Back to Top

Yearly Archives: 2014

මීලග iPhone නිකුතුව සමග sapphire display එනු ඇත…

   Apple දුරකථන ලෝලයින් අතර වූ බලපොරොත්තුවක් වූවේ iPhone 6 හා 6 Plus සමග sapphire crystal ආකාරයේ display එනු ඇති බවටය. එය එසේ සිදු නොවුනු මුත් පලවන නවතම නිල නොවන තොරතුරු බලාපොරොත්තු පල කරමින් සිටින්නේ Apple ආයතනය තම මිලග iPhone නිකුතුව සමග sapphire display සමන්විත කරවන්නේ සැලසුම් කරමින් සිටින බවක්ය. Foxconn ආයතනය 300 acre ඉඩ ප්‍රමානයක ඉදිකෙරෙමින් පවතින නව කර්මාන්තශාලාව මෙම sapphire crystal displays නිෂ්පාදනය ඉලක්ක කරගෙන වනු ඇති බවටයි එම තොරතුරු පැහැදිලි කරමින් සිටින්නේ. iPhone 6 හා 6 Plus සමග මෙම පැමිනීමට සැලසුම්ව තිබුනද මතුවූ ගැටලුකාරී බවක් එය පසු නිකුතුවක් වෙතට පසුබැස දමන්නට හේතුවූ බවටයි පසුව කියවුනේ. වඩාත් නව උපාංගයක භාවිතාව තම භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම Apple ආයතනය හැම විටකම උත්සාහ වීම ඔවුන්ගේ සම්ප්‍රධායක් වන අතර ඔවුනගේ ලොලයන් මීලග නිකුතුවක් වෙනු වෙන් ප්‍රදර්ශනාගාර ඉදිරියේ දින ගනන් බලාසිටින්නට පෙලබීමෙන් එම අනන්‍යතාවය කොතරම් සාර්ථකව ස්ථාවර කර ගෙන ඇද්දැයි යන බවට හොඳම සාධකයක්ව තිබේ.

Wise Disk Cleaner 8.3.5.590

     ඔබේ පරිගණකයේ දෘඩ තැටිය භාවිතාවත් සමග අනවශය ගොනු කොටස් වලින් නිතරම පිරීයන්නට ඉඩ ඇති ස්ථානයකි. ඒවා අතර නියමිත පරිදි අස්ථපනය නොවූ මෘදුකාංග කොටස්, තාවකාලිකව තැන්පත් වන Internet Files වැනි දෑ ප්‍රධාන තැනක් ගනී. කලකට වරක් මෙසේ ‍රැස් වන අනවශ්‍ය(junk files) ගොනු රටා ඉවත්කර දැමීම Hard Disk එක මත නිදහස් අවකාශය වැඩිකර ගන්නට මෙන්ම එහි වන අපිලිවල සමනය කර ගන්නට පමනක් නොව එවන් දෑ ඒකතුවීමත් සමග පැමිනිය හැකි පසුකාලීන බොහෝ ගැටලු සමනය කර ගන්නටද සහයක් දෙනු ඇත.system slimming tool ආකාරයට වර්ග වන මෙම මෘදුකාංගය ඒ ආකාරයේ භාවිතයට පැමිනි ප්‍රථම මෘදුකාංගය ලෙසටද පිලිගැනේ. නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගය spyware, adware ආදියෙන් තොරවන අතර විටින් විට පැමිනෙන යාවත්කාලීනයන්ගෙන්ද ශක්තිමත් වනු ඇත.

Wise Disk Cleaner 8.3.5.590

Portable Wise Disk Cleaner

Posted in Software | Leave a reply

Paint.NET

  පරිගණකයක් භාවිතාකරන කවර ආකාරයේ භාවිතාකරන්නෙකුට වුවද Image එකක් හෝ Photo එකක් මද සංස්කරනයකට ලක් කර ගන්නට අවශ්‍ය වීම දෛනික අවශ්‍යතාවයකි. සමහර භාවිතා කරන්නන් මේ සදහා මිල අධික මෘදුකාංගයක අයතා සංක්‍රිය කර ගැනීමක් සහිත සංස්කරනයක් තම පරිගණකයේ ස්ථාපනය කර ගනිමින් පරිගණකයට අනවශ්‍ය බරක් මෙන්ම හානිකර බවක් පිලිබදව අනවශ්‍ය අනතුරකටද විවර වේ. සාමානය භාවිතයේ අවශ්‍ය වන පෙර කී වෘතීය මට්ටමේ මෘදුකාංගවල වන බොහෝ හැකියාවන්ගෙන්ද සමන්විත මෙම මෘදුකාංගය(lurring, sharpening, red-eye removal, distortion, noise, embossing , 3D Rotate/Zoom effect) නොමිලේ භාවිතාකල හැකි අඩු බ‍රැති මෘදුකාංගයක් වීම වඩාත් පහසුවක් වනු ඇත.

