Back to Top

Category: History

Sri Naga BoaDhi Viharaya – Bodhimaluwa

අවිස්සාවෙල්ල රත්නපුර ප්‍රධාන මාවතෙහි යන එන්නෙකුට බෝධි මළුව කඩමඬිය හමුවේ. මෙම කඩමන්ඪියට ඔබ්බෙන් පිහිටා ඇති ශ්‍රී නාග බෝධි විහාරයද වේ. අතීතයේද සීතාවක සබරගමුව ප්‍රධාන මාවත අද්දර පිහිටා තිබුනු මෙම විහාරයෙහි වසර 800කට වඩා පැරනි යැයි සැලකෙන විශාල නා වෘක්ෂයක්ද වේ. එදා සීතවක රජ දවස කෝට්ටේ සිට වැඩමකරන ලද දන්ත දාතූන් වහසේ වැඩි ආරක්ශාව සදහා දෙල්ගමුව විහාරස්ථානය වෙතට වැඩම කරවන අතරතුර මෙම නා සෙවනෙහි තැන්පත්කර තබන්නට ඇති බවටයි හදාරන්නන් පෙන්වා දෙන්නේ. බැතිමතුන් අතර හාස්කම් සහිත මෙම නා බෝධිය අදද වන්දනමානවලට පාත්‍රවෙන් වැඩ සිටින අතර එහි වැඩි ආරක්ශාව සදහා යකඩ වැටකද ආධරය ල්;අබා දී ඇත.

Posted in History | Leave a reply

සීතාවක සටන්කාමීත්වය

            සීතාවක රාජධානිකාලය පුරාවටම වලංගුවන ප්‍රධානතම සාධකයක් වන්නේ අකංඩවම පැවති සතුරු සේනාවලට එරෙහි සටන්කාමීත්වයයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ පෘතුගීසී අධිරාජ්‍යවාදීන්ට එරෙහිව හා ඔවුන්ට පක්ෂපාතීත්වය දැක්වූ කෝට්ටේ හා කන්ද උඩරට පලකයින්ට එරෙහිව නිරන්තරයෙන් අරගලයන් ගලා ගිය බව පෙනෙන්නට ඇති බවයි. සීතාවක හටන, අලකේෂ්වරය යුද්ධය, රාජාවලිය වැනි බොහෝ මූලාංශ්‍ර ඇසුරෙන් මේ බව හෙලිවන බව පැහැදිලි කරයි. සිව්‍රඟ සේනාව පිරිවරා එනම් ඇත්, අස්, රිය, පාබල සේනාව පිරිවරා ඔවුන් සටනට ගිය බව පැවසෙන අතර සීතාවක පාබල හමුදාව මනාව පුරුදු පුහුනු කල එකක් වූ බවට පැහැදිලි කරයි. නුවර යුගයෙ සිට එන ශුදලිය හා මරුවල්ලිය සටන් කුල මෙන්ම ලන්සක්කාර හා පලිහක්කාර ලෙසට වන ගුරුකුල දෙකක් යටතේද තම සටන් පුහුනුව පැවති බවට පැහැදිලි කරනු ලබයි.මෙම ගුරුකුල දෙක අතරද පැවති තරගය විසින් වඩාත් තියුනු සටන් කරුවන් නිර්මානය වන්නට අවශ්‍ය පසුබිම නිරන්තරයෙන් පැවති බව ඔවුන්ගේ මතයයි.

