Back to Top

Category: Windows

Microsoft වෙතින් වන අද පැමිනීම ???

අද ශ්‍රීලංකා වෙලාවෙන් රාත්‍රී 8.30 වන විට Microsoft ආයතනයෙන් නිවේදනය වී ඇති හමුව පිලිබද වඩාත් අවධානය යොමුව ඇත්තේ Windows 11 නැතිනම් මීලග Microsoft ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය ලෙසට නම් වීමේ ඉඩක් ඇති නිසාය. හදාරන්නන් පවසන්නේ වින්ඩෝස් වල මීලග සංධිස්ථානය වඩාත් ආකර්ෂනීය පෙනුමක්, ගලායාමක් සහිත ක්ලෞඩ් කරනය මෙන්ම AI කරනයෙන් ඔපවත්වූ එකක් වනු ඇතැයි යන්නය. ඔවුන් පෙනවා දෙන්නේ තව දුරටත් දෘඩාංග මට්ටමින් මෙන්ම මෘදුකාංග මට්ටමින් අත්පත් කරගත හැකි ආකර්ෂනීය හැරවුම් ලක්ෂ සදහා වන ඉඩ කඩ අවම බවයි. නව මෙහෙයුම් පද්ධතිය “පරිගනකය” ලෙසට වඩා පරිගණක බවක් දෙසට වනු ඇති බවට බලාපොරොත්තුවිය හැක්කේ එබැවිනි.
Pubudu Siriwansa

Posted in Microsoft, Windows, windows 11 |

windows 11 නොමිළේ …

නව මෙහෙයුම් පද්ධතියක් සමග එහි හිමිකරුවන් බොහෝ විට මුහුන දෙන ගැටළුව වන්නේ ඒ වෙතට භාවිතාකරන්නන් කැඳවා ගැනීමය. windows 11 සදහාද මේ ගටළුව පැමිනෙනු ඇත. විශේෂයෙන් windows 10 වල වන සාර්ථක පහසු හා සුමට බවත් සමග තත්වය වඩාත් අභියෝගාත්මක වනු ඇත. දැනට ඇති සාධක මත විචාරනය වන්නේ windows 11 නව මෙහෙයුම් පද්ධතිය Windows 7 හා Windows 8.1 සමගම windows 10 සදහා නොමිලේ අප්ග්‍රේඩයක් ලෙසට ලැබෙන්නට ඉඩ ඇති බවයි.
pubudu siriwansa

Windows 11 පෙර සංස්කරණයක්…

මේ වන විට windows 11 වල බීටා සංස්කරනයක් අන්තර්ජාලය මතට පැමින තිබෙනවා. නිළ හමුවට දින කිහිපයක් තිබියදී පැමින ඇති මෙම සංස්කරනයට අනූව මයික්‍රසොෆ්ට් වල මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනය windows 11 වීම වඩාත් විස්වාසනීය වෙමින් තිබෙනවා. එම අංස්කරනයට අනූව පෙනීයමින් ඇත්තේ නව මෙහෙයුම් පද්ධතියේ ස්ථාපන ක්‍රියාවලිය වඩාත් MacOS වලට සමාන ලක්ෂණ ඇති මුත් වින්ඩෝස් 7 වලට සමාන වම තිබෙන බවයි. Windows 10X වල වූ දියුනු කිරීම රාශියක් ද නව මෙහෙයුම් පද්ධතිය සමග වන බවට පෙනෙන අතර ස්ටාර්ට් මෙනුව මෙන්ම සර්ච්බාර් වැනි අංග පෙර මෙන් තිරයේ වම් පසට බරව නොව තිරය මැදට වන්නට පිහිටවා තිබෙනවා. කෙසේ වෙතත් ආයතනයේ නිල හමුවක් June 24 ට නියමිත අතර එදිනට බොහෝ තොරතුරු මුදා හරිනි ඇති බවට බලා පොරොත්තු වෙනවා.
pubudu siriwansa

