තල්දූව පාලම අසල කඳු ගැටයක ඇති ඉන්දීය ගෘහ නිර්මාන ශිල්පීය ලක්ෂන පෙන්වන විශිෂ්ඨතම ශෛලමය නිර්මානයයි. රජතුමා මිනිසුන් 2000 වසර 20 ක් සේවයේ යොදවා කෝවිල කරවූ බව කෑ‍තෝ පවසයි. ක්‍රි.ව. 1551දී කෝට්ටේ හා පෘතුගීසි එකාබද්ධ හමුදා සීතාවකට පහර දුන්හ. බැ‍රැන්ඩි කෝවිල සම්පූර්නයෙන් විනාශ කර පැහැර ගත් රන් රිදී පිලිම පහන්, සීනු, දේව ආභරන ලේඛනයක් ක්වේරෝස් දක්වයි. ක්‍රි.ව. 1582 දී පමන රචනා කල සැවුල් සංදේශයේ අංග සම්පූර්නයෙන් ඉදිකල බැ‍රැන්ඩි කෝවිල හා එහි ඇඳ තිබෙන රාම රාවනා යුද්ධය / මාහා භාරත යුද්ධය ආදී සිතුවම් හා දිබපත කොවිලේ සිදුකරන පුද පූජාවන් පිලිබඳ විස්තරයක් දක්වා ඇත.
සීතාවක රාජසිංහ රජතුමා පීයා මරා ශිව භක්තිය වැලද ගෙන බැ‍රැන්ඩි කෝවිල ඉදිකල බවට ජනංප්‍රවාදයක් පැවතියද මෙම මතය තහවුරු කිරීමට ශාක්ෂි නොමැත. අපට නිගමනය කල හැක්කේ මායා දුන්නේ රජතුමා තම හමුදාවේ දමිල සේනාව වෙනු වෙන් කෝවිල ඉදිකල බවත් පෘතුගීසී ක්‍රි.ව. 1551 දී එය විනාශ කල පසු රාජ සිංහරජතුමා යලි ඉදිකල බවයි. සීතාවක රාජ සිංහ රජතුමාගේ අභාවයෙන් පසු සීතාවකට  කඩා වැදුනු ආක්‍රමනිකයෝ කෝවිල යලිත් විනාශ කර ඇත.
කෝවිල ඉදිරිපස කැටයම් සහිත ගල් පුවරු ගනනාවක් අද දක්නට නැත. මෙහි ගෘහ නිර්මාන ශිල්පීය ක්‍රමය හා කැටයම් ඉන්දීය ලක්ෂන පෙන්නුම් කරයි. ඉන්දීය ක්‍රමයේ අලංකාර පුන් කලස් තුනක් නෙළුම් මල් , බිනර මල් , පලා පෙති, කූඩු මුතු දැල් ආකාරයේ ඉන්දීය කැටයම් මෝස්තර ‍රැසක් දක්නට හැකිය. නෙළුම් පොහොට්‍ටුවේ හැඩය ගත් දිය පීල්ල විශිෂ්ඨ කලා නිර්මනයකි. මළුවේ පිටත ප්‍රකාර බැම්ම ගිරවෙකුගේ ලකුන කොටා තිබුනු අතර එය සබරගමුවේ පුරා විද්‍යා කාර්යාල භූමියට ගෙන ගොස් ඇත. ගලින් කල වහලයත් සිතුවම් ලකුනක් වත් අදදක්නට නැත. පුරා විද්‍යා දෙපාර්තමෙන්තුව 2005 වසරේදී ගඩොල් යොදා කෝවිල සංරක්ෂනය කර ඇත. කෝවිල ඉදි කරන්නට ගඟ ඉහල සිට පහුරු මගින් ගල් පුවරු ගෙන ආ අතර ගල් පුවරු කැපූ ස්ථාන හා ඔපමට්ටම් නොකල ගල් පුවරු ගඟ ඉහල ප්‍රදේශ වලදී දැක ගත හැකිය. බැ‍රැන්ඩි කෝවිලට පිවිසීමේදී හමුවන ගල් පුවරු 4ක් යොදා තැනූ පාලමද උසස් නිර්මානයක් වන්නට ඇත. කෝවිල අවට කපා ඔපමට්ටම් කල ගල් පුවරු රාශියක් විසිරී පවතින අතර ඒවා හදුනාගෙන සංරක්ශනය කිරීම කල යුතුය. සීතාවක යුගය පෙනවන විශිෂ්ඨතම කලා නිර්මානය බැ‍රැන්ඩි කෝවිල බව පැහැදිලිය.