Posted in History | Leave a reply

සීතාවක යුධ පෙරමුන…

     අපගේ දේශීය සටන් ශිල්පය ප්‍රධාන ලෙසට කොටස් තුනකට වෙන් කර දක්වන්නට හදාරන්නන් කැමති වේ. එනම් අංගම්, ඉලංගම්, හා මායා අංගම් ලෙසටය. අංගම් ලෙසට ගැනෙන්නේ නිරායුධව සතුරාගේ නිලවලට දෑතින් පහර දීම ඔස්සේ ඔහුව මැඬලීම ලෙසට ගැනෙන අතර ඉලංගම් වලදී කඩුව හෙල්ල මුගුරකෙටේරි, යගදා, දුණු ඊතල ආදිය යොදා ගැනීම සිදු කරයි. හදාරන්නන් පෙන්වා දෙන්නේ සීතාවක සෙබලුන් දක්ෂ ගුරුවරුන් යටතේ නිරන්තරයෙන් මෙම අවි පුහුනුව කල බවත් සීතාවක රාජසිංහ, වීදිය බංඩාර, විමලධර්මසූරිය වැනි දක්ශ නායකයින් මෙම ලා පෙරමුනේ සිටි බවත්ය. මායා අංගම් වලදී ගුප්ත විද්‍යාව එනම් යන්ත්‍රමන්ත්‍ර භාවිතාකරමින් සතුරා මර්ධනය සදහා කටයුතු කල බවට කිය වෙන අතර අනවින හදිහූනියම් මෙහිදී භාවිතා වූ බවටත් පැහැදිලි වේ.පෙර කී දක්ශ සටන් කරුවන් අතරින් අති දක්ශ සටන් කරුවන් යොදා ගෙන විශේෂ හමුදා නිර්මානය සිදුව ඇති අතර ඔවුන්ව අතපත්තු හමුදාව ලෙසට නම් කරමින් ප්‍රභූ ආරක්ශාව වැනි විශේෂ කටයුතු සදහා යොදා ගත් බවටත් පෙන්වා දේ.
කොලඹ කො‍ටුව වැටලීම සදහා 2200කින් යුත් යුධ අලි ඇතුන් යොදා ගත් බවට පිලි ගැනෙන අතර සීතාවක යුධ පෙරමුනේ මෙම අංගය නිරන්තරයෙන් භාවිතා වූ බවට පෙන්වා දේ. සත්ව සම්හා ලෝහයෙන් කල  ආවර්නයන්ගේන් යුත් මෙම අලි ඇතුන් ගේ දල වලට කොපු යොදා ආරක්ශා කර ඇති අතර දම්වැල් යගදා දැව කඳන් වැනි භාවිතයෙන් සාර්ථකව සතුරා මැඩලීමට මෙම අලි ඇතුන් යොද අගන්නට ඇති බවයි එම හදාරන්නන්ගේ මතය වන්නේ.

Posted in History | Leave a reply

“සීතාවක රාජසිංහ රාජ්ජ කාලය” පුස්කොල ග්‍රන්තය.

          හදාරන්නන් පෙන්වා දෙන්නේ සිතාවක යුගය පිලිබදව වඩාත්ම වැදගත් කෘතිය වන්නේ “සීතාවක රාජසිංහ රාජ්ජ්‍ය” කාලය නම් කෘතිය බවයි. මානියම්ගම විහාරවාසීව සිටි සිටිනාමළුවේ ධර්මපාල හිමියන් විසින් රචිත පි‍ටු 20ක පුස්කොල පොතක් වන මෙහි ක්‍රි.ව. 1521 සිදුවූ විජයබා කොල්ලයේ සිට සීතාවක රාජසිංහ රජතුමක්ගේ මව වූ බෝතලගෙයි සුමනාදෙවීන් වහන්සේගේ මරනය සිදුවූ කාලය දක්වා එනම් කෙරි.ව. 1596 දක්වා වූ කාලය තුලදී සීතාවක රාජධානිය පිලිබදව තොරතුරු වලින් සමන්විතව ඇත. හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මෙම ස්වාමීන්වහන්සේ රජවාසලට හිතවත් බවක් දැක්වූ අයෙකු වූවද මෙම සටහන් කිරිම් වලදී පක්ෂක්ග්‍රාහී නොවී කටයුතු කර ඇති බව යි.
විශේෂයෙන් මෙම ග්‍රන්තය තුලින් පෘතුගීසීන් හා ඔවුනට පක්ෂපාතී අයවලුන් විසින් සිංහල ජාතියට , ආගමට මෙන්ම දේශයට කරන ලද විනාශය මතුපරපුරේ දැන ගැනීම සදහා මනාව සටහන් කොට ඇති බවට මෙන්ම රාජසිංහ රජතුමා පීතෲඝාතකයෙකු ලෙසට වන චෝදනා අසත්‍ය බවටත් එත්මන්ගේ රණශූරත්වය ඉදිරියේ අසරනවූ හතුරන් විසින් නෙක දුර්මත ඔස්සේ කරන්නට උත්සාහ කල කීර්තිය විනශ කිරීමක් පමනක් බවටත් මේ තුලින් ඔප්පු වන බවට හදාරන්නන් අවධාරනය කරන්නට කටයුතු කරතිබේ.

