Back to Top

Category: New Technology

HTTP/2 ප්‍රමිතීන් IESG වෙතින් අනුමතයි!!

   IESG (Internet Engineering Steering Group) විසින් HTTP/2 නැතිනම් Hypertext Transfer Protocol වල මීලග standard මූලිකව අනුමත කර ඇති බවටයි නිවේදනය වන්නේ. 16 වසරකට පසු web අවකාශයේ Core තාක්ශනය වෙතට පැමිනෙන තීරනාත්මක දියුනු කිරීමක් මේ සමග පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. HTTP/2 නව standard වැදගත් වන්නේ එය විසින් වඩාත් වේගවත් වෙබ් පි‍ටු loads විමත්, textual වෙනු වට binary භාවිතයට පැමිනීමත්, fully multiplexed සමග උපරිම network performance ලැබීමත් ඇතුලු බොහෝ දියුනු වීම් පැමිනීම නිසා වෙනි. මබ web developer කෙනෙකු වන්නේ නම් දැනටමත් Firefox හෝ Chrome සමග downloadable test server සමග මෙම නව ප්‍රමිතීන් අත්දකින්නට හැකි බව්ටයි පැහැදිලි කෙරෙන්නේ. HTTP/2 යනු ගූගල් විසින් දියුනු කරන ලද SPDY/2 protocol මත පදනම්ව නිර්මාණය වන අතර Project Spartanද මේ සදහා මනාව සහය දක්වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ.

http://http2.github.io/faq/

Posted in New Technology |

one atom thick transistors පැමිනීමේ පෙර සලකුනු!

   Silicene අර්ථ දැක්වෙන්නේ silicon වල සිහිනිතම versionය ලෙසටය. සරලව සැලකීමේදී එක් පරමානුවක ඝනකමැති රේයරයකින් එය සමන්විත වේ. මෙම 2-D material සතුවන electrical properties ඔස්සේ නිර්මානය වන transistors සමග ක්‍රියාත්මක වන අනාගත පරිගනකය වෙතට හදාරන්නන් විසින් පිවිස ඇති බවටයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. මෙ ඔස්සේ නිර්මානය වන computer chips දැනට බිහිව ඇති කුඩාතම ඒවා වන අතරම ඒවා සතුවන විස්මිත performance මෙන්ම energy කාර්යක්ෂම බව මෙතෙක් අත්පත් කර ගත් ඉහලම අගයන් පෙන්වමින් සිටින බවටයි හදාරන්නන හෙලි කරන්නේ. මෙහි අකන්ඩ ක්‍රියාකාරීත්වය සදහා අවශ්‍ය වන zero-oxygen environment වැනි අවශ්‍යතා නිසා නුදුරු අනාගතයේ මෙම තාක්ශනයේ පැමිනීම බලා පොරොත්තු නොවිය හැකි අතර ඒ සදහා වන තවත් බාදකයක් වන්නේ 5nm මට්ටමට වඩා කුඩා වෙද්දී සාර්ථකව දත්ත හැසිරවීමේ ගැටලුකාරී බව ලෙසට පැවසෙනවා.කෙසේ මුත් අනාගතයේදී මෙවායේ පැමිනීම පිලිබදවනම් සැකයක් තබා නොගතයුතු බවටයි හදරන්නන් පෙන්නුම්කර සිටින්නේ.

Posted in New Technology |

Apple ද self-driving car උත්සාහයක??

   රියදුරන් රහිත වාහනය එලබෙන දශකයේ වඩාත් ආකර්ශනීය වෙළඳ පොලක් නිර්මානය කරනු ඇති බවට හදාරන්නන් විවිධ ආකාරයෙන් මත පලකරමින් සිටී. දත්ත සැකසුම් හැකියාවේ තවත් අපූර්ව මංසලකුනකට හිමිකම් කියනු ඇති බවට පිලි ගැනෙන මෙම පැමිනිම සදහා අවධානය යොමු කර ඇති ආයතනය කිහිපයකි. ඉන් ප්‍රධාන තැනක් දත්ත ලොකයේ පතාක යෝධයෙකු බදු Google වෙතට හිමිවේ. මේ තර Concord, CA වලින් පලවෙන වාර්තාවක් සැලකරන්නේ Apple ආයතනයට හිමි self-driving car එකක ලෙසට සැක කල හැකි mysterious black van රථයක් තමන් මාවත් වල දකිමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ LiDAR system වලට සමාන කැමරා පද්ධතියක් මෙම වෑන් රථයේ වහලය මත සවිව ඇති බවක් පෙනෙන්නට වන බවයි. සමහර විටක Maps app දියුනු කිරීමක් හෝ creating a StreetView වැනි අංගයක් සදහා වන දත්ත එකතුකිරීමක් ද විය හැකි මෙම රථය සමහර විටක Siri smart car commands වැනි අංගයක් අත්හදා බලමින් සිටිනවා විය හැකි බවටත් අදහස් පලවනවා. කෙසේ වෙතත් Apple ආයතනය මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැලකී සිටින බවටත් එම වාර්ථා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

Posted in Apple, New Technology |

Windows Holographic භාවිතාව හා VR helmetය පැහැදිලි කරයි!

