Back to Top

Category: Tech

සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් …

Facebook ආයතනයේ සභාපති ධූරයෙන් Mark Zuckerberg ට ඉවත්වන්නට යෝජනවක් නිර්මාණය වෙමින් තිබෙනවා. එහි කොටස් හිමියන් වෙතින් පලවෙමින් ඇති මෙම යෝජනාවට අනූව CEO හා chairman ලෙසට ද්විත්ව ධූර දැරීම ඔස්සේ එම ආයතනයේ කොටස් හිමියන්ගේ ඉලක්ක වෙතට සාර්ථක පිවිසුමක් සදහා වන බාදක බව ඔවුන්ගේ අදහස වෙමින් තිබෙනවා. මෑත කාලයේදී සිදුවූ ආයතනයේ කොටස් මිල පහත වැටීම මේ යෝජනාව සදහා වඩාත් ප්‍රධාන හේතුවක් වෙමින් තිබෙනවා. Facebook වල ද්විත්ව ආකාරයේ කොටස් හිමීත්ව ව්‍යහයට අනූව වැඩි බලයක් Mark Zuckerberg වෙතට වීම අනූව මෙම යෝජනාව පිලිබඳව එතරම් ධනාත්මක බවක් දැනට නොපෙනුනද සැලකිය යුතු අවධනයක් ලබන්නට එය සමත්ව ඇති බවට හෙලි වෙමින් තිබෙනවා. පසුගිය මැතිවරනයේදී තීරනාත්මක සාධකයක් ලෙසට Facebook වෙතින් සිදුවී ඇති කාර්යභාරය මෙන්ම ලොව පුරා රටවල් කිහිපයකින්ම සිදුවෙමින් ඇති අවධානය නිසා එම අඩවියේ ආරක්ෂිත හා විනයාත්මක බව ‍රැක ගැනීමට වැඩි ශ්‍රමයක් අවශ්‍ය වීම මෙන්ම මෑත කාලීනව වාර්ථාවූ කොටස් මිල පහත වැටීමද තත්වය වඩාත් තීරනාත්මක කරමින් තිබෙනවා.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

Facebook ආයතනය බ්‍රසීලයේ හානිකර පි‍ටු ඉවත්කෙරේ….

රටක ජන මතයට සමාජ ජාලාවල බල පෑම කියාපානුයේ එලබෙන යුගයේ ජීවිත වෙතට අන්තර්ජාලය කොතරම් බල පෑමක් සිදුකරන්නට නිය මිතය යන්න. ඇමරිකානු රජය තවමත් තම පසුගිය මැතිවරනයේ දී Facebook වෙතින් සිදුවූ බල පෑම සම්පූර්නයෙන් විසඳාගන්නට නොහැකිව සිටී. විසඳුම වන්නේ පැමිනෙන නව භාවිතාව සමග උරන වීමට වඩා එහි ස්වභාවය තේරුම් ගනිමින් අදාල ජනකොස් වෙතට වඩාත් ධනාත්මකව එය බලපන ආකාරයට එය තම සමාජය මතට පමුනවා ගැනීම බව මැදිහත් මතධාරීන්ගේ අදහසය.
Brazil රජය එලබෙන ඔක්තෝබරයේ මැති වරනයකට සූදානම් වෙමින් සිටින අතර Facebook ආයතනයේ ඉහල බලධාරියෙකුගේ නිවේදනයකින් කිය වෙන්නේ තමන් තම අඩවිය මගින් ව්‍යාජ අදහස් සමාජය මත වපුරන්නට ක්‍රියා කරන ව්‍යාජ ගිනුම් හා පි‍ටු 200 අධික ප්‍රමනයක් දැනටමත් ඉවත්කරන්නට කටයුතු කර ඇති බවකි. පසුගිය සැප්තැම්බරයේ ද රුසියානු මූලිකව ක්‍රියාත්මක වූ හානිකර අඩවි 470ක් පමන අඩපන කරන්නට කටයුතු කර තිබුනි. Facebook ආයතනය පවසන්නේ තමන් මෙසේ ව්‍යාජ හා හානිකර ගිනුම් ඉවත්කිරීමේදී  community reports, machine learning, artificial intelligence ආදී නෙක භාවිතාවන් ප්‍රයෝජනයට ගන්නා බවකි.
– Pubudu Siriwansa

Posted in Social, Tech | Leave a reply

Windows 10 Cloud සංස්කරනයක්….