http://www.getpaint.net/download.html

Posted in Software | Leave a reply

Skype 6.22.64.107

   Skype යනු VoIP (voice over Internet protocol) ආකාරයේ ක්‍රියාකාරීත්වයක් ගෙනෙන මෘදුකාංගයකි. ලොව පුරා අති මහත් භාවිතාවක් ඇති මෙම මෘදුකාංගයේ නවතම සංස්කරන නිතරම තම පරිගණකයේ වීම වැදගත් වන්නේ පහර දෙන්නන්ගේද වැඩි අවධානයක් නිතරම දිනා ගන්නා මෘදුකාංගයක් බවට එය පත්ව ඇති බැවිනි. ලොවපුරා සිටින අපමන භාවිතාකරන්නන් පිරිසක් පුද්ගලික මට්ටමින් මෙන්ම ආයතනික මට්ටමින්ද එකි නෙකා යාකරන්නට මැදිහත්වන මෙම මෘදුකාංගයේ නොමිළේ මෙන්ම වැඩි පහසුකම් සහිතව මිලදී ගත හැකි සේවාවක් ලෙසටද පවතී. භාවිතාකරන්නගේ mobile, computer හෝ TV වෙතට ස්ථාපිතව භාවිතා කල හැකි මෙම මෘදුකාංගය ඔස්සේ all phones, access WiFi, send SMS හා make group video calls ලෙසට වන පහසුකම් රාශියකින් සමන්විතය. මෑතකදී මිලදී ගතයුතු මට්ටමේ තිබූ හැකියාවන් කිහිපයක්ම නොමිලේ ලැබෙන සංස්කරනය සදහාද ලබා දෙන්නට කටයුතු කල මෙම සේවාව මේ වන විට පවත්වාගෙන යන්නේ Microsoft ආයතනය විසිනි. ලොවපුරා භාවිතාකරන්නන් මිලියන සිය ගනනක් වන මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ඔබටද ලබා ගත හැක.

Skype 6.22.64.107

Skype Offline Installer

Skype for Mac

Portable Skype

Posted in Software | Leave a reply

Google ගිනුම් භාවිතාව සුරක්ශිත කරන්නට dashboard එකක්….

   දෛනික ජීවිතය වටා භාවිතා වෙන්නේ එක් උපාංගයක් පමනක් වීම තව දුරටත් වලංගු නොවන කාරනයකි. උදෑසන තම නිවසේ Desktop පරිගණකය ඔස්සේ දවස අරබන්නෙකු තම smartphoneය, Tab පරිගණකය, කාර්යාලයේ පරිගණක වැනි බොහෝ උපාංග වලට මාරුවෙමින් ඒ ඒ අවස්ථාව අනූව කටයුතු කරන්නට සිදුවීම වීම සාමාන්‍ය වෙමින් ඇති පරිසරයක අප ජීවත්වෙමින් සිටින්නෙමු. බොහෝ විට මෙම උපාංග මාරුවෙමින් වුවද අප Online ලෙසට කටයුතු කරන්නේ එකම ගිනුමක වීමද මේ වන විට සාමාන්‍ය කටයුත්තකි. නමුත් ගැටලුවක් වන්නේ යම් අතපසු වීමක් ඔස්සේ තමන් භාවිතාකරමින් සිටි උපාංගයක් ඔස්සේ නිසි පරිදි signout වීමකින් තොරව තිබීමක් ඔස්සේ තවකෙකුට එම උපාංගය ඔස්සේ ඔබගේ ගිනුමට ඇතුලු වීමට අවස්ථාව ලැබීමය. Google වෙතින් පැවසෙන නිවේදනයක් පවසන්නේ තමන් තම භාවිතාකරන්නන්ගේ ගිනුම් සදහා පැමිනීම් පසුගිය දින 28ක් සදහා පිරිස්ස බලන්නට හදුන්වා දෙන Activity dashboard පහසුවක් හඳුන්වා දෙන බවකි. මෙම පහසුව සමග භාවිතාකරන්නෙකුට තම ගිනුමේ ආරක්ෂාව , two-step authentication සක්‍රිය කිරීම ඇතුලු පහසුකම් කිහිපයකින් සමන්විත වන අතර පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් එම පහසුව ඔබගේ Google ගිනුම සදහා සංක්‍රිය කර ගන්නට හැකි වනු ඇත.