  Microsoft සමාගම ගෙවී ගිය දිනයේදී තම මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය නිවේදනය කරන්නට කටයුතු කල අතර පෙරදී වූවාට වඩා පියවර කිහිපයකින් ඉදිරියෙන් වන නව අංගයන් හඳුන්වා දීමට එහිදී කටයුතු කරනු ලැබුවාය. Desktop භාවිතාවට නව මානයන් ගෙනෙන වාචික හැසිරවීම් හැකියාව මෙන්ම උපාංග තල අතර වූ පරතරය වඩාත් සමනය වන app භාවිතාවන් ආදිය ඒව අතර කැපී පෙනිනි. එසේම් Windows වෙතින් දියුනු කරන ලද Holographic භාවිතාව ගෙනෙන HoloLens VR headset උපංගයද එහිදී නිරාවරනය කරන්නට ඔවුන් කටයුතු කරන ලදී. පරිගණක උපාංග හා සැබෑ ලෝකය අතර වන පරතරය වඩාත් අවමව විඳගන්නට පහසුකරවන මෙම visualize(three-dimensional images ….) හැකියව ගෙනෙන දෘඩාංගය මෙන්ම එය Windows 10 වෙතට සම්බන්ද කෙරෙන APIs පිලිබදවද එහිදී තොරතුරු හෙලිකරන ලදී. මෙම VR headset සමග වන advanced sensors, spatial surround sound, internal CPU හා GPU මෙන්ම නව “holographic processing unit” පිලිබදව lenses වලට අමතරව පැහැදිලිකරන්නට කටයුතු කල අතර එය සම්පූර්නයෙන් wireless ආකාරයට PC වෙතට සම්බන්ද වීමේ හැකියාවද දක්වා සිටින ලදී. මීට අමතරව හඳුන්වාදුන් HoloStudio ඔස්සේ භාවිතාකරන්නෙකුට තමන්ට අවශ්‍ය holograms නිර්මානය කර ගැනීමේ හැකියාවද පැහැදිලි වන ලදී.

Posted in Microsoft, New Technology |

මවුසයකට ගුලිවන Pc එක හෙවත් Mouse-Box

  quad-core ARM Cortex processor((1.4GHz), 128GB storage, 802.11n Wi-Fi, USB 3.0 ports(2), හා micro-HDMI පමනක් නොව accelerometer හා gyroscope එකකින්ද සම්න්විත මෙය mouseයක් තුලට ගුලිවන පරිගණකයක් වීම වඩාත් සිත්ගන්නා සුලු මෙන්ම හුරුබුහුටි අත්දැකීමක් වනු ඇත. තවමත් prototype මට්ටමේ වන මෙම නිර්මානය භාවිතාකරනෙකුට අවශ්‍ය විටකදී මොනිටරයක් වෙතට සම්බන්ද කරමින් පරිගණකයක් ලෙසට මෙන්ම තවත් විටකදී මවුසයක් ලෙසටද භාවිතාකරන්නට හැකි නිමැවුමකට නිර්මානය වී තිබීම ඔව්න් පැහැදිලිකර සිටී. ‍රැහැන් රහිත ආකාරයට charges හැකියාව වන මෙය එකවරම මවුසයක් ලෙසට මෙන්ම පරිගණකයක් ලෙසටත් භාවිතයට හැකිවීමද සහිත බවටයි පැහැදිලි කරන්නේ. මෙහි නිර්මාතෲ කන්ඩායම වන Mouse-Box team මෙය prototype මට්ටමේ සිට වෙළඳ භාන්ඩයක් දක්වා වර්ධනය කරන්නට අවශ්‍ය සහය පිලිබදව කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.

Posted in New Technology |

Microsoft Research එකක් ලෙසට වර්ධනය වන “AutoCharge” lamp එක..

