කන්ද උඩරට මාර්ගයේ අගුරුවැල්ල නගරයට ආසන්නව ප්තන්ගොඩ උයන පිහිටා ඇත. හදාරන්නන් පෙන්වා දෙන්නේ අතීතයෙදී අක්කර ගනනවක් පුරා තුරුලතාවන්, මල්ගොමු වලින් ගැවස ගත් දියදහරින් අලංකාර වූ බිම්පෙදෙසක් ලෙසට මේ ඉඩකඩ පවතින්නට ඇති බවය. අද කුඩා සීමාවක් ගෙන ඇති මෙම ප්‍රදේශය අතීතයේදී කුඩා වැව කින්ද අලංකාරව තිබුනු බවටයි විස්වාසය වන්නේ. එදා බලන සටනින් පැරදි පලා එමින් සිටි රාජසිංහ රජතුමාට මාරාන්තික ආකාරයේ තුවාලයක් ලැබුවේ මෙම උයනේදී බවටයි පිලිගැනෙන්නේ.
රුසුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උන ක‍ටුව පතුලේ ඇනුනාය
එක්ව සිටි සැවොම වටවී මතුලාය
රාජසිංහ දෙවි නාමෙත් මැකුනාය
ජන කවිය එදා සිදුවූ මෙම පුවත විස්තර කරන ප්‍රකට භාවිතවකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ රාජසිංහ රජතුමන්ගේ මෙම හදිස්සි අභාවය පිලිබදව ප්‍රබල ජනප්‍රවද 3ක් දක්නට හැකි බවකි.

1) අදද පෙතන්ගොඩ උයනේ දැකිය හැකි ක‍ටු උන පඳුරු විශේෂයෙ වන තියුනු ක‍ටුවක් ඇනීමෙන් ඇතිවූ තුවාලයත් ඒ මතට දෙඩම්පේ ගනිතයාගේ හූනුයම් කර විෂ බැඳිම් නිසාත් මෙම මරනය සිදු වෙන්නට ඇති බවය. පොකුරු වශයෙන් වන මෙම විෂ උනක‍ටු සහිත පඳුර අදද ආරක්ශා කර තිබෙනු මෙහි යන එන අයෙකුට දැකිය හැකිය.

2) තවත් යෝජානාවකට අනූව පැහැදිලි කරන්නේ එදා රජතුමන් මෙම පෙතන්ගොඩ උයනේ කටූ උන පදුර ආසන්නයේ සිටින කල රාජසූරිය කුමාරයන්ගේ හිතවතුන් තුවාලයක් සිදුකල බවත් පේදුරු සිඥෝ ප්‍රධාන කුමන්ත්‍රන කරුවන් විසින් අස් බෙටි, ඇත් බෙටි, ගව බෙටි තල තෙලි කකාරා තුවාලයට දැමූ බවත් ඉන් රජතුමන්ට පිටගැස්ම රෝගය ඇතිවී මරනයට පත්වූ බවත්ය. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය කතුවරයා මෙන්ම ශෛලේන්ද්‍රසිංහ වෙදරාල ලිපියකින් මේ බව තහවුරු වන බවට ඔවුන් පෙන්වා දේ.

3) තවත් ජනප්‍රවාදයකට අනූව මෙම සිදුවීම පැහැදිලි කරන්නේ මෙසේය. මෙම උනක‍ටු පඳුරු ප්‍රදේශය නාගයන්ගෙන්ද බහුල ව තිබූ අතර පැමිනි රාජ සිංහ රජතුමන්ගේ පාදයකට දෂ්ට කරන ලද්දේ එවන් විෂකුරු සර්පයෙකු බවත් පැමින සිටි පරිවාර වෛද්‍යවරුන් විසින් මෙතුමන් බේරා ගැනීමට උත්සාහ කලද අසමත්වූ බවත්ය. අනතුරුව මහනුවර ප්‍රදේශයේ වන දක්ෂ සර්ප වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නට දූතයන් යැවූ මුත් ඔහු එන විට රජතුමන් මිය ගොස්ව තිබූ බවත්ය. නුවර වෙද ගෙදර පෙතන්ගොඩ යුයනට පැමිනියේ මෙලෙස බවටත් එම මතය පෙන්වා දෙන හදාරන්නන් යොජනා කර සිටිනවා.