Android Wear පැමිනෙන්නේ Google විසින් Wearable උපාංග සදහාම සැලසුම් වන ලද අඩු බ‍රැති මෙන්ම Android 4.3 එනම් Jelly Bean වලින් ඉහල වන Android මෙහෙයුම් පද්ධති සදහා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්ව එන මෙහෙයුම් පද්ධතියක් ලෙසටය. නව පරම්පරාවේ උපාංග වල ප්‍රධාන ඉලක්කයක් ලෙසට සැලකෙන අඩු බල වැය වන සරල නිමැවුමක් ඇති සහය උපංගයකට අවශය නිමැවුම මෙම මෙහෙයුම් පද්ධතිය ගෙනෙන බවටයි පෙනෙන්නට ඇත්තේ. සරලව ඔවුන් තම මෙහෙයුම් පද්ධතිය පැහැදිලි කරමින් දැක්වුවේ තම Android ස්මාර්ට් දුරකථනය පිටතට නොගෙන notifications , Caller ID හඳුනා ගැනීම වැනි කාරනා සදහා මෙම මෙහෙයුම් පද්ධතිය සහය දක්වනු ඇති බවය. කෙලින්ම අන්තර්ජාලය වෙතට සම්බන්ද නොවීම හා Bluetooth සරල සබඳතාවයක් සමග ක්‍රියාත්මක වීම ඔස්සේ ක්‍රියාත්මක වීම ඔස්සේද මෙම සහයක බව ප්‍රමුක නිමැවුම පැහැදිලිව දැකිය හැක.
හැසිර වීම සඳහා සරල ඇගිලි හැසිරවීමක් පමනක් සෑහෙන මෙම නිමැවුම සමග Google වල Voice Recognition සමග පහසුවෙන් උපාංගය හැසිරවීමේ සිට මිතුරෙකු වෙතට Text පනිවිඬයක් යැවීම, පසුව පැමිනිය යුතු මත්කයන් ගබඩා කොට තැබීම වැනි කාරනාවල සිට පැමින ඇති මෙන්ම පැමිනෙන app සමග බොහෝ කාරනා සදහා විවෘත වීමේ හැකියාවද එයට වේ. Basic fitness තොරතුරු සදහ සහය දක්වන pedometer සමග දවසේ භාවිතාකරන්නා තබන පියවර සංක්‍යාව ගනනය වීම , Heart rate ගනනය වීම වැනි අදාල උපාංගයේ දෘඩාංග මට්ටම සහ දක්වන්නේ නම් ලබා ගත හැකි අමතර පහසුකම් සදහාද මෙම මෙහෙයුම් පද්ධතිය සහයට පැමිනෙන්නට සූදානම් බව කියවේ. මෙම මෙහෙයුම් පද්ධතිය ස්ථාපිතව එන සමහර දෘඩාංග මට්ටම් සමග GPS වැනි පහසුකම් ඇති විට වඩාත් ස්වාධීනව කටයුතු කරන්නට මෙම මෙහෙයුම් පද්ධතියට හැකි බවටයි විස්තර වන්නේ. වැඩි දියුනු විය යුතු Music Player වැනි අමතර පහසුකම්ද සමන්විත මෙහි ස්වංක්‍රීයව ඔබගේ අවධානයෙන් තොරවන විටදී අඩු බලවැය ක්‍රියාත්මක වීමකට පිවිසෙන්නත් පැලඳ ඇති අත ඔසවීම වැනි සරල චලනයක් හදුනා ගෙන නැවත අවදි වීමකට කැදවන්නටත් මෙම මෙහෙයුම් පද්ධතිය සහය වනු ඇත. තවමත් පලමු පරම්පරාවේ පවතිනමෙම මෙහෙයුම් පද්ධතියේ අනාගත සංස්කරන ඔස්සේ වඩාත් දියුනු සරල මුත් සංකීර්න ක්‍රියාත්මක බවක් ගෙනෙන නිමැවුමක් බලාපොරොත්තු විය හැකි බවටයි විචාරක මතය වන්නේ. – Pubudu Siriwansa