  Microsoft Research පවසන්නේ concept එකක දැනට තහවුරු කරගෙන ඇති කාරනාවක් ලෙසට භාවිතාකරනෙකුගේ smartphone එකක් අදාල lamp එක තැබෙන මේසය මත පමනක් නොව අදාල කාමරය තුලවීමෙන්ම පමනක් ඉදිරියේදී charge කරගැනීමට හැකිවනු ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ AutoCharge ලෙසට නම් වන පහන ceiling ආකාරයට හෝ ගෘහභාණ්ඩයක් මත තබා තිබෙනවා විය හැකි බවකි. පහන මත වන කැමරා කිහිපයක් ඔස්සේ අදාල උපාංගය හඳුනාගන්නා අතර අනතුරුව visible හෝ infrared ධරාවක් ඔස්සේ එය සිදුවනු ඇති බවකි. කෙසේ වෙතත් Basic physics වෙතින් පැහැදිලි වන පරිදි electricity ඔස්සේ නිපද වෙන ආලෝකය ඔසේ නැවත electricity නිපදවා ගැනීම එතරම් කාර්යක්ශම නොවන මුත් research project එකක ලෙසට අනාගත බලාපොරොත්තු තැබිය හැකි වනු ඇති බවය. දැනට socket‍ටුවක් මතට සරලව plug කරන ආකාරය තරම් මෙම ක්‍රමවේදය කාර්යක්ශම සිදුවනු නැති මුත් වැඩි දියුනු කිරිම් ඔස්සේ අනාගත බලාපොරොත්තුවක් තබන්නට හැකි වනු ඇති බවකි.

Posted in New Technology |

OnePlus Two පිලිබදව තොරතුරු කිහිපයක්!!!

   OnePlus Two හෝ වෙනත් නමකින් OnePlus මීලග දුරකථනයේ පැමිනීම සදහා මස කිහිපයක ඉදිරි කාලය ඇති මුත් බොහෝ දෙනෙකුගේ අවධානය දැනටමත් එය ‍රැගෙන අවසන්ය. ඔවුනගේ දැනට සිදුව ඇති දුරකථන් නිකුතූන් one handset වලට සීමා වුවද විචාරනය වන්නේ “ඇත්තෙන්ම එය අපූරු නිකුතුවක ලෙසට අපට පිලිගන්නට සිදුවෙනවා” ලෙසටය. සමකාලීන භාවිතාවේ ඇති අපූර්වතා බොහොමයක් සරල මිලකට ගෙනෙන්නට සමත්වූ OnePlus දුරකථන පෙලෙහි දෙවන නිකුතුවේ සමහර තොරතුරු මේ වනවිට හෙලිවෙමින් තිබෙනවා. Qualcomm Snapdragon 810 chipset, 4GB RAM, 3300mAh battery සමග වන්නට නියමිත එය අන්ගල් 5.5ක display එකකින් මෙන්ම 2K resolution නිමාවක් පිලිබඳව මේ වන විට තොරතුරු පල වෙමින් තිබෙනවා. මීට අමතරව එය බොහෝ විට edge-to-edge display සමග වඩාත් සිහින් නිමාවක් ගන්නට ඉඩ ඇති බව්ටයි බලාපොරොත්තු පලවන්නේ. තවමත් පැහැදිලි නිල තොරතුරු හෙලිදරව්වක් සිදුව නැති මුත් සියල්ලන් එගග වෙමින් ඇති ප්‍රධානම කාරනය නම් “ඇත්තෙන්ම එය තවහ් අපූරු Smart දුරකථන අත්දැකීමක් වීමනම් අනිවාර්ය” වනු ඇති බවයි.

JINS MEME ගෙනෙන ස්වාභාවික පෙනුමැති smartglasses නිකුතුව..

  ඔබ ජපන් වැසියෙක් වන්නේ නම් JINS MEME ඔබ වෙත එන්නේ කදිම smartglasses අත්දැකීමක් සමග ය. එහි නිෂ්පාදකයින් පවසන්නේ JINS විසින් 2015 වසරේදී එහි විවිධ ආකාරගත් මෝස්තර 1200ක් පමන සූදානමින් තිබෙන බවකි. බොහොම දුරට සාමාන්‍ය උපැස් උවලක පෙනුම ගෙනෙන මෙම නිකුතූන් සැහැල්ලු මෙන්ම වඩාත් මුහුනුවර සමග ගැලපෙන සුලු නිමැවුම බොහෝ භාවිතාකරන්නන්ගේ අවධානය දිනා ගන්නා ප්‍රධාන ලක්ෂනයක්ව ඇති බවටයි දැක්වෙන්නේ. පැය 16ක ආයුකාලයක් ගෙනෙන බැටරිය, හය දිසාවක් ඔස්සේ මැනෙන (six-axis) accelerometerය, gyroscope සංවේදකය මෙන්ම Bluetooth සහ microUSB charging portය සමග සංවේදක තුනක් ඔස්සේ මැනෙන දෑසේ චලනයන් කියවීමට වන electrooculography සමග දැසේ චලන රටාවන් 8ක් කියවීමටත් පමනක් නොව දෑස් පියසැලීම් කියවීමට හැකියාවත් වන බවටයි විස්තර කෙරෙන්නේ. දැසේ චලනය පමනක් නොව සිරුරේ චලනය, හිසේ වන චලනයන්, පා තබන රටාවන් මෙන්ම sleep activity, concentration levels ආදී බොහෝ තොරතුරු වඩාත් නිවැරදිව මැන ගන්නට පමනක් නොව සංවර්ධකයන් සදහා වඩාත් විවිධ applications නිර්මානය සදහා SDK ලබා දීමද JINS සිදුකරන බවටයි විස්තර කෙරෙන්නේ.2015 Spring වලදී පැමිනෙන මෙම නිකුතුවේ මිළ පිලිබදව තවමත් තොරතුරු හෙලිව නැත.