Posted in History | Leave a reply

ගනේගොඩ දෙවියෝ…

       දේවත්වයේ ලා සැලකෙන තවත් ප්‍රාදේශීය දෙවිවරයෙක් ලෙසට ගනේගොඩ දෙවියෝ සැලකේ. තුන් කෝරලය හා සියනෑකෝරලය ප්‍රමුකව සීතාවක යුගය හා බැදෙන මෙම දේවත්වය සදහා වරම් ලබන්නේ සීතාවක අසහාය රණ ශූරයා වූ ටිකිරි බංඩාර රාජසිංහ බවටයි ජනංප්‍රවාද පැහැදිලි කරන්නේ. මෙම දේවත්ව උපත විස්තර කෙරෙන කථාන්දරය  “ගනේගොඩ පුවත” හා “ගනේගොඩ යාදින්න” ලෙසට ගැනේ. මුලින්ම මෙම දේවත්වය යක්ෂයෙකු බවත් කෝට්ටේ බුවනෙකබා රජතුමාගේ දේවියට ආවේශ වූ බවටත් කිය වෙන අතර නෙක ආකාරයේ ප්‍රතිකාර කලද සුව නොවන අතර භික්ශූන්වහන්සේ නමක් පිරිත් කියා නූල් බැඳ සුවපත්කල බවටත් එම ඉතිහාස පුවත් පැහැදිලි කරයි. අනතුරුව මෙම යක්ෂයා සීතාවක මායාදුන්නේ රජ දේවියට වැසුනු බවත් පෙර කී ස්වාමීන්වහන්සේම ඉදිරිපත්ව සුව කල බවටත් විස්තරවේ.
මෙයින් අනතුරුව මෙම යක්ෂයා භික්ෂූන්වහන්සේලා කෙරෙහි වෛර බැදගත් බවත් දු‍ටු දු‍ටු තැන සංඝයාවහන්සේලා විනාශ කිරීමට දිවුරා සිටි බවත් රජ බිසව සුවපත් වූ නමුත් ඇගේ කුසයෙහි පිලිසිඳ ගත් බවටත් විස්තර වේ. මෙම යක්ශ මායම නිසාම ටිකිරි කුමරු කුඩා කල සිටම අසහාය බලයකින් යුත් බවත් කලකි9න් රාජ්‍යත්වයට පත්වූ පසුව භික්ෂූන් වහන්සේලාට පිඩා කරන්නට පටන් ගත් බවටත් පිලි ගැනේ. නතුරුව රජතුමාගේ මරණෙන් පසුව දේවත්වයට පත්වූ අතර මාපිටිය, අටලුගම හා ම්ංගෙදර මුල්ලේ ප්‍රදේශවලදී තම බලය පෙන්වූ බවටත් විස්තරවේ. මීරිගම, ගනේගොඩ බොකලගම පිහිටි ගනේගොඩ දේවාලයේ මෙතුමන් වැඩ සිටිබවත් කෙම්මුර දිනවලදී විහාරය අසල ඇති ඉඹුල් ගසේ සිට දේවතා එලියක් ලෙසට විහාරයට වැඩම කරන බව එම ප්‍රදේශවාසීන්ගේ විස්වාසයකි. රජතුමා කුඩාකල මෙම ප්‍රදේශයේ වෙසෙන්නට ඇති බවත් ගණේගොඩ විහාරයට දේපොල පූජාකරන්නට ඇති බවත් අනතුරුව මරනින්  පසුව  දේවත්වයට පත්ව මෙම දෙවාලයට වඩින්නට ඇති බවත් වැඩි දුරටත් විස්වාසය වේ.

සීතාවක රාජධානියේ වැඩ සිටි දළඳා වහන්සේ….