Posted in Microsoft, Windows, Windows 10 |

2025 Oct. 14 windows 10 සමුගනු ඇත.

දැනටමත් Microsoft ආයතනය එලබෙන 24 දාට හමුවක් කැදවා ඇති අතර එහිදී windows වල නව සංස්කරනය පිලිබඳ තොරතුරු මුදා හරිනු ඇති බවට බලා පොරොත්තු වෙනවා. මේ වන විට Microsoft ආයතනය තම windows 10 සදහා සහය කාලය 2025 ඔක්තෝබර 14 දායින් අවසන් වන්නට නියමිත බවට පවසා සිටිනවා. ඒ අනූව windows 10 වල HOME, PRO, ENTERPRISE හා EDUCATION සංස්කරන සදහා එම ආයතනය විසින් නිකුත් කරන ආරක්ශක හා වැඩි දියුනු කිරීම් සහිත යාවත්කාලීන නවතිනු ඇත. 2015 දී Microsoft ආයතනය තම windows 10 හඳුන්වා දෙමින් පවසා සිටියේ windows සදහා වන අවසන් නිකුතුව windows 10 වනු ඇති බවටයි. විචාරනය වන්නේ බොහෝ විට Microsoft ආයතනය වඩාත් නවතම හා නවීන භාවිතාවක් ‍රැගත් නව මෙහෙයුම් පද්ධතියක් සදහා සූදානම් වෙමින් සිටින මුත් windows 10 භාවිතාකරන්නන් සදහා මිත්‍ර ක්‍රම වේදයක් සමග නම්‍ය පිලිවෙලක් අනු ගමනය කරනු ඇති බවයි.
Pubudu Siriwansa

Posted in Microsoft, OS, Windows, Windows 10 |

Microsoft වෙතින් සමස්ථ Flash භාවිතාව ඉවත්කීරීම ඇරබේ.

කලකට ඉහතදී පැලෑෂ් ප්ලේයරය යනු අන්තර්ජාල භාවිතාවේ වර්ණවත්ම අත්දැකීමක්ව පැවතුනි. ක්‍රමයෙන් වැඩි අවධානයට වෙතට වන ඉරණම මේ භාවිතාව වෙතටද පැමිනුනි. එනම් අනවසර පිවිසෙන්නන්ගේ අවධානය වැඩිපුර ලබා ගන්නට මෙම භවිතාවට සිදුවිනි. ක්‍රමයෙන් අන්තර්ජාල තුල බහුල හානිකර අත්දැකීම් කැඳවනක් බවට පැලෑෂ් පත්වුනු අතර ක්‍රමයෙන් මෙහි භාවිතාව අවමවන්නට පටන් ගති. බ්‍රවුසරවල සිට මෙහෙයුම් පද්ධති දක්වාම මෙම අහිතකර බව පි‍ටුදකින්නට විටින් විට තාවකාලික පියවර ගත් අතර මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතන නිවේදනය කරන්නේ තම සමස්ථ මෙහෙයුම් පද්ධති වපසරියෙන්ම Adobe Flash Playerය ඉවත් කිරීම සදහා මේ වන විට තොරාගත හැකි යවත්කාලීනයක් (optional update) නිකුත් කර ඇති බවකි.

  • Pubudu Siriwansa
#siriwansa
Posted in Microsoft, Windows, Windows 10 |

October 2018 Update ගැටළු සහිතයි.

මේ වන විට හෙලි වෙමින් ඇත්තේ October 2018 Update යනු Windows 10 සදහා නිකුත් වූ වඩාත් ගැටලු සහිත යාවත්කාලීනය ලෙසට සලකන්නට වන බවය. මේ වන විට Microsoft ආයතනය මෙම යාවත්කාලීනය නිකුත් කිරීම තාවකාලීනව අත්හිටවා ඇති අතර එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ දත්ත මැකීයාම පිලිබඳවයි. ඔවුන් පැහැදිලි කරන්නේ Documents folder වල වන ගොනු මැකීයාමක් වාර්ථාවෙමින් ඇති අතර ලැබැන උපදෙස වන්නේ වහාම එම ෆෝල්ඩරයේ වූ ගොනු පිලිබඳව විමසා බලන ලෙසත් යම් හෙයකින් ගොනු මැකීමක් සිදුව නැත්නම් වාසනාවත්න තත්වයක් වන බවත් යම් හෙයකින් ගොනු මැකීයාකමක් සිදුව ඇත්නම් කිසිදු වෙනසකට පෙර Microsoft සහය සේවා වල සහය පතන ලෙසත්ය. ඔවුන් තවදුරටත් පැහැදිලි කරන්නේ එසේ මැකීයමක් සිදුව ඇත්නම් තව දුරටත් ගොනු move හෝ overwrite කිරීමකට උත්සාහ නොකර Recuva වැනි recover මෘදුකාංගයක සහය පතන ලෙසත්ය. ගැටලුව සදහා ස්තීර විසඳුමක් එල බෙන සතියට නියමිත Patch Tuesday සමග බලා පොරොත්තු විය හැකි බවටත් පැහැදිලි කරනවා. – Pubudu Siriwansa

Posted in Windows, Windows 10 |

Windows 10 Technical Preview ( phones) ලගදීම!!