Windows 10 පිලිබන්දව වන මීලග ප්‍රධාන යාවත්කාලීන සංස්කරනය WINDOWS 10 CREATORS UPDATE ලෙසට සූදානම් වෙමින් ඇති බවට මේ වන විටනිවේදනය වී අවසන්ය. වඩාත් නිර්මානශීලී භාවිතාවක් හා ක්ෂනික සබඳතාවයක් සදහා පහසු කරවන දියුනු කිරීම් වලින් සමන්විතව පැමිනෙන්නට නියමිත මෙම නිකුතුව එලබෙන අප්‍රේල් වලට බලාපොරොත්තු පල වී ඇත. මීට අමතරව Windows 10 Cloud සංස්කරනයක් පිලිබන්දවද මේ වන විට තොරතුරු පැමිනෙමින් ඇත. Windows Store වලින් පැමිනෙන apps පමනක් ධාවනයට සූදානමින් පැමිනෙන මෙම සංස්කරනය නොමිලේ වන නිකුතුවක් ලෙසට බලාපොරොත්තු පලවන අතර භාවිතාකරන්නගේ දෙවන තෙවන මට්ටමේ උපාංග සදහා වඩත් සුදු ආකාරයක් ගනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ. හදාරන්නන් පෙන්වා දෙන්නේ දැනට මත් මෙහි පෙර සංස්කරන අන්තර්ජාලයෙන් ලබා ගන්නට හැකි වන අතර මෙහි නිල නිකුතුවද එලබෙන අප්‍රේල් වලට නියමිත WINDOWS 10 CREATORS UPDATE සමග සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇති බවකි.

www.digilk.com

Posted in Tech | Leave a reply

Self-driving technology සාර්ථකව ඉදිරියට…

self-driving technology යනු එලබෙන යුගයට තබා ඇති තවත් ප්‍රධාන බලාපොරොත්තුවකි. වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත ආකාරයට මංමාවත් භාවිතට ප්‍රධාන කැඳවුමක් ගෙනෙනු ඇති බවට බලාපොරොත්තු ගෙනෙන මෙම self-driving technology සමග ලොව ප්‍රධානතම ආයතනයන් රාශියක් කටයුතු කරමින් සිටිනවා. Waymo ආයතනය පවසන්නේ තමන් මේ වන විට ප්‍රසිද්ධ මාවත්වලදී සැතපෞම් මිලියන අටක් සම්පූර්න කරන්නට සමත්ව ඇති බවයි. මේ අනූව දෛනිකව සැතපුම් 25000 ප්‍රමානයක් සම්පූර්න කරමින් සිටින ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ තමන් ප්‍රසිද්ධ මාවත් වලට අමතරව virtual simulations වලදී සැතපුම් බිලියන 5ක් පමන සාර්ථකව අත්හදා බලන්නට සමත්ව ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ මෙම self-driving solutions සැබෑ ලෝකයේ භාවිතට පැමිනීමට අප දැනට සිතනා තරම් කාලයක් නොගන්නා ඇති බවයි. දැනටමත් බොහෝ ආයතනයන් තම නිකුතුවන් සමග driving assistance සහය සංයුත්ත කරන්නට කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

5G යුගයට කෙමෙන් පිවිසෙමින් සිටින බවට…

AT&T පවසන්නේ තමන් තම 5G cellular පහසුව North Carolina සහ Oklahoma City වෙතටද ව්‍යාප්ත කරන්නට සූදානම් බවයි. එලබෙන යුගයේදී පුද්ගල මෙන්ම ආයතනික අර්ථයන්ගෙන් සැලකීමේදී නව උදාවක් ගෙනෙන්නට බලාපොරොත්තු උදා කර ඇති 5G යුගය පිලිබඳව ප්‍රධාන පෙලේ ආයතනයන් කිහිපයක්ම කටයුතු කරමින් සිටියද මෙම ආයතනය දැනටමත් ඇමරිකානු Dallas, Atlanta, හා Waco නගර වල තම සේවා කටයුතු ක්‍රියාත්මක කරමින් සිටී. මොබයිල් සබඳතා අවකාශයේදී දැනට භාවිතාකරන්නන් විදිමින් සිටින බොහෝ ගැටලු සදහා සාර්ථක විසඳුම් ගෙනෙන්නට සූදානම් 5G යුගය වඩාත් කාර්යක්ෂම තොරතුරු භාවිතාවක් සදහා සූදානම් වෙමින් සිටී.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි.