http://g.co/accountcheckup

Windows 10 සමග FLAC ගොනු සදහාද සහය එනු ඇත….

  ප්‍රධාන මෙහෙයුම් පද්ධතියක සමග ඒ ඒ ගොනු වර්ග සදහා සහය දක්වන default විවෘතකරනයන් නොපැමිනීම විවිද ගැටලු ඇති කරවන්නකි. පලමුවෙන්ම භාවිතාකරන්නා හට විකල්ප මෘදුකාංගයක සහය සොයන්නට සිදුවේ. බොහෝ විට මෙසේ පැමිනෙන මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය සමග මුල් ස්වභාවයෙන් එන මෘදුකාංග මෙන් නොව විවිධ ගැටලු නොසැසදීම් සිදුවන අවස්ථා නිතර දැකිය හැක. මේනිසාම හදාරන්නන් නිතරම ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය සමග එන මෘදුකාංග වැඩි ගොනු වර්ග සදහ සහයක් දැක්වීම සහිතව පැමිනිම අගයනු දැකිය හැක. මේ ආකාරයේ මෘදුකංග අතර Wndows media Playerය කැපී පෙනෙන්නේ මොන ආකාරයක භාවිතාකරන්නෙකු හට වුවද media player අදාල වන නිසා වෙනි. මෙම මෘදුකාංගය සමග වැඩි ගොනු වර්ග ප්‍රමානයකට සහය දක්වන ස්වභාවයෙන් පැමිනීම සියල්ලන්ගේ හිත සුව පිනිස වනු ඇත.
හෙලි වන තොරතුරු වලට අනූව Windows 10 සමග එන මීඩියා ප්ලේයරය FLAC(‘Free Lossless Audio Codec’) ආකාරයේ ගොනු සදහා ද සහය දක්වන්නට සූදානම්ව පැමිනෙනු ඇති බවට කියවේ. මෙම codec ඔස්සේ මුල් ගොනුව 50-60% කට අකුලනු ලදුව අවශ්‍ය විටදී නැවත යතා ප්‍රමානයට ගෙනෙන්නට සහය වන තාක්ශනයක් වන අතර මීට පෙර කියවුනේ windows 10 සමග MKV ලෙසින් නම් වන තවත් ජනංප්‍රිය ගොනු වර්ගයකට සහය දැක්වීමද පැමිනෙන්නට නියමිත බවකි.

