කෝට්ටේ හා පෘතුගීසි එකාබද්ධ හමුදාවක් සීතාවක ආක්‍රමනයට සූදානම් බවට දැන ගන්නා මායාදුන්නේ රජතුමා දළඳා වහන්සේගේ ආරක්ශාව කුරුවිට දෙල්ගමුව රජමහ විහාරථානයට පැවරූ බවට සඳහන්වේ. එම විහාරයෙහි දර්ශනීය දළඳා මන්දිරයක් සහිතව සියලු විහරංග සම්පූර්න කරන ලද අතර සියලු වතාවත් පුද පුජා නොකඩවා සිදුකරන්නට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් හා පුරා වසර 43ක් එම විහාරස්ථානයේහි දළඳා වහන්සේ වැඩ සිටි බවටත් කියවේ.සීතාවක රාජ සිංහ රජතුමන්ද භක්තිමත් බෞද්ධයෙකු ලෙසට කටයුතු කරමින් දළඳා වහන්සේ වාර්ෂිකව රත්නපුර සමන් විහාරයට වැඩමවා වසර 11ක් දළඳා පෙරහැර කරවූ බවට සැලකේ. සබරගමු සමන් දේවාලයේ ලේඛම්මිටියේ සදහන් වන්නේ ඊට අමතරව දළඳ වහන්සේට නින්දගම්, පිදිවිලිගම්,අලි ඇතුන් ඇතුලු වටිනා දේපල වස්තුව බොහොමයක් පුජා කරන්නටද යෙදුනු බවයි.
දළඳා වහන්සේගේ ආරක්ශාව පිලිබදව සැලකිලි මත් වන මහින්දාලංකාර හිමියන් විශාල කුරහන් ගලක් නිමකරවා ව්ය බුදු මැදුරේ ප්‍රථිමාවහන්සේ පි‍ටුපස ආසනයක රදවා අවශ්‍ය වුව හොත් ඒතුල දළඳ වහසේ වැඩ සිටි කුඩා කරඬුව තැන්පත්කර තබන්නට හැකිවන සේ තැනූ බවත් කියවේ. එකල කුරහන් ගල නිවෙස්වල මෙන්ම විහාරවල සුලභව භාවිතාවාවක් බවත්, නිවෙස්වලදීනම් ධ්‍යාන්‍ය වර්ග අබරා ගැනිමත් විහාරස්ථානවලදී ප්‍රථිමාකර්මාන්තය සදහා විශාල ප්‍රමානයේ කුරහන් ගල් භාවිතා වූ බවටත් සඳහන්ය.
1562දී ඓතිහාසික මුල්ලේරියා වෙළේදී සිදුවූ යුද්ධ ජයංග්‍රහනයෙන් පසුව සීතාවක වෙතට පෘතුගීසිආක්‍රමනයක් සිදු නොවුනු අතර දළඳ වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ අපමන ගෞරව පුද පූජා මැද වැඩ සිටි බවටත් සැවුල් සංදේශයේ කවි ගනනාවකින්ම මේ බව විස්තර කර ඇති ආකාරය අදටත් දැකිය හැක.