දේශපාලනය මාධ්‍යමය විහිළුවක වීම මේ යුගයේ අපූරුමය අත්දැකීමකි. එක් අතකින් සියල්ලන්ම මාධ්‍යවේදීන්ද වන තරම, තවත් දෙසකින් සියල්ලෝම පාහේ මධ්‍ය රූකඩ බවට පත්වීමද මේ යුගයේ ස්වභාවය වී ඇත. මාධ්‍ය අවකාශයන් ඔබගේ හඳවත මෙන්ම මනසද ඔබගෙන් ගලවාගෙන ගොස් අති අතර ඔබගේ සිතුවිලි රටා මෙන්ම හැඟීම් රටා ඔවුන් විසින් යෝජනා කරමින් සිටී. ඒ අකාරයෙන් සැලකීමේදී තත්වය වඩාත් සරලව ඇත. විවිධ රූපවාහිනී චැනල මෙන්ම වෙබ් අවකාශ ඔස්සේ ඔබට වඩාත් සුව ගෙන දෙන අවකාශයකට ඇතුලු වන්නට අවස්ථාව දී ඇති අතර එලබෙන යුගයේදී ඔබගේ ප්‍රියතම වීරයා තව දුරටත් වීරයෙකු සේම පවත්වාගෙන යනවාද, නැතිනම් නව වීරයෙකු අතින් “රීප්ලේස්” වනවාද යන්නද තොරා ගැනීමේ අවස්ථාව ද සූදානම් බවටයි විවරනය කරමින් සිටින්නේ. ඔබගේ ගම්මානය හා ලෝකය අතර පරතරය ශ්‍රව්‍ය දෘශ්‍ය දෙයාකාරයට පනක් නොව එලබෙන දශක දෙක තුන අවසන් වන විට වර්චුවල් ස්පර්ශීය ආකාරයටද ඔබේ ආලින්ඳයට ගෙනැවිත් දෙන බව පොරොන්දු වෙමින් තිබේ.
යෝජනා වන්නේ ඔබ සැබෑවටම විවරව ඇත්තේ පෘතුවි වැසියෙකුගේ භෞතිකයට මුත් අවශ්‍ය නම් වර්චුවල් ආකාරයේ ප්‍රදේශීය සංස්කෘතික දේශපාලනික ආර්ථික අර්ථවල ජීවත්වන්නට කිසිදු බාදාවක් නැති බවය. ඔවුන් පැහැදිලි කරන්නේ සමකාලීන බොහෝ නායකයින් මේ බව දන්නා මුත් පහසු පාලනයක් සදහා පාලිතයන්ව මේ වර්චුවල් අවකාශයේ රඳවා තබන්නට කටයුතු කරන්නට කැමති වන බවකි. සායනික අර්ථවලින් සැලකීමේදී මේ දෙබිඩි බව නඩත්තුව වඩ වඩාත් මනස විසුරුවන ගැටලුවක් ලෙසට පැමිනීම නොවැලැක්විය හැකි අතර යෝජනාවන වඩාත් අතාර්කික විසදුම වන්නේ තව තවත් වර්චුවල් වන ලෙසය. නිර්මාණය වන මේ “කැමැත්තෙන් මිය යෑමේ” ගැටළුව ඉදිරි කාලයේ හමුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත.
– Pubudu Siriwansa

කෙමෙන් 5G යුගය වෙත පිවිසෙමින් සිටින බව.

