Tencent PC Manager යනු නොමිළේ භාවිතාවට පැමිනෙන Tencent Cloud Protection, Tencent Antivirus Engine II, Avira Local Antivirus හා Tencent System repair යන ආරක්ශක යාන්ත්‍රන වල සහයෙන් ක්‍රියාත්මක වන viruses, spyware, malware, rootkits මෙන්ම අනෙකුත් හානිකරයන් සදහා එරෙහිව ක්‍රියත්මක වන ආරක්ශක මෘදුකාංග විසදුමකි. system resources අවම මට්ටමක භාවිතාකරමින් වේගවත් මෙන්ම real-time ආරක්ශාව උපාංගයට ගෙනෙන මෙන්ම එහි වන identifying හා blocking හැකියාව ගැන හැදෑරුම් ආයතනයන් ගෙන් පැසසුම් ලත් මෘදුකාංගයක් ලෙසට මෙය පිලිගැනේ. පෙර කී හැකියාවන්ට අමතරව මෙම මෘදුකාංගය සමග ඔබට anti-phishing, link scanner, secure browsing, webcam protection, USB protection, හා hacking detection හැකියාවද පැමිනීම වඩාත් පහසුවක් වනු ඇත. ස්ථාපනයෙන් පසුව නිහඬවම පසුබිමේ සිට ක්‍රියාත්මක වෙමින් ස්වක්‍රීයව යාවත්කාලීන වෙමින් මෙම මෘදුකාංගය ගෙනෙන ආරක්ශාව ඔබ වෙතට මහත් සහයක් වනු ඇති බවටයි ඔවුන් පැහැදිලි කරන්නේ.

Tencent PC Manager 10.4.25435.501