   Windows 10 වල phones සදහා වන Technical Preview build 8.15.12492.41 නිකුතුව මේ වන විට ආයතනය අභ්‍යන්තරිකව අවසන් වටයේ අත්හදා බැලීමේ මට්ටමින් තොරාගත් දහසක් දෙනා අතරට නිකුත්ව ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. මීලග පියවර වනු ඇත්තේ සාමාන්‍ය භාවිතාකරන්නන් අතරට එහි අත්හදාබැලීමේ පෙර සංස්කරනයක් පැමිනීම වනු ඇති බවට බලාපොරොත්තු වනවා. සියලුම උපාංග අතරට පැමිනෙන Windows 10 මෙහෙයුම් පද්ධතියක් පිලිබදව Microsoft සමාගම බලාපොරොත්තු පලකර තිබූ අතර භාවිතාකරන්නන් අතරද මෙම නව නිකුතුවේ පැමිනීම පිලිබදව දැඩි උනන්දුවක් වන බවටයි පැහැදිලි වන්නේ. Microsoft සමාගම smartphone market වල බෙහෙවින් පසුගාමී ස්ථානයක තවමත් සිටින අතර සංක්‍යාත්මකව එය 3%ක තරම් අඩු අගයක වීම ආයතනය වෙතට අභියෝගයක්ව තිබෙනවා. ආයතනය Windows 10 සමග මෙම අභියෝගය සදහා සාර්ථකව මුහුන දෙන්නට උත්සාහ කරනු ඇති බවටයි බලා පොරොත්තුව වන්නේ.

Windows 10 build 14393.321 නව යාවත්කාලීනයක් ….

        Microsoft සමාගම තම ප්‍රධාන මෙහෙයුම් පද්ධති දෙක සදහාම වන මෙම යාවත්කාලීන ගොනුව Windows 10 build 14393.321 ලෙසට නම්ව තිබෙනවා. වඩාත් ආරක්ශිත මෙන්ම පහසු ගලායාමක් නිරන්තරයෙන් තම මෙහෙයුම් පද්ධති වෙතට සහතික කරනු වස් Microsoft ආයතනය වේගවත් මෙහෙයුම් පද්ධති යාවත්කාලීන ක්‍රියාවලියක් Windows 8, 10 සමග ක්‍රියාත්මක කල අතර ලොවපුරා විසිරුනු වැඩි අවධානයක් ඇති දස දහස් ගනනකගේ භාවිතයට ලබා දීම ඔස්සේ වඩාත් හොඳින් අත්හදා බැලීමකට ලක් කරවිමෙන් අනතුරුව තම මහැයුම් පද්ධතිය ඉදිරියට ගෙන යන්නට මේ වන විට සමත්ව තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ නව යවත්කාලීනය සමග හඳුනා ගෙන තිබූ ෆ්හුර්වලතා කිහිපයක් පිලිසකර කරන්නට කටයුතු කර ඇති බව මෙන්ම දියුනු කිරීම් කිහිපයක්ද සමන්විතව නව නිකුතුව පැමින ඇති බවයි. පසුගියදා නිකුතුකරනු ලැබූ ප්‍රධාන යාවත්කාලීනයක් වූ Anniversary Update වලින් පසුව පැමිනෙන දෙවන යවත්කාලීනයක් ලෙසට මෙම නිකුතුව ගනන් ගැනෙනවා. නව යවත්කාලීනයද සුපුරුදු පරිදි ස්වංක්‍රීයව ස්ථාපනය වන්නට නියමිත ආකාරයට පැමින තිබෙනවා.
හදාරන්නන් පෙන්වා දෙන්නේ Windows 10 සාර්ථකව භාවිතාකරන්නන් සදහා පිවිසෙමින් ඇති බව වන අතර වඩාත් ආරක්ශිත මෙන්ම සාර්ථක හා පහසු භාවිතාවන් ගෙනෙන්නට නව මෙහෙයුම් පද්ධතිය සමත්ව ඇති බවට පිලි ගැනෙනවා.  – Pubudu Siriwansa

Posted in Microsoft, Windows, Windows 10 |

Windows RT සදහා Update 3 පැමිනීමක්!!