මොබයිල් සබතාවල මීලග යුගය ලෙසට සැලකෙන 5G වල Wi-Fi සබඳතාවයන් අත්හදා බැලෙන අවස්ථාවලක් Queensland වලදී සාමාන්‍ය භාවිතාවට අත්හදා බැලෙන මට්ටමින් විවෘතව තිබෙනවා. 5G සබඳතාවය සහිත phone හෝ tablet වෙලඳපොලේ නැති මුත් භාවිතා කරන්නන්ගේ 4G WiFi zone හැකියාවක් ලෙසට පැමිනෙන මෙම අත්හදා බැලීම 5G-enabled modems ඔස්සේ cellular network වලට සම්බන්ද වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම 5G network තුලදී 3 Gbps වේගයක් සාමාන්‍ය ලෙසට සැලකෙන අතර, මෙම අත්හදා බැලීමේදී එය 100 Mbps ලෙසට සීමා වන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මෙම Telstra ආයත්නය සමග කටයුතු කරන Ericsson හා Intel ආයතනයන්ද එකව 5G Automotive Trial Platform එකක් අත්හදා බැලීමට පිවිසෙමින් ඇති අතර එහිදී ඩවුන්ලෝඩ් වේගය 1 Gbps මට්ටමින් WiFi access point එකක් ද සමගින් සිදුවන බවටයි ප්‍රකාශ කර සිටින්නේ. Nokia හා Qualcomm යන ආයතනයන් මේ වන විට තම 5G වෙත වන අත්හදා බැලීම් වල මුල් අවස්ථා දියත්කර ඇති අතර Verizon , AT&T වැනි ආයතන ඒ සදහා සූදානම් වෙමින් සිටින බවටත් ප්‍රකශ කර තිබෙනවා.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

windows10 මීලග හැරවුම …

ඔබේ පරිගණකයේ භෞතික හැකියාව තව දුරටත් එහි භාවිතා කරන්න ලෙසට ඔබව සීමා නොකරන්නට windows 10 සමග මේ වන විටත් අවස්ථාව සලසා ඇත. අනෙක් දෙසින් විමසීමේදී ඔබගේ තොරතුරු තව දුරටත් ඔබේ මේසය මත හෝ අත්ල මත වන windows 10 උපකරනයේ භෞතික සීමාව ඉක්මවන බව අනතුරු අඟවන බවද පිලිගැනීමකි. එනම් ක්ලවුඩ් මූලිකව ලැබෙන මෙම පහසුකම් සමග එම සර්වරයන් මත වන තොරතුරු භාහිරට නිරාවරනය වීම පිලිබඳව කනස්සල්ල පලවෙමින් ඇත. කෙසේ වෙතත් windows 10 සමග පැමිනෙන ආරක්ශාව මෙන්ම සුනම්‍ය ක්‍රියාකාරීත්වයනම් ඉහලින්ම තහවුරුව ඇත්තකි. සමස්තය සරලව පවසන්නේ නම් xp වලට පසුව වඩාත් ස්ථාවර භාවිතාවක් windows 10 ලබා දෙමින් සිටී.
windows 10 සමග Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති දෙසට වන ප්‍රායෝගික ක්‍රමවේදය තීරනාත්මකව වෙනස් කර ඇත. නිරන්තරයෙන් දියුනු කිරීම් මෙන්ම වැඩි වැඩියෙන් වන අත්හදා බැලීම් වලින් එය නිරන්තරයෙන් පෝෂණය කරමින් සිටී. ඉදිරියට නියමිත windows 10 යාවත්කාලීනය තවමත් නොනිල ලෙසට ‘Spring Creators Update’ නම් දරමින් එලබෙන මසයට නියමිතව ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන අංගයන් ලෙසට Edge නව බ්‍රවුසරය සමග මෙන්ම Timeline නව අංගය සමග windows 10 භාවිතාවන උපකරන අතර පහසුවෙන් එහි භාවිත අතීතය වෙතට පිවිසීමේ හැකියාව සැලකේ. එනම් Edge බ්‍රවුසරය සමග Windows 10, iOS හා Android වැනි ඔනෑම වාතාවරනයකදී කරන කියන දෑ ටයිම් ලයිනය තුලදී නැවත පිවිසෙන්නට හැකියාත් මෙන්ම windows 10 පරිසරයකදී භාවිතාකල app සමග නැවත පිවිසීමටද හැකිවනු ඇත.
Fluent Design හැකියාව වඩාත් භාවිතා වෙමින් සුමට හා විනිවිද පෙනුමකට නව ප්‍රධාන යාවත්කාලීනය කටයුතු කරමින් සිටින අතර පැමිනෙන්නට නියමිත e-SIMs සහ Always Connected PCs සංකල්ප සමග Messaging app – Acrylic- වල දියුනු කිරීම් පැමිනෙනු ඇත. එසේම Action Center වලට නව නිවහන ලෙසට සම්බන්ද වන Cortana සමග වඩ වඩාත් භාවිතාකරන්නාට සමීප තොරතුරු එනම් ඉදිරියට නියමිත සැලසුම් ආදිය සමග කටයුතු කරන්නට සහය වන්නට සහය වනු ඇත.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

සමජජාලා පහසුව අර්බුධයක් කරගැනීම….