Biostar වලින් එන “SUPER LAN Surge Protection” අංගය..

    ප්‍රකට Biostar වෙතින් හඳුනවා දෙන “SUPER LAN Surge Protection,” අංගය ඔස්සේ Biostar Motherboards වලට සංයුත්තව එන Built-in LAN Protection අංගයක් වේ. ඔවුන් පැහැදිලි කරන්නේ lightning ඇතුලු අනෙකුත් විදුලි අනතුරු අවස්ථාවලදී Pc යන්ත්‍රය ‍රැක ගැනීම සදහා UPS backup power supply සමග built-in surge protection බවක් එක්කර ගන්නවා සේම එහි LAN වල ආරක්ශාව සදහා chip පතක ඔස්සේ electrical stability බවක් ගෙනෙන්නට තමන් කටයුතු කරන බවකි. ඔවුන් පවසනවා මෙම අනව ආරක්ශාව සමග තම තරග කරුවන්ට වඩා හහර ගුනයක lightning strikes සහ electrical surges අවස්ථවලට සාර්ථකව මුහුනදීමේ හැකියාවක් තම නිෂ්පාදන වලට පැමිනෙනු ඇති බවයි. එම ආයතනය මෙම හැකියාව USB සදහාද අදාල වන්නේද නැද්ද යන්නන්ක් තවම පැහැදිලි කර නැති අතර බහුල LAN පෝර්ට් සදහා වන හානියයක් සමබන්ද යෙන් මෙම පැමිනීම භාවිතකරන්නන්ගේ සතුටට කරුනක් වනු ඇත.

Posted in New Technology |

Most interesting wearables of the year බලාපොරොත්තුව “the worst product ever made” වීම.

  ජපන් ජතික එහි නිර්මාතෘවරයා පවසා සිටියේ එය most interesting wearables of the year වනු ඇති බවකි. ඉදිරිපත්වූ promotional videoව පැහැදිලි කර සිටියේ එය මොනතරම් සුව පහසු, සැකසුරුවම් භාවිතාවක් ගෙනවිත් දෛනික ජීවිතයේ ඔබ වටා ඇති තොරතුරු උපාංග සදහා කුඩ ඇගිලි චලනයකින් පමනක් හැකි වනවාද යන්නය. සැබැවින්ම මෙම කථාන්දරයේ කථා නායක වූවේ පලඳින ඇගිලි මුදුවක් පමනී. එහි වන සංවේදක ඇසුරින් එය පැලඳ කරන කුඩා චලනයකට ඔබේ ස්මාර්ට් දුරකථනයේ මීලග ගීතය වෙතට යන්නට, පැමින ඇති පනිවිඩයක් කියවන්නට , ස්මාර්ට් TV යන්ත්‍රය මෙහෙයවන්නට වැනි බොහෝ කටයුතු සදහා අවශ්‍ය වූවේ මෙහෙයුම් ලබන උපකරනයට ස්ථාපනය කර ගන්නා app මෘදුකාංගය මතට එම චලනය සදහා අදාල මෙහෙයුම පිලිබදව ගිවිසීමක් පමනී. මුදුවෙහිම වන කුඩා ස්විචයක් ඇසුරින් එය අවධිකරවා අදාල gestureය ලබා දීම පමනක් ඔස්සේ එම භාවිතාව වර්නනාවී තිබිනි.
මේ වනවිට තත්වය වෙනස් වෙමින් එම උපාංගය වෙතට පැමිනෙමින් ඇති පිලිගැනීම වන්නේ එය “the worst product ever made” ලෙසටය. බොහෝ විට අදාල මෙහෙයුම ලබාදෙන්නට නැවත නැවත සිදුවීම, wireless chargerය අක්‍රිය වීම.මෙන්ම එහි ප්‍රධාන කාර්යය වූ Ring App එකෙහි නිසි ක්‍රියාකාරීත්වය ලබන්නට එම appමෘදුකාංගය නැවත නැවත අවධිකරවන්නට සිදුවීම ලෙසට එම දුර්වලතා හඳුනා ගනිමින් සිටී. කෙසේ වෙතත් එහි නිර්මාතෲවරුන් පවසන්නේ මෙම $269 මිලැති පැලඳුමෙහි මීලග සංස්කරනය මෙම බොහෝ දුර්වලතා වලින් තොර වනු ඇති බවකි.