       කෝට්ටේ හා පෘතුගීසි එකාබද්ධ හමුදාවක් සීතාවක ආක්‍රමනයට සූදානම් බවට දැන ගන්නා මායාදුන්නේ රජතුමා දළඳා වහන්සේගේ ආරක්ශාව කුරුවිට දෙල්ගමුව රජමහ විහාරථානයට පැවරූ බවට සඳහන්වේ. එම විහාරයෙහි දර්ශනීය දළඳා මන්දිරයක් සහිතව සියලු විහරංග සම්පූර්න කරන ලද අතර සියලු වතාවත් පුද පුජා නොකඩවා සිදුකරන්නට අවශ්‍ය පහසුකම් සලසා දුන් බවත් හා පුරා වසර 43ක් එම විහාරස්ථානයේහි දළඳා වහන්සේ වැඩ සිටි බවටත් කියවේ.සීතාවක රාජ සිංහ රජතුමන්ද භක්තිමත් බෞද්ධයෙකු ලෙසට කටයුතු කරමින් දළඳා වහන්සේ වාර්ෂිකව රත්නපුර සමන් විහාරයට වැඩමවා වසර 11ක් දළඳා පෙරහැර කරවූ බවට සැලකේ. සබරගමු සමන් දේවාලයේ ලේඛම්මිටියේ සදහන් වන්නේ ඊට අමතරව දළඳ වහන්සේට නින්දගම්, පිදිවිලිගම්,අලි ඇතුන් ඇතුලු වටිනා දේපල වස්තුව බොහොමයක් පුජා කරන්නටද යෙදුනු බවයි.
දළඳා වහන්සේගේ ආරක්ශාව පිලිබදව සැලකිලි මත් වන මහින්දාලංකාර හිමියන් විශාල කුරහන් ගලක් නිමකරවා ව්ය බුදු මැදුරේ ප්‍රථිමාවහන්සේ පි‍ටුපස ආසනයක රදවා අවශ්‍ය වුව හොත් ඒතුල දළඳ වහසේ වැඩ සිටි කුඩා කරඬුව තැන්පත්කර තබන්නට හැකිවන සේ තැනූ බවත් කියවේ. එකල කුරහන් ගල නිවෙස්වල මෙන්ම විහාරවල සුලභව භාවිතාවාවක් බවත්, නිවෙස්වලදීනම් ධ්‍යාන්‍ය වර්ග අබරා ගැනිමත් විහාරස්ථානවලදී ප්‍රථිමාකර්මාන්තය සදහා විශාල ප්‍රමානයේ කුරහන් ගල් භාවිතා වූ බවටත් සඳහන්ය.
1562දී ඓතිහාසික මුල්ලේරියා වෙළේදී සිදුවූ යුද්ධ ජයංග්‍රහනයෙන් පසුව සීතාවක වෙතට පෘතුගීසිආක්‍රමනයක් සිදු නොවුනු අතර දළඳ වහන්සේ දෙල්ගමුව රජමහා විහාරයේ අපමන ගෞරව පුද පූජා මැද වැඩ සිටි බවටත් සැවුල් සංදේශයේ කවි ගනනාවකින්ම මේ බව විස්තර කර ඇති ආකාරය අදටත් දැකිය හැක.

දළඳා වහන්සේ සිතාවක රාජධානියට වැඩම වීම…

“කෝට්ටේ කළාලේ කිසල්ලේ- දත මැදට ගන්න රාලේ”
ක්‍රි.ව. 1549 වන විට පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ බෞද්ධ වෙහෙර විහාර හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව කටයුතු කරන්නට වීම බහුල වෙන්නට පටන් ගනී. සමාන්තරව දළඳා වහන්සේගේ අනාරක්ශිත බව ද වැඩිවෙන සමයක එවකට දිය වඩන නිළමේ වරයා ලෙසට කටයුතු කරමින් සිටි හිරිපිටියේරාළට දිනක්  පෙනුනු සිහිනයදී පෙනී සිටි අයෙක් මෙසේ කව් පදයකින් උපදෙස් ලබා දුන් බවට සඳහන් වේ. මෙහි අදහස ලෙසට පැහැදිලි කෙරෙන්නේ තව දුරටත් කෝට්ටේ රාජධානිය කෙරෙහි බලාපොරොත්තු තැබිය නොහැකි නිසා දළඳා වහන්සේගේ ආරක්ශාව සදහා රට මැද ආරක්ශිත පෙදෙසකට වැඩම කරවන ලෙසටයි. තත්වය තේරුම් ගන්නා දියවඩන නිළමේතුමා කෘතීමය නිමවා තිබුනු දළඳාවක් කරඬුවේ තැන් පත්කර සැබෑ දළඳ වහන්සේ සගවා ගෙන විත් එවකට සීතාවක රාජධානියේ පාලකයාව සිටි මායාදුන්නේ රජතුමාට භාර දුන් බවට පිලි ගැනේ.
දළඳා වහන්සේ සීතාවකට වැඩම කිරීමත් සමගම මායා දුන්නේ රජතුමා මුළු ලංකාද්වීපයේම අගරජතුමා ලෙසට පිලි ගැනීම සිදුවූ අතර දළඳ වහසේ මහත් පුද පූජා සහිතව ප්‍රදර්ශනයට කටයුතු කල බව කියවේ. මයාදුන්නේ රජතුමා විසින් වර්ථමාන තල්දූවේ සෝමාරාමය පිහිටි කඳු ගැටයේ දළඳා මන්දිරය ඉදිකරන තෙක් මානියම්ගම රජ මහා විහාරය භාරයේ තැන්පත්කොට තිබූ බවට සඳහන් වේ.