සිංහල බෞද්ධ ආකෘතිය තුලදී සමාජීය මාධ්‍ය භාවිතාව විදිමත්ව හමුවීම ගමේ පංසලේ බණ මඩුවේදී යැයි හඳුනා ගන්නේ නම්, අද වන විට පැමින ඇති දුර බොහෝය. එය මුද්‍රන හැකියාවෙන් ඉලෙක්ට්‍රොනිකව ශ්‍රව්‍ය ඉම පසුකරමින් ශ්‍රව්‍ය-දෘශ්‍ය බව අධිත්වරනය කර ඇත්තේ වර්චුවල් ඉමක්ද නිර්මාණය කරමිනි. අන්තර්ජාලය මේ ගලායාමට මැදිහත් වන්නේ වඩාත් සංකීර්න ආකාරයකටය. එය රූපවාහිනිය ප්‍රමුක යුගයේ දක්වා වූ සමහර සාම්ප්‍රධායන්ද අභියෝගයට ලක්කර ඇත්තේ සියල්ල කනපිට වනද අයුරිනි. මාධ්‍ය කරුවා හා මාධ්‍ය පරිශීලනය කරන්නාගේ භූමිකාවද මේ නව යුගයේදී උඩු යටිකුරු වෙයි. “සියල්ලෝටම අවශ්‍ය විටකදී මාධ්‍ය කරුවන්ද වීමට හැකි අතර සියල්ලන්ටම පරිශීලකයින් වීමටද අවකශ ගෙනෙයි”.
සමාජජාලා යුගය අර්බුධ රාශියක් නිර්මාණය කර ඇත. මාධ්‍යකරනයට ලයිසනයක් අනවශ්‍ය වීම පමනකින් එය අවසන් වන්නේ නැත.විධිමත් බවේ සිට තමන්ට හුරු අවිධිමත් බව දක්වා වන ඔනෑම වටපිටාවක් නියෝජනය කරමින් හිතුමතේ භාවිතාකරන්නන් හැසිරෙන්නට පටන් ගැනීම සිදුවේ. අවිධිමත් භාෂාවේ සිට චලන සටහන් දක්වා ඔහුට දිගුවන්නට හැක. සාම්ප්‍රධායික සමජ මනස නව තත්වය තුලදී අර්බුධකාරී වන්නේ අසීමිතව විය හැක. විශාල ගැ‍ටුම් , සමාජ පිපිරීම් එය නිර්මාණය කිරීම සුලබ අත්දැකීමක් වෙමින් ඇත.
මේ නව මාධ්‍ය යුගය භාවිතාව තෙයාකාරයකට කොටස් කරගත හැක. විධිමත්ව හෝ අවිධිමත් ආකාරයට තම සැබෑ මතය ඉදිරිපත්කරන්නන් බොහෝය. ඔවුන්ගේ පෞද්ගලික හෝ සමාජීය මට්ටමේ අදහස් උදහස් නිදහසේ මේ අවකාශය වෙත මුදාහරී. මෙය ධනාත්මක කාරනවක් ලෙසට දියුනු සමාජයකදී භාවිතා කරගන්නටද අවස්ථාවක් ලැබෙයි. තවත් කොටසක් පුද්ගල මට්ටමේ සිට කන්ඩායම් මට්ටමින් ව්‍යාධීතත්වයන්ද සමාජ ගත කරන්නට පෙලබේ. සාමන්‍ය සමාජය මත වන සායනික අර්ථ ඉතා පහල වන වන විට පෙරීමකින් තොරව මේවා විටක අකර්ෂනීය බවකින් ගලායන්නට පටන් ගනී. අවසානයේ කොතැනින් හෝ නැංවෙන ගිනි පුළිගුව සමාජ ව්‍යසනයක් නිර්මානය වීම දක්වාම දිගුවෙයි. අවසාන කොටස හුදු අනුකරනයට නැතිනම් මෝස්තරයට පහසුවෙන් පැමිනෙන්නන්ය. ඔවුනට අර්ථ පිලිබඳව එතරම් වැදගත් කමක් නොවන අතර හුදු අනුකරනය ඔස්සේ විටක මහා ව්‍යාධියේ කොටස් කරුවන් වේ.
දියුනු සමාජයකදී නම් සංවේධීව සිටිමින් සමාජය මත අවධිවන නව භාවිතාවන් සමගම හැදෑරීම් කරමින් හානිකර ප්‍රවනතා පාලනයට කටයුතු කරයි.
– Pubudu Siriwansa

