රාජසිංහ රජුගේ කකුලේ උණ ක‍ටුව ඇනුනේ පෙතංගොඩ උයනේදීය. රජු සීතාවකට කැඳවා නොගෙන පෙතංගොඩ උයනේ සිටම වෙදකම් කිරීමට සැලසුම් කිරීමද සැකයට තුඩු දෙන්නකි. මේ අවස්ථාවේ ඔහු පුත් රාජසූරිය කුමාරයා සිටියේ එල්ලාවලයි. රණ ශූරිය, දොඩම්පේ ගනිතයා ගේ දුව සමග අනියම් සම්බන්දයක් පවත්වා ගෙන යාම නිසා ඔහුත් දෝම්පේ ගනිතයාත් අතර හිතවත් කමක් තිබෙන දොඩම්පේ ගනිතයා යන්ත්‍ර-මන්ත්‍ර – හඳි හූනියම් ගැන හසල දැනුමක් හා පලපුරුද්දක් තිබූ අයෙකි. රජුට වෙදකම් කීරීමට ඉදිරිපත් වූයේ දොඩම්පේ ගනිතයාය. රාජසූරියා කූමාරයගේ උපදෙස් පිට රජුට විෂ බඳින ලද බව “… දොඩම්පේ ගනිතයා හූනියම්කර විෂ බැඳවීය. රාජ සූරිය අදහසින් විනකර වීය.දැනගත යුතුයි.” යන රාජාවලි පාථයෙන් පැහැදිලි වේ. මේ නිසා රාජසූරිය කුමාරයා පියා මරවන ලද බව සිතා ගැනීම වඩාත් යෝග්‍ය බව පෙනේ.
එක්වන රාජසිංහගේ මරණයෙන් පසු සීතාවක රාජ්‍යයට කිසිවෙක් පත්වූ බවක් චූල වංශය නොකියයි. ක්වේරෝස් ගේ වාර්ථාවලද නොදැක්වේ. උතුරේ සහ බටහිර ඉතා සුලු කොටසක් හැර ඉතිරි ප්‍රදේශයේ ප්‍රධාන පාලකයා බවට පත්ව් අසිටි රජෙකුගේ මරනයෙන් පසු, එහි රජකමට කිසිවෙකු පත්නූනා යැයි කිසි සේත් සිතිය නොහැකිය. මැති ඇමති වරු සේනාධිනායකයන් හා විශාල හමුදාවක් සිටි සීතාවක රාජ්‍යයේ අග රජු මියගිය පසු ඒ තනතුරට පත්කිරීමට කිසිවෙක් ඉදිරි පත් නුවුවානම් එය පුදුමයට කරුනක් විය යුතුය. ඒ නිසා චූල වංශයේ විස්තර සදහන් බොවුවත් කෙනෙක් පත්වන්නට ඇත. මේ අඩුව රාජාවලියෙන් හා පෘතුගීසී ලේඛකයන්ගේ වාර්ථා වලින් පිරිමැසේ.
– පොත පත ඇසුරෙනි