Posted in History | Leave a reply

වසර 30,000 ඉක්මවා දිවෙන මානියම්ගම ඉතිහාසය…

       හදාරන්නන් පෙන්වා දෙන්නේ මානියම්ගම ප්‍රදේශය ඈත අතීතයේ මානියම්ගමුරට්ඨය ලෙසට ලෙසට විවහාර ලබන්නට ඇති අතර වසර 30,000ක් ඈත තරමට එනම් බලංගොඩ මානවයාගේ සමකාලීන තරමට දිවෙන අතීතයක් තිබෙන්නට ඇති අතර, මානියම්ගම අතුල බෙලිලෙන ආශ්‍රිතව එම ආදිතමයන් වෙසෙන්නට ඇති බවත්ය. මෙම ප්‍රදේශයේ ඇති ආරක්ශිත බව මෙන්ම සශ්‍රීක බවත් නිසා වළගම්බා වැනි රජ වරුන් පවා මෙහි පැමින වෙහෙර විහාර ඉදිකරන්නට ඇති බවය. පසුව මානියම්ගම රජ මහා විහාරය මූලිකව සියවසකට ආසන්න කාලයක් බටහිර ආක්‍රමනිකයන් පවා දන ගස්වමින් ලංකදීපයම පාලනය කරන්නට හැකි රාජධානියක් මෙහි බිහි වන ලදී.
නුවර යුගයේදීද කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ද කෙත්වතු පූජාකර දුරුතු මහා පින්කමක් කරවන්නට කටයුතු කල අතර රාජකීය කරළ් පෙරහැර ආරම්බයට කටයුතු කරන ලද බවට පිලිගැනේ.
අවිස්සාවේල්ලේ සිට පනාවල මාර්ගයේ කි.මී 4ක් පමන ගමන් කල විට ඓතිහාසික යකහ‍ටුවාව කදුවැටි පාමුල මෙම විහාරස්ථානය පිහිටා ඇති අතර විශාල ගල් ලෙනක් ආශ්‍රිතව එය පිහිටා ඇත.දිගින් අඩි 170 හා පලලින් අඩි 70ක පමන වන ඉඩක් තුල මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ක්‍රි.පූ 2,1 කාලයේදීද බෞද්ධ භික්ශූන් වහන්සේලා මේසල වැඩ සිට ඇති බවට තිඹිරිපොළ රජලෙන ලෙනෙහි වන බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි වලින්ද හෙලිවන බවට පෙන්වා දෙන්නට හදාරන්නන් කැමති වනු පෙනේ. මීට අමතරව පොලොන්නරු යුගයේ මුල් කාලයේදී පලමු විජය බාහු රජතුමන්ගේ රක්ඛ නම් සේනාධිපතිවරයා යුධසේනාංකයක් සමග මානියම්ගමුටට්ඨය හරහා රුහුණ දෙසට ගමන් කල බවටත් හා එකල මෙම ප්‍රදේශය සශ්‍රීක කෙත් ගම්මානයක්ව පැවති බවටත් සදහන්වේ.

