Tor Project  වෙතින් එන නවතම නිවේදනයක් පවසන්නේ තමන්ගේ Tor Messenger වල බීටා නිකුතුවක් මේ වන විට නිකුත්ව ඇති බවයි. දැනට භාවිතාවෙමින් ඇති Yahoo! Messenger, IRC, Google Talk හා Facebook chat වැනි සංවාද සහය මෘදුකාංගයක් ලෙසට නම් වන මෙය වඩාත් ආරක්ශිත ව්ටපිටාවක් භාවිතාකරන්නා හට ‍රැගෙන එන බවටයි පැහැදිලි කරන්නේ. default මට්ටමෙන්ම වැඩි ආරක්ශාවක් ‍රැගෙන එන මෙය ප්‍රකට Instantbird මත සංවර්ධනය වූවක් ලෙසට මුත් ” Off-the-record messaging” වැනි පහසුකම් ඔස්සේ ඔවුනගේ ප්‍රකට Tor Browser සේම සාර්ථක භාවිතාවක් ලබා ගන්නු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. පසුගිය කාලයේ හෙලිවූ තොරතුරු සමග වැඩි අවධානයක් තම තොරතුරු වල ආරක්ශාව පිලිබදව සැලකිලිමත්වීම භාවිතා කරන්නන් අතින් පලවන්නට පටන් ගත් අතර මෙවුනගේ ප්‍රවනතාවය වන්නේ සමාන පහසුකම් සමග සැසදීමේදී network’s servers වලදී සම්බන්දවී සිටින්නන්ගේ තොරතුරු ‍රැස්වීම වැනි භාවිතාකරන්නන් අපහසුතාවයට පත්කරන තත්වයන් ගෙන් තොරව ක්‍රියාකරන්නට පොරොන්දුවෙමින් පැමින තිබීමය.  – Pubudu Siriwansa

https://blog.torproject.org/blog/tor-messenger-beta-chat-over-tor-easily