Browsers හා Privacy යාකරන Duckduckgo.com

    විටක හදාරන්නන් අන්තර්ජාලය වෙතට පිවිසෙන්නන් වර්ග දෙකකට වෙන් කරති. ඉන් එක කොටසක් නම් තම වෙබ් සැරියේදී Security හා Privacy පිලිබදව සැලකිලිමත් වන කොටස හා අනෙක් කොටස නම් එවැනි කාරනා පිලිබදව කිසිදු සැලකිල්ලක් නොදක්වන කොටස ලෙසටයි. බොහෝ වෙබ් ආශ්‍රිත ආයතනයන් තමන් වෙතට එන්නන්ගේ තොරතුරු ‍රැස්කරන්නට විවිධ හේතූන් මත කටයුතු කරන අතර බ්‍රවුසරයන්ද තම භාවිතාකරන්නාගේ තොරතුරු ‍රැස්කරන්නට කටයුතු කරනු දක්නට හැක. මෙම තොරතුරු ‍රැස්කිරීම ආකාරය කෙසේ වූවත් ප්‍රධාන අවශ්‍යතා දෙකක් සදහා යැයි ගොනු කරගන්නට හැකි වන අතර ඉන්පලමු වැන්න තම භාවිතාකරන්නාට වඩාත් පහසු සේවාවක් සදහා එම තොරතුරු ‍රැස්කර තබා ගන්නට පෙලබෙයි. බ්‍රවුසරය සමග නැවත වෙබ් සැරියකදී වඩාත් පහසුවෙන් අවශ්‍ය තොරතුරු ගෙන දෙන්නට සිට තම ආයතනයේ වෙබ් අඩවිය වෙත එන භාවිතාකරන්නාට වඩාත් ගැලපෙන සේවාවන් තොරා දෙන්නට දක්වා ඒවා විවිධ විය හැක. නමුත් ගැටලුව වන්නේ මෙම ‍රැස් කිරීම් ඔස්සේ භාවිතා කරන්නා වඩාත් ඉලක්ක කරගෙන වෙළඳ දැන්වීම් ‍රැගෙන ඒමේ සිට බ්‍රවුසර සෙයුමකදී වඩාත් නිරපේක්ෂ ප්‍රථිපල වෙනුවට අදාල භාවිතා කරන්නා පමනක් නොව ඔහුගේ සැබැදියාවන් පිලිබදවද වන තොරතුරු ඔස්සේ පෙරෙමින් පැමිනෙන තොරතුරු ඔස්සේ ඔහුව යම් ආකාරයකට සිරවීමක් කර වන්නට හැකි බැවිනි. සැබවින්ම මෙම තොරතුරු ‍රැස්කිරීමෙන් භාවිතාකරන්නා හට අත්වන පහසුවද අමතක නොකල යුතු වන්නේ ඒ ඔස්සේ ඔහුට අප්‍රිකාවේ සිට රාත්‍රී ආහාරය සදහා පීසාවක් ඇනයුම් කරන්නට සොයන විට නිව්යෝර්ක් වල ප්‍රකට අවන්හලක් සැවුම් ප්‍රතිපල වලට නො ඒම වීම උවත් සීමාව ඉක්මවන වෙළඳ අරමුනු වෙනුවෙන් මෙම ‍රැස්කිරීම් ඔස්සේ සිදුවීම සලකන විට යලිත් තත්වය ව්‍යකූල වේ.
Duckduckgo.com සර්ච් ඇන්ජිනය(search engine) මේ සදහා පිලිතුරක්ව මෑතකාලයේ භාවිතාකරන්නන් අතර බෙහෙවින් පිලිගැනෙමින් ඇති විසඳුමකි.තම භාවිතා කරන්නාගේ තොරතුරු හැකි අවම අයුරින් ‍රැස්කර තබන්නට මෙම සෙයුම් යන්ත්‍රය කටයුතු කිරීම ඊට ප්‍රධාන හේතුවකි. මෙම Duckduckgo.com සෙයුම් යාන්ත්‍රනය තම භාවිතාකරන්නාගේ locations, interests හෝ Browsing History තොරතුරු ‍රැස් නොකරන අතරම භාවිතාකරන්න ගේ පෞද්ගලිකත්වය සදහා ගෞරව කරන ආකාරයට ක්‍රියාත්මක වනු දැකිය හැක. මෙයත් සමග ක්‍රියාත්මක වන Adverts ප්‍රමානය අඩුවනවා සේම අවශ්‍ය නම් සම්පූනයෙන් නවතා දමන්නට එහි වන සැකසුම් සමග භාවිතා කරන්නාට හැකිවන අතර අවශ්‍ය නම් පමනක් ඔබගේ සෙයුම් ප්‍රථිපල සදහා Locations මැදිහත් වන ආකාරයට සැක්සුම් සකසා ගන්නටද අවස්ථාව වේ. (දෙවන කොටසට….)