Posted in History | Leave a reply

ලෙව්කේ දිසාව හා ගුරුබෑවුල…

පුන්සඳ සේම පායාලා රට මැද්දේ
රන්කෙඳි සේම පීරාලා පිට මැද්දේ
මාර සෙනග වටකරගෙන යම යුද්දේ
ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ
ප්‍රකට මෙම ජනකවිය ප්‍රබන්ධ වන්නේ අසහාය රණ ශූරයෙකු වන ලෙව්කේ මැතිඳු ගැනය. මෙම අසහාය රණ ශූරයා සඳහා ඉදිවුනු ස්මාරකයක් අදද කොළඹ අවිස්සාවේල්ල අලුත් පාර හා පරන පාර හමුවන ස්ථානයේ එනම් හංවැල්ල හා කළුඅග්ගල අතර අදද දක්නට හැක. මෙම සිදුවීමට අදාල ප්‍රදේශය වන්නේ ගුරුබෑවුල එනම් වර්ථමානයේ හංවැල්ල ප්‍රදේශයේ බලකො‍ටුවට පහර දීමට ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමන් විසින් 1803 සැප්තැම්බර් මාසයේ ලෙව්කේ දිශාව ප්‍රමුක බල ඇනියක් එවීමත් දිගුගමනක වෙහෙසින්  සිටි සේනාවට විවේකයක් දී පසුදින පහරදීමට තීර්නය කොට පලිපාන  ඇතුලු සෙනවිවරු විවේක ගැනීමත්(නිරිපොල වෙළයායේ) හා රහසින් තොරතුරු විමසුනු වස් පැමිනි රජතුමන් මේ බව දැක ක්ශනික කෝපයට පත්ව මේ රණ විරුවන්ගේ ගෙල සිඳ දැමීමට කටයුතු කිරීමත් ය. පසුව රජතුමන් ගුරුබෑවුල ඇල්ලීමට අවිධිමත් සටනක් මෙහෙයවූවද පරාජයට පත්ව යලි උඩරටට පලාගිය බව සඳහන්වේ.

Posted in History | Leave a reply

ඓතිහාසික මුල්ලේරියා සටන…

     සිව් රඟ සේනාව පිරිවරා  පෘතුගීසීන් වෙතට කඩා පනිනනා රජසිංහ රජතුමන් ගැන රාජාවලී යෙහි කතුතුමා සඳහන් කරන්නේ මෙලෙසය” රාජසිංහ රජ අසුට නැගී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුධ ගිණි කෙළි කොටන කොට දුරුතු මස මීදුම මෙන් වෙඩි දුම් පටලා ගෙන සිටින සඳ මුල්ලේරියා වෙල මැද ලේ වතුර කොට ප්-රතිකාල් සේනාවට  අඩියක් පස්සට යන්නට නෑර කොටා…” ලෙසටය. ක්‍රි.ව. 1580 දී මායාදුන්නේ රජතුමා විශ්‍රාම ගත් අතර  ක්‍රි.ව. 1581 දී මායාදුන්නේ රජතුමන්ගේ අභාවය අසා දැන ගන්නා පෘතුගීසීන් හා කෝට්ටේ සේනාවන් මුල්ලේරියාවෙලේ කඳවුරු බැද ගත් බවත් මායාදුන්නේ පිය රජතුමන්ගෙන් අනතුරුව රාජත්වයට පත්වන රාජසිංහ රජතුමන් තම රණ ශූරත්වය සමග කල සටනේදී පෘතුගීසීන් ලබන පරාජය ඉතිහාසය තුල ලියවෙන්නේ බටහිර ජාතීන් පෙරදිගදී ලැබූ දරුනුතම  පරාජය මුල්ලේරියාවේදී ලත් පරාජය ලෙසටයි.
යලිත් ක්‍රි.ව. 1587 ජූනි මාසයේදී 50000ක යුධ සේනාවක් සමග ඇතුන් 2200ක්ද පිරිවරා ගෙන සිතාවක හමුදාව්qඅ කොළඹ කො‍ටුව ආක්‍රමනය කරන්නට යෙදුනු අතර එහිදී යලිත් වරක් පෘතුගීසීන් කොළඹ කො‍ටුවට සීමා කරන්නට කටයුතු කරන ලදී. මෙහිදී රජසිංහ රජතුමන් ප්‍රමුක රනකාමීන් කොළඹ් කො‍ටුව මුහුද දෙන්ද කො‍ටුකල බවත් එහිදී යුධ නැව් මෙන්ම කුඩා යාත්‍රා සියගනනක් භාවිතා වූ බවටත් සඳහන්සේ. ඉතිහාසය හදාරන්නන් පෙන්වා දෙන්නේ සීතාවක යුධ බලයේ උපරිම අවස්ථාව ලෙසට මෙම කොළඹ කො‍ටුවට සිදුකල ආක්‍රමනය හඳුනා ගත හැකි බවයි.

Posted in History | Leave a reply

සීතාවක රාජධානියක් ලෙසට තොරා ගැනීම…..

