ක්‍රි.ව. 1521 දී සිදුවූ විජයබා කොල්ලයෙන් පසුව බුවනෙකබාහු රයිගම් බන්ඩාර හා මායාදුන්නේ කුමාරවරු කෝට්ටේ රාජධානිය කෝට්ටේ , රයිගම , සීතාවක වශයෙන්  වෙන් කරගෙන පාලනය කලහ. කාර්ය ශූර හා යුධකාමී බාලම නායාදුන්නේ කුමරු ක්‍රි.ව. 1521 ට ආසන්න කාලයේදී සීතාවක නුවර, ප්‍රධාන නගරය කරගත් සීතාවක රාජධානිය පිහි‍ටුවා ගත්තේය. මුල්ම සීතාවක රාජධානියට සතර කෝරය , (කෑගල්ල) දෙනවක(සබරගමුව) තුන් කෝරලය හා හේවාගම් කෝරලයෙන් අඩක්ද අයත්විය. ක්‍රි.ව. 1527 පමන වන විට කෝට්ටේ 7 වන බුවනෙකබා හා සීතාවක මායාදුන්නේ යන සොයුරන් අතර මත ගැ‍ටුම් ඇති විය. මායාදුන්නේ , දකුනු ඉන්දියාවේ කැලිකට් රාජ්‍යයේ පාලකයා වූ සැමොරින් ගේ සහය ඇතිව කෝට්ටේ රාජධානියේ සිමාව ආක්‍රමනය කලේය. එම නිසා සීතාවක රාජධානියේ සීමාවන් , විශාල වන්නට විය.
රයිගම් රාජධානියේ පාලකයා වූ රයිගම්බන්ඩාර රජතුමා , මායදුන්නේ රජතුමාට සහය දැක්වීය. ක්‍රි.ව. 1538 දී රයිගම් පාලකයාගේ මරනයත් සමගම රයිගම් රජධානියට අයත් රයිගම් කෝරලය , පස්දුන් කෝරලය හා බලල්ලාවිට කෝරලය යන විශාල බිම් ප්‍රමානයක් සීතාවක රාජධානියට උරුම විය.
ක්‍රි.ව. 1559 වන විට කෝට්ටේ යුධබලය අභිබවා යාමට මායාදුන්නේ රජතුමාට හැකි විය. කෝට්ටේට පක්ෂපාතී මනම්පේරී ආරච්චි මාතොට (මාතර) දිසාව පාලනය කරන බව අසා වික්‍රමසිංහ සෙනවිතුමා සමග යුධසේනාවක් මාතරට යවා ක්‍රි.ව. 1559 නොවැම්බර් මාසයේ , මාතර ජයගෙන සීතාවකට පක්ෂපාතී වූ ඒකනායක මුදලිට භාරදුන්නේය. මේ නිසා සීතාවක රාජධානියේ සිමාවන් දකුනු මුහුදු සීමාව දක්වා විශාල විය.
යුධ බලයෙන් පිරුනු සීතාවක හමුදාවෝ , මායදුන්න රාජසිංහ හා වික්‍රමසිංහ යන අභීත නායකයන් යටතේ කෝට්ටේ නුවර ආක්‍රමනය කලහ. කෝට්ටේ නගරය ලෙඩ දුක් වසංගත දුර්භික්ෂ ආදියෙන් පීඩිත වූ අතර තව දුරටත් කෝට්ටේ ‍රැකගත නොහැකි වූ කෝට්ටේ පාලකයෝ ක්‍රි.ව. 1567 ජූලිමාසයේදී කෝට්ටේ නගරය අත හැර කොලඹ කො‍ටුවට පසු බැස්සාහ. සීතාවක හමුදාවෝ කෝට්ටේ නගරය සහමුලින්ම විනාද කරද දැමූ අතර කෝට්ටේ නුවරට අයත් විශාල බිම් ප්‍රමානයක් සීතාවකට අයත් විය.

7th Century plan of Sitawaka Fort