Cortana නම් ඩිජිටල් සහකාරිය Windows 10 සමග බලපොරොත්තු වෙමින් ඇති තවත් ප්‍රධාන පැමිනීමකි. desktop භාවිතාවට නව මානයක් ගෙනෙන මෙම පැමිනීම පසුගිය ජූලි වල සිට කථාබහට ලක්වෙමින් තිබූ මාතෘකාවක් වූවාය. පරිගණකය තුලට මෙන්ම අන්තර්ජාලය දෙසට විහිදෙමින් භාවිතාකරන්නා සමග වන වාචික සංවාද ඔස්සේ තොරතුරු සොයා දෙමින්, උපදෙස් ලබා ගනිමින් , මතක් කරදීම් සිදු කරමින් ආදී වන නෙක ආකාරයේ සහයන් මෙම අංගය ඔස්සේ Deskpot පරිසරය වෙතටත් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වූවේ. මේ වන විට Windows 10 වල පෙර නිකුතූන් පැමින ටිකකාලයක් ගතව තිබුනද Cortana පිලිබදව පැහැදිලි තොරතුරක් නොලැබුනද පසුගිය සතියේ පැමිනි Windows 10 වල පෙර නිකුතුවක සමග මෙම අංගය දක්නට ඇති බවටයි වාර්ථා වන්නේ. එම හදාරන්නන් පැහැදිලි කරන්නේ බහුල crashes වලින් සමවිත ධාවනයක් තවම Cortana වෙතින් දක්නට ලැබුන ද ඔවුනගේ විමසීම් සමග හොඳින් කටයුතු කරන්නට එයට හැකි බව පෙන්වමින් සිටින බවකි. මෙම Cortana සමග කටයුතු කිරීමේදී පරිගණකයේ microphone හා location තොරතුරු භාවිතාකරන්නට එම අංගයට අවසර දීමට සිදුවන අතර UI වලද අවසන් පෙනුම මීට වඩා වෙනස් වීමේ ඉඩක් බලාපොරොත්තු වන බවට පැවසෙනවා.