හානිකරයන් හඳුනාගෙන ඉවත් කරන්නට සහය මෘදුකාංගයක්…

  මෙම SUPERAntiSpyware 6.0.1164 නොමිළේ භාවිතාකල හැකි සංස්කරනය ඔස්සේ Spyware, Adware, Malware, Trojans, Dialers, Worms, KeyLoggers, HiJackers ඇතුලු බොහෝ හනිකරයන් හාඳුනා ගන්නට හා ඉවත් කරන්නට සහයවනු ඇති බවට ඔවුන් පොරොන්දු වෙනවා. එසේම බිඳ වැටෙන Internet Connections පිලිසකර කරන්නට, Registry Editing වැනි දෛනික පරිගනක භාවිතාවේදී හමුවිය හැකි බොහෝ ගැටලු සදහාද මැදිහත් වන්නට මෙම මෘදුකාංගය සූදානම් බවටයි පවසා සිටින්නේ. මෙහි මුදල් ගෙවා ලබා ගත යුතු සංස්කරනයේ එන real-time blocking හෝ scheduled scanning පහසුව මෙහි නොමැති උවත් සමහර මේ අකාරයේ මෘදුකාංග සහය නොදක්වන දහස් ගනනක් හානිකරයන් ඉවත්කර දෙන්නට මෙම මෘදුකාංගය මැදිහත් වනු ඇත. වැඩි වේගයක් ඇති මේ ආකාරයේ මෘදුකාංගයක් ලෙසටද පිලිගැනෙන මෙහි වැඩි දියුනු කරන ලද නවතම සංස්කරනය පහත දැක්වෙන සබඳතාවය ඔස්සේ ඔබටත් ලබා ගත හැක.

http://cdn.superantispyware.com/SUPERAntiSpyware.exe

Posted in Software | Leave a reply

නොමිළේ ඇති Wi-Fi Hotspots හැමවිටම පහසුවක් නොවිය හැක…

   Wi-Fi Hotspots වේගයෙන් පැතිරයමින් පවතින ප්‍රවනතාවයක් දැකිය හැක. අයෙකුට නොමිළේම තම Eමේල පිරිස්සන්නට, වෙබ් අඩවි අතර සරන්නට මෙන්ම ගොනු හුවමාරුකරගන්න ලැබෙන මෙම අවස්ථාව විටක සාමාන්‍ය මට්ටමේ අවන්හල්වල සිට Airport වැනි ස්ථාන දක්වා විවිධ ආකාරයේ ස්ථාන වලට දැන් පැමිනෙමින් ඇත. භාවිතාකරන්නෙකුට අගනා අවස්ථාවක් ‍රැගෙන එම මෙම භාවිතාවේ සැගව එන අනතුරුදායක බවක් විටක භාවිතාකරන්නා නොදැනීම පවතී. විධිමත් තහවුරුවකින් (Authentication) තොරව ඇති වන දත්ත සබදතාවයක් ඔස්සේ සිදුවන මෙම භාවිතාව සමග hacker ආකාරයේ දත්ත පැහැර ගන්නෙකුටද හිතැති පරිසරයක් නිර්මාණය වන බව විටක ඔබ නොදන්නවා විය හැක. ඔබගේ උපාංගය එම සේවාව ලබා දෙන ආයතනයේ Wi-Fi Router අතරට පැමිනෙන දත්ත පැහැර ගන්නාගේ උපාංගය හරහා වන ලෙසට diverted කර ගැනීම ඔස්සේ ඔහුට පහසුවෙන් ඔබ විසින් කරන දත්ත හුවමාරුවේ පිටපතක් තබා ගන්නට හැකිවේ. මේ ආකාරයට පහසුවෙන් ඔබගේ බැංකු තොරතුරු අවසර පද ආදිය අන්සතුවීමට අවකාශයක් විවරවේ.
මෙවැනි ස්ථාන ආශ්‍රිතව පැමිනිය හැකි තවත් හානියක් වන්නේ මෙවන් ජාලයකට ඇතුලුවන Malware පතුර වන්නේකුට පහසුවෙන් එම ජාලය තුල ඇති උපංගයන්ගේ Model Noumbers වැනි තොරතුරු ‍රැස්කර ගැනීමක් ඔස්සේ ඔහු සතුවන ව්‍යාජ යාවත්කාලීන වැනි වැඩසටහන් පෙර කී උපකරන කරා ඒවායෙන් ලබා ගත් තොරතුරු අනූව් යොමු කිරීමේ හැකියාව ලැබීම වේ. Wi-Fi මෙන්ම File Sharing සැකසුම් වඩාත් පුලුල් සැකසුම් සහිත උපාංග සදහා මේ ආකාරයට හානිකරයක් ඇතුලු කිරීම පහර දෙන්නෙකුට බොහෝ විට සරල කාරනයක් විය හැක.
විටක සරල මෘදුකාංග භාවිතාවක් සමග එම ජාලය තුල සිදුවන ඊමේල් වැනි Text Form වලින් වන තොරතුරු පහර ගන්නෙකුට පහසුවෙන් විවෘත කර බලන්නට හැකිවීම තවත් ආකාරයක් ගත් අනතුරක් වන අතර මෙවැනි ස්ථන වලදී උපාංග සමග ඇතිවන සබඳතා Unencrypted වීම ඒ සදහා වඩාත් පහසුවක් වෙයි. මෙවැනි ස්ථාන වලදී වන භාවිතාවන් වඩාත් පෞද්ගලික මට්ටමේ ඒවා නොකර ගැනීම සරලව මෙවන් අනතුරු වලින් ගැලවී සිටින්නට පහසුවක් වන අතර පැමිනෙන හෝ පිටත්වන දත්ත ගොනු පිලිබදව අවධානයෙන් සිටීම මෙන්ම උපකරනයේ සැකසුම් ඔස්සේ එහි ආරක්ශිත බව උපරිමව තබා ගැනීමද ඉතා වැදගත් වේ.