      Microsoft සමාගම තම windows 8.1 හඳුන්වාදිමත් සමග Windows RT මෙහෙයුම් පද්ධතියක්ද නිකුත් කරන්නට තීර්නය කරන ලද්දේ  Windows tablets නැතිනම් ARM hardware උපාංග සදහාද? එම කාලයේ ආයතනය වෙත තිබූ සැලසුම් අතර මෙම උපාංගය වේගයෙන් ප්‍රචලිත වෙමින් ඒ වන විට ඇරබි තිබූ ජංගම මට්ටමේ උපාංග භාවිතය ඉහලයාම තුල තම අනන්‍යතාවයක් ස්ථාවර කර ගැනීමේ උත්සාහය පැහැදිලි විය. ජංගම මට්ටමේ උපාංග ප්‍රධාන භාවිතාව වනු ඇති බවට ඔවුන්ගේ බලාපොරොත්තුව විය. කෙසේ මුත් ආයතනට සැලසුම් කල ආකරයට ඔවුනගේ Surface devices ඉහල භාවිතාවක් දිබ්=නා ගන්නට නොහැකි වුවද සැලකිය යුතු ප්‍රමානයක භාවිතාවක් ලබන ලදී.
Microsoft ආයතනය තම windows 10 නිකුතුවත් සමග windows phone පිලිබදව කථාකල මුත් Surface devices පිලිබ්දව සටහනක් නොවිනි. මේ වන විට ප්‍රකාශ වෙමින් ඇත්තේ windows RT සදහා  Windows RT 8.1-Update 3 පැමිනීමක් සැලසුම්ව ඇති බවකි. එම නිකුතුව සමග Start menu හා lock screen වැඩි දියුනු කිරීම් පැමිනෙන බවටත් මේ වන විට පැහැදිලි වෙමින් තිබෙනවා. දැනට පැමිනෙන තොරතුරු වලට අනූව Cortana හෝ Universal Apps එම මෙහෙයුම් පද්ධති දියුනු කිරීම් වලට සංයුත්ත වීමක් පිලිබදව තොරතුරු පලවන්නේ නැති මුත් එලබෙන සැප්තැම්බරයේ මෙම යාවත්කාලීනය නිකුත්වනු ඇති බවට පැවසෙනවා.

Posted in Microsoft, Windows |

VISTA සම්පූර්නයෙන් සමුගනී…

Vista සදහා වන Microsoft සහය 2012 අප්‍රේල් 10 වන විට Mainstream ආකාරයෙන් අවසන් වුවද extended support f ආකරයෙන් second service pack සදහා සහය තවත් වසර 5ක් ඉදිරියට විනි. Microaoft පවසන්නේ මෙම අප්‍රේල් 11 සිට ඉදිරියට එම මෙහෙයුම් පද්ධතිය සදහා වන සම්පූර්න සහයද අවසන් වන බවය. ඒ අනූව මින් ඉදිරියට hotfixes, security patches ආකාරයේ කිසිදු සහයක් Microsoft වෙතින් Vista වෙතට නොලැබෙන බවටයි නිවේදනය වන්නේ. එසේ වීමේදී OS vulnerable වලට හා මැල්වෙයා වලට පහසු නිරාවරනය වීමක් සිදුවන අතර Internet Explorer 9 ද වඩාත් හානිකරයන්ට නිරාවර්නිත බ්‍රවුසරයක් වන්නු ඇත. හදාරන් නන් පවසන්නේ තවමත් windows XP සමස්ථ භාවිතාවෙන් 7.44% ආසන්නව ලබමින් ඇති මුත් අසාර්ථක මෙහෙයුම් පද්ධතියක් ලෙසට සටහන් වන Vista මේ වන විට ආසන්නව 0.72% තරම් සුලු භාවිතාවක් ලබමින් ඇති බවයි.
January 30, 2007 මුලින්ම භාවිතයට පැමිනි Vista වඩාත් ආකර්ශනීය දෘශ්‍ය (visual style – Aero – ) බවක් ගත් අතර XP සමග සැසදීමේදී හැම ආකාරයටම ආකර්ශනීය මෙහෙයුම් පද්ධතියක් විය. home users, business users, power users වැනි ආකාර ලෙසට සංස්කරන 6 කින් පැමිනි මෙහෙයුම් පද්ධතියක් ලෙසටද නම් කෙකෙරිනි -(Starter, Home Basic, Home Premium, Business, Enterprise, හා Ultimate සංස්කරන ). මෙම මෙහෙයුම් පද්ධතිය ඉල්ලා සිටි දෘඩාංග මට්ටම මෙන්ම සමහර ආරක්ශක සැකසුම්ද භාවිතාකරන්නන් අතර එතරම් ප්‍රසාධයක් දිනා නොගත් අතර අවසානයේ එය අසමත් මෙහෙයුම් පද්ධතියක් ලෙසට පිලිගැනීමක් ඇති විය. Windows Vista Service Pack 2 නිකුතුවක් 2009 දී සිදුවූ අතර මීලග සංස්කරනය වින්ඩොව්ස් 7 ලෙසට පැමින ප්‍රසාධයක් දිනා ගත් මෙහෙයුම් පද්ධතියක් ලෙසට නම් කෙරෙනි.
– siriwansa

