිනි මෙහෙයුම් පද්ධතියක් ලෙසටද නම් කෙකෙරිනි -(Starter, Home Basic, Home Premium, Business, Enterprise, හා Ultimate සංස්කරන ). මෙම මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටි දෘඩාංග මට්ටම මෙන්ම සමහර ආරක්ශක සැකසුම්ද භාවිතාකරන්නන් අතර එතරම් ප්‍රසාධයක් දිනා නොගත් අතර අවසානයේ එය අසමත් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනීමක් ඇති විය. Windows Vista Service Pack 2 නිකුතුවක් 2009 දී සිදුවූ අතර මීලග සංස්කරනය වින්ඩොව්ස් 7 ලෙසට පැමින ප්‍රසාධයක් දිනා ගත් මෙහෙයුම් පද්ධතියක් ලෙසට නම් කෙරෙනි.
– siriwansa