මෘදුකාංග ස්ථාපනයකදී ඔබ සුරකින සහය මෘදුකාංගයක්..

   බොහෝ භාවිතාකරන්නන් නව මෘදුකාංග ස්ථාපනයකට පසුව මුහුන දෙන ගැටලුවක් වන්නේ තමන් විසින් බලාපොරොත්තු නොවූ අමතර මෘදුකාංග කිහිපයක්ම අවශ්‍ය කල මෘදුකාංග ස්ථාපනයත් සමග ස්වංක්‍රීයව ස්ථාපිතව තිබීමය. විටක එම අවශ්‍ය ස්ථාපනයෙන් පසුව විවිධ ලෙසට බ්‍රවුසරයන් ස්වංක්‍රීයව විවෘතව එම අඩවි වෙතට ගෙනයාම මෙන්ම තවත් විටක ඒවාට අදාල බගත වීම් ඇරබීම වැනි නෙක ආකාරයේ පහසුකම් සදහා පලමු විසදුම වන්නේ එම මෘදුකාංගය ස්ථාපනයේදී පියවරෙන් පියවර අවධානයෙන් සිටීම වුවද විටක ෂූක්ශමව සැගවී එන අමතර මෘදුකාංග ස්ථාපනයන්ද දැකිය හැකිය. මෙම සහය මෘදුකාංගය නොමිළේම ඔබගේ සහයට එන්නේ එවන් ආකාරයේ අපහසුකම් වලකාලන්නටය. එවන්මෘදුකාංග ස්ථාපනයේදී ස්වංක්‍රීයව අනවශ්‍ය මෘදුකංග වලට වන අවස්ථා unchecking කරමින් ඒවා වලකා දෙන්නට පමනක් නොව තවත් විටක අනතුරු අගවා සිටින්නට මෙම මෘදුකාංගය කටයුතු කරනු ඇත. එසේම අනවශය අංග සදහා ඔබ accept වීම වලකන්නට ද මෙම මෘදුකාංගය සහය වනු ඇත. පහත දැක්වෙන සබදතාවය ඔස්සෙ එම මෘදුකාංගයේ නවතම සංස්කරනය දැන් ඔබට ලබා ගන්නට හැක.

http://unchecky.com/files/unchecky_setup.exe

Posted in Software | Leave a reply

ආරක්ශිත වෙබ් සැරියකට බ්‍රවුසර මෘදුකාංගයක්….