Posted in Microsoft, Software, Windows |

Microsoft වල නව Edge බ්‍රවුසරය…

   Microsft වඩාත් තීර්නාත්මක පරිවර්ථන යුගයක් පසුකරමින් සිටී. මෘදුකාංග නිෂ්පාදනයක් ලෙසට කලින් කලට පැමිනි මෙහෙයුම් පද්ධති වෙනුවට සේවාවක් ලෙසට windows 10 පවත්වා ගෙන යන්නට තීර්නය කිරිම ඒ අතර කැපී පෙනෙන්නකි. මේ අතර කලක් තිස්සේ පැවති IE වෙනුවට වඩාත් නම්‍ය හා වේගවත් බ්‍රවුසර පැමිනීමක් සටහන් කරමින් නිවේදනය වූ Project Spartan වල අවසාන නිකුතුව Edge browser ලෙසට මේ වන විට නිවේදනය වී තිබෙනවා. ආයතනය පැහැදිලි කරන්නේ HTML5 වැනි නව තාක්ශනික පැමිනීම් සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට මෙම නව බ්‍රවුසරය වඩාත් සූදානමින් පැමින ඇති බවයි. ෆයර්ෆොක්ස් නැතිනම් ක්‍රෝම් ලෙසටම නව බ්‍රවුසරය Browser Extensions විශාල අවකාශයක් සමග කටයුතු කරන්නට සූදානම් බවට දැනටමත් පැහැදිලි කර තිබෙනවා. මයික්‍රසොෆ්ට් voice assistant ලෙසට නිකුත්වූ Cortana සමග බ්‍රවුසර භාවිතාව වඩාත් පහසුකරනු ඇති බවට සහතිකවන ඔවුන් New-Tab Page ඔස්සේ වඩාත් නම්‍යව හා පහසු වෙවීම් හැකියාවක් යෝජනා කර සිටිනවා. නව බ්‍රවුසරය සමග පැමිනෙන Reading Mode වලදී භාවිතාකරන්නෙකුට පහසුවෙන් වෙබ් පි‍ටුවක් කියවන්නට සහය වන්නේ තිරය මතට පැමින ඇති සියලුම අමතර අංගයන් ඉවත්වන නිසාය. Page Annotations සමග වෙබ් පි‍ටුව mark up කරන්නට අවශ්‍ය highlighter නැතිනම් drawing tool පැමින තිබීම වඩාත් පහසුවකි.එපමනක් නොව New Coding Support සමග වෙබ් ආශ්‍රිත බොහෝ සේවාවන් වඩාත් නම්‍යව නව බ්‍රවුසරය සමග වඩාත් නම්‍යව කටයුතු කරන්නට සහය වනු ඇති බවටයි නිවේදනය වන්නේ. අවසාන වශයෙන් Universal Windows app එකක් ලෙසට පැමිනෙන මෙම නිකුතුව PCs, phones, tablets ලෙසට වන වින්ඩෝස් උපාංග අවකාශය සමග කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු ලබා දී තිබෙනවා.

Posted in Browser, Windows |

Windows 10 Mobile නිකුතුව ජන. 12??

       භාවිතාකරන්නන් අතර Windows 10 Mobile නිකුතුව පිලිබදව ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි. දැනටමත් Phone 8.1 මොබයිල් මට්ටමේ උපාංග භාවිතාකරන්නන් අතරට නොමිලේ පැමිනෙන්නට නියමිත මෙම නව සංස්කරනය වැඩි නවාංග සමග දියුනු මට්ටමක මොබයිල් මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් මේ වන විට පොරොන්දුව තිබෙනවා. පසිගිය වසර අවසාන භාගයේ මෙහි නිකුතුවක් පිලිබදව බලාපොරොත්තුවක් පැවතියද මේ වන විට පැමිනෙන නවතම තොරතුරු පවසන්නේ මෙම මස 12 දා පමන වන විට එම නිකුතුව සිදුවීමට බොහෙවින් ඉඩ ඇති බවයි. උපාංග නිෂ්පාදකයා මත නො‍රැදී කෙලින්ම Microsoft වෙතින් පැනෙන new updates යක් ලෙසට මෙම නිකුතුව සිදුවන්නේ ද යන්න තවමත් පැහැදිලි නොමැති බවටයි හෙලි වන්නේ.

Posted in OS, Windows, Windows 10 |