දියුනු බව මත දිදුලන නොදියුනු භාවිතාව…

      එය හුඳු තවත් එක් තාක්ෂනික උපකරනයක් නොවීම ප්‍රායෝගිකව ඔප්පු කර තිබීම බොහෝ දෙනාගේ අවධානය ලබා ගෙන ඇති කරනවකි. ඔනෑම සංස්කෘතියකදී එයට ඇති ශක්‍යතාවය හොඳින් පැහැදිලිව ඇත්තේ වඩාත් ප්‍රායෝගිකව බව විටක අර්බුදකාරීව ඇත්තේ සමජයතුල එය අත්පත්කරගෙන තිබූ භාවිත වපසරිය සදහා පහසු කාර්යක්ෂම විකල්පයක් ලගපාතකද නොමැති බැවිනි. ගෙවීයන මේ මොහොත වන විට එය සාර්ථකම සංනිවේදන උපකරනයව තිබේ. එය භාවිතාකරන සියළු දෙනාම මාධ්‍යවේදීන් කිරීමටද දායකව ඇත්තේ සාම්ප්‍රධායික ආකරවලට නොව හදිස්සියේම වීම ගැටලුකාරීව ඇත්තේ තාක්ෂනිකව නොව දේශපලනිකව, සංස්කෘතික අවකාශ කලබමින් වීමේ ප්‍රථිපල අප අත්විඳිමින් තිබේ. දියුනු භාවිතාවන් ඉල්ලා සිටින දියුනු භාවිතාකරන්නන් නොපැමිනීම ප්‍රධාන ගැටලුව් ලෙසට හඳුනා ගත හැක. මේ දියුනු භාවිතාවන් සාර්ථක කාර්යක්ෂමතාවයකින් සමාජය මත ස්ථාපනයට අවශ්‍ය අර්ථනැංවීමේ වගකීම සියල්ලන්ගෙන ගිලිහිව ගොස් ඇති බවද වටහාගත යුතු වැදගත්ම සාධකයකි.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

පිටසක්වලින් එන හානිකරයන්!!

පිටසක්වල ජීවීන් අපගේ පරිගණක පද්ධතිවලට එබී බැලීම පිලිබඳවද අවධානය ලක්වෙමින් තිබෙනවා. විටක චේතනාන්විතව හෝ නැතිව ඔවුන්ගේ යම් ක්‍රියාකාරිත්වයන් අප මිහිමත වන පරිගණක පද්ධතීන් මතට බලපාමින් තොරතුරු ලබා ගැනීම මෙන්ම හානිකරයන් එනම් මැල්වෙයා ආකාරයේ ක්‍රියාකාරීතවයන් මුදා හැරීම සිදුවෙමින් ඇති බවට යෝජනා වෙමින් තිබෙනවා. TeX නැතිනම් LaTeX වැනි සරල markup languages වලින් නිමැවෙන මෙම හානිකර මෙන්ම social engineering an attack වලින්ද සමන් විතව alien AI විසින් අපගේ පරිගනක පද්ධති හරහා මිනිස් වර්ගයා වෙතට පැමිනෙමින් ඇති බවට පෙන්වා දෙනවා. මේ සදහා විසඳුම් ලෙසට සඳ මත ස්ථාපනය වන පරිගණක හරහා මෙම alien messages විශ්ලේෂනය කිරීමට යෝජනා වන අතර පෘතුවිය මත වන පරිගණක පද්ධතිවලට අසම්බන්ධිතව ඒවා පවත්වාගෙන යමින් අවශ්‍ය විටකදි විනාශකර දමන්නට වුවත් හැකිවිය යුතු බවට යෝජනා වනවා.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply

