අවිස්සාවෙල්ල කෑගල්ල මාර්ගයේ කවරනැල්ල නගරය අසල මාගම්මන ප්‍රදේශයෙම් ඇති කුරු පැත්ත මාර්ගයේ කිලෝමීර්ටර තුනක්පමන ගිය විට පර්වත සහිත කඳු ගැටයක හකුරුගල රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ වලගම්බා රජතුමාගේ කාලයේදී කරවන ලද මෙම විහාරය මත්තමගොඩ දිසාව ක්‍රි.ව. 1811 යලිත් ප්‍රතිසංස්කරනය කර ගම් බොම් පූජා කර ඇත. සියයකට අසන්න ශෛලමය පිය ගැට නැග විහාර මළුවට පිවිසිය යුතුය. විශාල ගල් පර්වත දෙකක ලෙන් කටාරම් කොටවා ඇත. දකුනු පස විශාල ලෙනෙහි විහාර මන්දිරය පිහිරි අතර පැරනි ලෙන විශාල කර අඩි 25*40 පේමානයෙන් ඉදිකර ඇත. නව චිත්‍ර කර්මාන්ත ක්‍රි.ව. 1961 දි පමනසිදු කර ඇත. විහාර ගෙයි 18 රියන් සැතපෙන බුදු පිලිමයකි. අඩි 6ක් පමන උස සමාධි බුද්ධ ප්‍රතිමාවකි. සැතපෙන පිලිමයේ පාමුල අඩි 6ක් පමන උස විෂ්නු දේව ප්‍රතිමාවකි. විහාර ගෙයි බිත්ති මත 80මහා ශ්‍රාවක රූප හා වියනෙහි නෙළුම් මල් රටා සිතුවම් කර ඇත. වියනේ අලුත් චිත්‍ර ගැලවී යාමෙන් පැරනි චිත්‍ර මතුවී ඇත. විහාර ගෙය අසල ගල් ලෙන ඇතුලෙන් ගලා බස්නා දිය පහර සුන්දරයකි. ඒ අසලම බෝධීන්වහන්සේ පිහිටි අතර මල් ආසනයට විශාල කැපූ ගල් පුවරුවක් තබා ඇත. ගලා බසින දොල පහරින් අතිතයේ රජ දරුවන් ස්නානය කරන්නට ඇතැයි සිතිය හැකි ස්ථානයකි. දිය පීල්ලක ආකාරයෙන් ජලය හිසටම ගලා ඒම අපූර්ව දසුනකි. වම් පස කටාරම් කෙටූ ගල් ලෙන ක්‍රි.ව. 1930 කාලයේ රුවන්වැල්ලේ ඒජන්තවරයා වූ කපිතාන් ආර්.ලෝ වාසය කල කුටියයි. අද එය ආවාස ගෙයකි. දාන ශාලාව පිහිටා තිබෙන්නේද සාමාන්‍ය ප්‍රමානයේ ගල් ලෙනක් තුලය. සඳකඩ පහනක් නෙලන්නට ගොස් අත්හල ගල් පුවරුවක්ද ඒ අසල ඇත. අතීතයේ කොළඹ සිට සීතාවක හරහා කන්ඳ උඩරටට මාර්ගය හකුරුගල රජමහා විහාරය අසලින් වැටී තිබුනි. ක්‍රි.ව. 1680 ශ්වෙට් සර් හා 1800 පර්සිවල් ආදීන් විදේශිකයෝ ගනනාවක් හකුරුගල විහාරය පිලිබඳ සටහන් තබා ඇත