මායාදුන්නේ කුමරුන් තම රාජධානිය සදහා සීතාවක තොරා ගැනීමට බලපෑ හේතුන් බොහොමයක් බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. ඉන්පලමු කොටම කොළඹ සිට එන මාර්ගය සිතාවකදී කන්ද උඩරටට යන මාවත හා සබරගමුවෙන් එන මාවත එකට මුන ගැසෙන ඉසව්ව මෙය වීම බවට යෝජනා කරනවා. එසේම වළගම්බා රජ දවස සිටිම ආගමික මධ්‍යස්ථානයක් ලෙසට මානියම්ගම රජමහ විහාරය පැවතීමත්, මෙහි වැඩ විසූ භික්ශූන් වහන්සේලා විජයබා කොල්ලයටත් පෙර සිටම මායාදුන්නේ කුමරුට සහය දැක්වීමත් දක්වා සිටිනවා. තවද සීතාවක ගඟත් ගැටහැති ඔයත් ඇතුලු ජලමාර්ගවලින් ලැබෙන ආරක්ශාවත් පමනක් නොව සරුසාර ගංගා මිටියාවතක් වීමද ඒනිසාම පෙර කල සිටම කෘෂිකර්මාන්තය අතින් සරුසාරව පැවතීමත් හේතුවක් ලෙසට දැක්වෙනවා. ආරක්ශාව පිලිබදව සැලකීමේදී මානියම්ගම ගිරිදුර්ඝයත්, ක‍ටුපඳුරු සහිත වනාන්තර මෙන්ම මඩගොහුරු සහිත වගුරු බිම්ද වීම වැදගත් වන්නට ඇති බවට ඔවුන් පෙන්වා දෙනවා. ඉතිහාසයේ සදහන්වෙන්නේ මයාදුන්නේ කුමරුගේ නියෝග මත ආර්ය නම් ඇමතිවරයා රජ මාලිගව, රාජ සභාව, පරිවාර මාලිගාවන්, මංමාවත්, මල් උයන් වලින් පිරි අලංකාර නගරයක් බවට පත්කල බවයි.

Posted in History | Leave a reply

කතරගම දෙවියන් පිලිබදව….

      සීතාවක රාජධානියේ අතීත කතාවේ කතරගම දෙවියන් පිලිබදව වන සඳහන් කිහිපයකි. ඒ අතර වන ජනංප්‍රවාදයක් වන්නේ රණකාමී මායාදුන්නේ රජතුමාට යුද්ධය සදහා දක්ශ පුත් කුමරෙකු නැතිවීමේ සොවින් මිදීම සදහා පීටට ආ බවක් සදහන් වන එකකි. පෘතුගීසීන් සමග වූ යුද්ධකින් පැරදුනු රජතුමා පලායමින් සිටි අවස්ථාවාක්දී කතරගමට ද ගියබවත් එහිදී කතරගම දේවාලයටද පිවිසී ශක්තිමත් පුත් කුමරෙකු පතා දෙවියන් හට කන්නලව් කල බවත් මයාදුන්නේ දේවිය තම දිගු වරලස කපා ඉන් දේවාල භූමිය ඇමදිමින් කල කල ප්‍රාර්ථානව පළ ගන්වමින් එදින රාත්‍රියේ සිහිනෙන් පෙනී සිටි කතරගම දෙවියන් රණකමී පුත් කුමරෙකුගේ උපත දන්වා සිටි බවත් සඳහන් වේ.ටිකිරි බන්ඩාර නොහොත් පලමු රාජසිංහ රජතුමා උපන් මොහොතේ කොළඹ කො‍ටුවේ පවුරු ඉරිතලා ගිය බවත් එම කුමරුන්ට තම යුධ අවස්ථාවලදී කතරගම දෙවිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබුනු බවටත් එම ඉතිහාසයෙන් කියවෙන පිලිගැනීමක් වේ.රාජසිංහ රජතුමන්ගේ අනුග්‍රාහය ලබූ දේවාල අතර සොරගුනේ, අම්මඩුව, නිවිතගල හා බමුනුගම (කෑගල්ල) යන කතරගම දේවාල වන බවද සදහන්ය. මහසෙන් රජතුමා කතරගම මූලිකව තම රාජධානිය පවත්වා ගෙන යාමෙනනතුරුව මරනින් පසුව දේවත්වයට පත්වූ බවත් දු‍ටු ගැමුනු රජතුමා වෙතට යුධකටයුතු වලදී කතරගම දෙවියන් සහය දුන් බවටත් ජයංග්‍රහනයන් අවසානයේ එම රජතුමන් කතරගම දෙවාලය කල බවටත් අතීත සටහන් පවසයි.

Posted in History | Leave a reply