ජීවිත ඩිජිටල් කරනය………

පුරුදු අත්හැරීම යනු සරල කාරනාවක් නොවන බව පැහැදිලිය. එනමුත් බොහෝ පිරිස් අදවන විට සරල හා පහසුවෙන් කරගත හැකි බොහෝ කාරනා සදහා සුපුරුදු අපහසු පරන මවත ඔස්සේම යමින් තම කාලයත් ශක්තියත් වැයකරගන්නා ආකාරය දකින විට සමහර තවකෙකුට අපහසුතාවයක් ඇතිනොවන්නේම නොවේ.ඔබ සතුව පරිගණකයක් ඇත්නම් එය භාවිතයෙන් ජීවිතයට ලංකරගත හැකි පහසුකම් කිහිපයක් ගැන සලකා බලන්නට අප උත්සාහකරමු යැයි මම ඔබට ආරාධනා කරනු කැමැත්තෙමි.
ඩිජිටල්කරනය ඔබේ ජීවිතයට බොහෝ පහසුකම් ‍රැගෙන එන්නට සූදානම්ව සිටී. සරල උදාහරනයකින් මෙසේ අරබමු. ඡායාරූප ගත කරන ලද අතීත මතක සටහන් සමග නැවත අතීතය වෙත පියනැගීම කාලයකට වතාවක් හෝ බොහෝ දෙනෙකුගේ පුරුද්දකි. වඩාත් රසවත්ව හා පහසුවෙන් එවැනි අතීත මතකයක කිමිදෙන්නට ඔබේ පරිගනකය සුදානමින් සිටී. ස්කෑනරයක් සමගින් ඔබේ ඡායාරූපවල මෘදු පිටපත් පරිගනකයට ගත හැක. මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් නොමිලේම බාගතකල හැකි කුඩා මෘදුකාංගයක් වන “මූවි මේකර්” මගින් ඔබකැමති පිලිවලකට මෙම ඡායාරූප පෙල ගස්වාගැනීම සදහා සරල පරිගණක භාවිත දැනුම සෑහෙන බව ඔබටම මද උත්සාහයක් තුලින් වැටහෙනු ඇත. එම අතීත සිදුවීමට ගැලපෙන නාද රටාවක්ද එක්කිරීමෙන් අපූරු චලන රූ පටයක් නිර්මානය කරගැනීමෙන් වැඩි වින්දනයක් ඔබවෙත ලගා කර ගන්නට හැකිවනු ඇත.එසේම “ලයිව් පොටෝ ගැලරි” තුලින්ද ඔබට කැමති අයුරකින් මෙවා පෙලගස්වා ගත හැක.සීඩී හෝ ඩීවීඩී තැටියකට මෙම සැමරුම් පිටපත් කර ගැනීමෙන් රූපවාහිනී යන්ත්‍රයෙන් පසසුවෙන් පවුලේ සියල්ලන්ටම එකවර රසවිදින්නට අවස්තාව උදා වෙනු ඇත.
සමහරුන් සති අන්ත පුවත් මිලදී ගන්නේම එලබෙන සතියේ රූපවාහිනි වැඩසටහන් පෙල ලබා ගැනීම සදහාය. එනමුත් සැම රූපවාහිනී නාලිකාවකම වෙබ් අඩවි වලට පිවිසීමෙන් පහසුවෙන් වැඩසටහන් පෙල ගැස්ම ලබා ගත හැකිවා මෙන්ම හදිස්සියේ සිදුවන සංශෝදනයන්ද සහිතව ඒවා ලබා ගත හැකිවනු ඇත. කලකට වතාවක් නිවසේ භාවිතාකරන උපකරන වෙනස් කරන්නෙක් නම් ඒවායි අමතර ලාභයක් ලබා ගන්නට පුවත්පත් වලට දැන්වීම් සකසමින් හා භාරදෙමින් වෙහෙසනවා වෙනුවට අන්තර්ජාලයට පිවිස ලුහුඬු දැන්වීම් නොමිලේ පලකරන වෙබ් අඩවියක පහසුවෙන් ඇතුලත් කල හැකිය.සමහර විටක ඔබ වැරදි තීරනයක ඉන්නවා විය හැක. එනම් ඔබ සිතනවාට වඩා පිරිසක් මේ වනවිටත් අන්තර්ජාලය භාවිතා කරනවා සේම දෛනිකව විශාල පිරිසක් අන්තර්ජාල භාවිතයට පිවිසෙමින් සිටින සිටින බවයි ඒ. දුර බැහැර සිටින හිතවතෙකුට දුරකතන ඇමතුමක් ඔස්සේ ලගාවෙන්නට ඔබ වැයකරන ඉතිරිකර දෙන්නට “ස්කයිප්” හෝ “වින්ඩෝස් ලයිව්” ඔබට උපකාරී වනු ඇත.
– Pubudu Siriwansa

Posted in Tech | Leave a reply