  සුරක්ෂිත වෙබ් සැරියක් ලබා ගැනීම දිනෙන් දින සංකීර්න වෙමින් ඇති ගැටලුවකි. සරල මට්ටමේ සිට සංකීර්න ආකාර දක්වා වෙබ් සැරියකදී අප අපහසුතාවයට පමනක් නොව අනතුරකට කැදවන්නට සූදානමින් සිටිනා සයිබර් උපංක්‍රම වෙතින් ගැලවී සිටින්නට නම් විටක බොහෝ ආකාරව මෘදුකාංග ස්ථාපනයකර ගෙන සිටින්නට සිදුවේ. මේ සදහා පහසු භාවිතාවක් ලෙසට එන එක් විසඳුමක් ලෙසට මෙම Chromium technology මත නිර්මානය වන Comodo Dragon බ්‍රවුසර මෘදුකාංගය සැලකිය හැක. වඩාත් සංකීර්න security හා privacy ආකාරවලින් සමන්විත මෙම බ්‍රවුසර භාවිතාව සමග SSL certificates ගැටලු , අනවශ්‍ය cookies ගැටලු මග හැරීම , Web spies ඉක්මවා යාම , download tracking මග හැරිම ආදී ලෙසට වන බොහෝ අංග වලින් සමන්විත බවටයි විස්තර වන්නේ. සරලව ඔවුන් මෙම මෘදුකාංගය විස්තර කෙරෙන්නේ Google Chrome වල වන සියලු යහපත් අංග සමග වැඩි දියුනු කරන ලද ආරක්ෂිතබව ‍රැගෙන එන බ්‍රවුසර මෘදුකාංගයක් බවයි.

http://download.comodo.com/dragon/DragonSetup.exe

Posted in Software | Leave a reply

Apple Pay හඳුනා ගනිමු…

   Apple Pay පසුගිය දිනවල පැමිනි බෙහෙවින් කථාබහට ලක්වෙමින් ඇති Apple ආයතනය හදුන්වා දෙන වඩාත් සුරක්ෂිත payment system එකකි. එය iOS 8.1 යාවත්කාලීනයත් සමග පැමීනෙන සේවාවක් වන අතර දැනට US වලට භාවිතයට පැමින ඇති හා එලබෙන වසරේදී අනෙකුත් රටවලටද ක්‍රමයෙන් භාවිතාවට පැමිනෙන්නට නියමිත පහසුවකි. මෙය NFC ආකාරයට ක්‍රියාත්මක වන සේවාවක් වන අතර භාවිතාකරන්නාගේ Credit හෝ Dibet card ඔස්සේ තම ගෙවීම් පහසුවෙන් හා සුරක්ෂිතව කරන්නට සහය වන්නක් බවට පැහැදිලි කෙරේ. සරලව පැහැදිලි කෙරෙන්නේ Passbook app ස්ථාපනයෙන් අනතුරුව තම ගෙවීම් කාර්ඩ් පත් තොරතුරු ලබාදීමත් සමග පහසුවෙන් එය භාවිතාවට සූදානම් වන අතර ගෙවීම් කලයුතු ආයතනයක Credit Card Reader එකක් අසලට තම දුරකථනය ලංකිරීමත් දුරකථනයේ වන Apple’s Touch ID button වෙතට භාවිතාකරන්නගේ ඇගිලිතුඩ තබා අනන්‍යතවය තහවුරු කිරීමත් පමනක් වන අතර අමතර Pin වැනි තොරතුරු හුවමාරුවකින් තොරව එම ක්‍රියාවලිය සම්පූර්න කරන්නට හැකි වන බවටයි.
දුරකථනයේ චිප් පතෙහි අඩංගුවන එම කාර්ඩ් පත් පිලිබද තොරතුරු encrypted මට්ටමේ වන නිසා Hack වැනි අනතුරක් ඔස්සේ එම තොරතුරු අන්සතුවීම මෙන්ම දුරකථනය අස්ථාන ගතවීමකදී එම තොරතුරු බාහිරට ලබා ගැනීමේ හැකියාවකින් තොරවන අතර එවැනි අවස්ථාවකදී Find My iPhone වැනි ටූලයක් ඔස්සේ වෙනත් බ්‍රවුසරයක සිට දුරකථනය සම්පූර්නයෙන් Lock කර දමන්නය හැකිවීම ඔස්සේ වඩාත් සුරක්ෂිත බවක් ලැබේ. සිදුවන සැම ගනුදෙනුවක් ඔස්සේම Apple ආයතනයට ආදායමක් ඉපයෙන මුත් ආයතනය පවසන්නේ තම් Apple servers වල මිලදී ගැනීම් පිලිබදව වැනි කිසිදු තොරතුරක් ‍රැස් නොව්න ලෙසට මෙම ක්‍රමවේදය වන බවයි. Card පත් ගෙවීම් යුගයේ සිට Contactless ආකාරයට වන මෙම නව ගෙවීම් යුගය වඩාත් පහසු සුරක්ෂිත වනු ඇති බවටයි විචාරනය වන්නේ.

Posted in Apple | Leave a reply